Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
සම්මුඛ පරීක්ෂනයක් අතරතුර දී හැසිරිය යුතු ආකාරය

සම්මුඛ පරීක්ෂනයක් (interview) අතරතුර දී ඔබ හැසිරෙන ආකාරය සහ ඔබේ BODY LANGUAGE මඟින් ඔබේ චරිත ස්වභාවය, ආත්ම විශ්වාසය, අන් අය සමඟ ගනුදෙනු කිරීමට ඔබට ඇති හැකියාව ආදී නොයෙකුත් දේ පිළිබඳව පුර්ණ නිගමනයකට එළඹිය හැකියි. ඔබට කොතරම් උසස් ගණයේ අධ්‍යාපන සහතික, චරිත සහතික ආදී කොතරම් දේ තිබුනත් ඒ සෑම සුදුසුකමකටම වටිනාකම ලැබෙන්නේ සම්මුඛ පරීක්ෂණයක් අතරතුර දී ඔබේ හැසිරීමත් උසස් මට්ටමක තිබුනොත් පමණයි. ඉතින් අපි විමසා බලමු සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමේදී ඔබ විසින් අවධානය යොමු කල යුතු ඔබේ හැසිරීම් රටා කිහිපයක් පිළිබඳව.     නියමිත වෙලාවට මිනිත්තු 15කට පමණ පෙර අදාළ ස්ථානයට…

Read More

Posted in Education Comments Off on සම්මුඛ පරීක්ෂනයක් අතරතුර දී හැසිරිය යුතු ආකාරය
ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය 01 – කොටස

ළමයින් වැඩිහිටියන් වන විට බොහෝ දේ ඉගෙනගන්නේ පාසලෙන්, දෙමවුපියන්ගෙන් සහ බොහෝවිට සමාජයෙන්. තාරුණ්‍ය, යෞවනය පහු කරගෙන වැඩිහිටියෙක් බවට පත්වන විට ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය වුවත් ප්‍රජනක සෞඛ්‍ය ගැන තිබෙන දැනුම ඉතා අල්පයි. ප්‍රජනක සෞඛ්‍ය ගත්තම එහි තියෙන ප්‍රධානතම දේ තමයි දැනුම, ආකල්ප, පුරුදු සහ කුසලතා . මේ මත අපේ චර්යාවන් වෙනස් වෙනවා. අදටත් අපේ සමාජයේ ලිංගිකත්වය කියන්නේ තහනම් විෂයක්. අපි ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නවා ලිංගිකත්වය ගැන දැනගත්තොත් හරි ඒ ගැන අපි ඉගෙන ගත්තොත් ඒ අය වැරදි මඟට පෙළඹෙයි කියලා. ඇත්තටම එක වැරදි අදහසක් කියල තමයි පාසල් වලත් දෙමවුපියනුත් ලිංගිකත්වය ළමයින්ට…

Read More

Posted in Education Comments Off on ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය 01 – කොටස
මොකක්ද මේ පුරවැසි මාධ්‍යකරණය

පුරවැසි මාධ්‍යකරණය යනු වෘත්තීය ජනමාධ්‍යවේදීන් පුහුණු නොවූ පුද්ගලයන් විසින් ප්‍රවෘත්ති සහ තොරතුරු එකතු කිරීමත්, ලිවීමත්, සංස්කරණය කිරීමත්, නිෂ්පාදනය කිරීමත් හා බෙදාහරිමත් ලෙස සලකණු ලබයි. පුරවැසි මාධ්‍යවේදීන් යනු, වෘත්තිකයන් නොවන බ්ලොග්, විකි සහ හුවමාරු වෙබ් අඩවි මත ටැබ්ලට්, ලැප්ටොප් පරිඝනක, ජංගම දුරකථන සහ ඩිජිටල් කැමරා සහ වෙනත්, ජංගම දුරකථන සහ රැහැන් රහිත තාක්ෂණයන් භාවිතා කරමින් ප්‍රවෘත්ති එකතු කරන, විශ්ලේෂණය කරන සහ පතුරුවන පුද්ගලයින් කොටසකි. අතීතයේදී අපි සිදු කලේ පුවත්පත්, ගුවන් විදුලිය සහ රුපවාහිනිය මඟින් ලබා ගත් ප්‍රවෘත්ති පරිභෝජනය කිරීම පමණි.නමුත් වර්තමානයේ අප ජනමාධ්‍යවේදීන් වාර්තා කරන ප්‍රවෘත්ති නරඹනවා පමණක් නොව එම ප්‍රවෘත්ති…

Read More

Posted in Education Comments Off on මොකක්ද මේ පුරවැසි මාධ්‍යකරණය
සා /පෙළ සහ උ/පෙළ අවසන් වූ ඔබටත් වෘත්තීය පුහුණු අවස්ථා

මේ දිනවල පාසල් යන දු දරුවන් අ.පො.ස ස/පෙළ වගේම අ.පො.ස උ/පෙළ ප්‍රතිපල නිකුත් වී විවේකිව කාලය ගත කරන අතරතුර මේ විවේකි කාලය කෙසේද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කරගැනීම සහ ඔවුන්ගේ අනාගතය සොයාබැලීමට වෘත්තීය මාර්ගෝපදේශන පාඨමාලාවන් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. ශ්‍රී ලංකා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්යංශය යටතේ ක්‍රියාත්මක වන තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව (Tertiary and Vocational Education commission) විසින් මේ වන විට ඔබ වෙනුවෙන් වෘත්තීය පාඨමාලාවන් රැසක් ආරම්භ කර ඇත. එම පුහුණු ආයතන කිහිපයක හා පාඨමාලා කිහිපයක තොරතුරු පහත දැක්වේ. 01.ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය (කාර්මික…

Read More

Posted in Education Comments Off on සා /පෙළ සහ උ/පෙළ අවසන් වූ ඔබටත් වෘත්තීය පුහුණු අවස්ථා
හරිම විදිහට bio data එක හදන විදිහ

හොඳම රැකියාවක් ජීවිතයේ ඇති තවත් එක් සිහිනයකි. බොහෝ දෙනෙකුට රැකියා සිහිනය යථාර්තයක් කර ගන්නට උත්සහ කරන්නේ අධ්‍යාපනය නිමකිරීමෙන් පසුවයි. අධ්‍යාපනය අවසන් කරන ඔවුන් ජිවදත්ත පත්‍රිකා සදා ගැනීමට යුහුසුළු වේ.ඉක්මනිම ජීවදත්ත පත්‍රිකාවක් සදා ගැනීමට ගන්න උත්සාහය නිසා ඔබ සාදන ජාව දත්ත පත්‍රිකාව සාර්ථක එකක් විය නොහැකියි. “cv සීයක් විතර දැම්මා.එත් එකකින් වත් කතා කරේ නැ ” “මට එක එපා වෙලා” මෙසේ කලකිරීමෙන් කතා කරන්නේ ඔබේ ජීවදත්ත පත්‍රිකාවේ තියන අඩුපාඩු නිසයි. නිවැරදිව ජීවදත්ත පත්‍රිකාවක් හදන්නේ කොහොමද? ජීවදත්ත පත්‍රිකාව සැකසීමට හෝ අවධානයට ඔබ අධ්‍යාපනය හදාරා නිමකළ ආධුනිකයෙකු නම් ජීවදත්ත පත්‍රිකාව පිළියෙළ කිරීමට පෙර මේ…

Read More

Posted in Education Comments Off on හරිම විදිහට bio data එක හදන විදිහ
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.