3.7 C
New York
Tuesday, March 19, 2024

Buy now

spot_img

පොලිසියේ පහරදීමකින් මාධ්‍යවේදිනී මධූ ඈන් රණවීර රෝහල් ගත කරයි

මාධ්‍යවේදිනියක හා පාරම්පරික වෛද්‍යවරියක වන මධූ ඈන් රණවීරට පමුණුගම පොලිසියේ නිලධාරීන් විසින් කළ පහර දීමක් හේතුවෙන් මේ වන විට රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
‘ඥානාර්ථ ප්‍රදීප’ පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ ඇය ‘ඥානාර්ථ ප්‍රදීප ලේඛක සංසදයේ’ ක්‍රියාකාරී සාමාජිකාවක ද වේ.
ආචාර්ය ගරු සික්ස්ටස් කුරුකුලසූරිය පියතුමා අධ්‍යක්ෂධුරය දරන පාරම්පරික වෛද්‍ය සංගමයක් මඟින් සංවිධානය කළ වෛද්‍ය සායනයකට පසුව ඇයව පමුණුගම පොලීසියට රැගෙන ගොස් පුටුවකින් සහ පයින් පහර දෙමින් අපහාස වන අයුරින් පරුෂ වචනයෙන් බැනවදිමින් කටයුතු කර තිබෙන බවට ඇය කළ පැමිණිල්ලේ සඳහන්වේ.
මාධ්‍යවේදිනියකට නොව කිසිම කාන්තාවකට පහරදීම අපහාස කිරීම පිළිකුල් සහගතව හෙළා දැකිය යුතුය.නීතිය සුරකින ආයතනයක නිලධාරීන් මේ අයුරින් කටයුතු කිරීම රටක මානව අයිතීන් දරුණුලෙස උල්ලංඝනය වීමක් වන අතර මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා ප්‍රමුඛ නිලධාරීන් වෙත බලකිරීමට කටයුතු කරන බව මේ සම්බන්ධව අදහස් පළ කළ මානව හිමිකම් ක්‍රියාකාරීහු රැසක් https://thewoman.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.

Related Articles

Stay Connected

0FansLike
3,589FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles