Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
පරිඝනක අපරාධ පනත ගැන ඔබ දැනුවත් ද

” නීතිය ” මෙය ප්‍රවේශමෙන් විග්‍රහ කර ගත යුතු වචනයක්. එසේම ලෝකයේ සෑම තැනකම ජිවත්වන අප සියලු දෙනාටම එක ලෙසින් වැදගත් වන මාතෘකාවක්. නිවසේ මිණි පහන වන කාන්තා ඔබ, රටේ නිතිය පිළිබඳව දැන සිටීම අත්‍යවශ්‍ය කාරණාවක් වන නිසාම යි. නුතන පරිඝනක යුගයේ ජිවත්වන ඔබේ ආරක්ෂාව පතා රට තුල පවතින නීති පද්ධතිය පිළිබඳව බොහෝ දෙනෙකු නොදන්නා තරම්. 2017 අංක 24 දරණ පරිඝනක පනත පිළිබඳව මෙලෙසින් අපි ඔබව දැනුවත් කරනු ලබන්නේ එබැවිනුයි. ” පරිඝනක අපරාධ ” මෙය අනාධිමත් කාලෙක සිට ලෝකයේ පැවති දෙයක් නොවේ. එය වර්තමානයේ පවතින විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව හේතුවෙන්…

Read More

Posted in Rights Comments Off on පරිඝනක අපරාධ පනත ගැන ඔබ දැනුවත් ද
සයිබර් අවකාශීය ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා

මොකක්ද මේ සයිබර් ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා කියන්නේ? මින් අදහස් වන්නේ කාමුක දර්ශන ළමයි ඇතුලත් අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම දීර්ඝ කාලයක් මුළුල්ලේ අන්තර්ජාලය හරහා කරන බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම, අවසරයකින් තොරව ගැහැණු ළමයින් සහ කාන්තාවන්ගේ නුසුදුසු ජායාරුප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරීමය. සමාජ මාධ්‍ය ජාල සහ වෙබ් අඩවි හරහා කාන්තාවන් සහ ගැහැණු ළමයින් බිය වැද්දවීමද මෙයට ඇතුලත් ය.   මේ සඳහා ඔබට කළ හැක්කේ කුමක්ද? ජායාරුප සහ / හෝ පුද්ගලික තොරතුරු හුවමාරු කරගැනීමේදී ආරක්‍ෂිත පියවර අනුගමනය කරන්න. එමෙන්ම එකී තොරතුරු විශ්වාසවන්ත පුද්ගලයින් සමඟ පමණක් හුවමාරු කරගන්නා බවට සහතික…

Read More

Posted in Rights Comments Off on සයිබර් අවකාශීය ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා
දඬුවම ලැබිය යුත්තේ ගැහැණිය ද

එදාට වඩා අද සමාජය වෙනස් ය. එය හොඳ හෝ නරක කෙසේ වුවද වෙනසක් ඇති බව ඔබට ද වැටහෙනු ඇත. තරුණ වියේ දී විවාහ වීම බොහෝ තරුණ තරුණියන්ගේ සිහිනයකි. එහෙත් ඒ සිහිනයට අද අත් වී ඇති ඉරණම බැලිය යුත්තේ උසාවියක් අසලට ගොස් ය. ආදරය, ප්‍රේමය, මනුස්සකම් යනාදී හැඟීම් නීතියට අනුව විග්‍රහ කළ නොහැකි ය. නීතියට අනුව අපට සිදු වූ දේ හෝ සිදු විය හැකි දේ තර්කානුකූලව විග්‍රහ කළ හැකිය.   එහෙත් සමාජයේ වෙනසට තුඩු දී ඇති බොහෝ දෙයට නීතියේ හව්හරණක් ලැබීමට හැකියාව ඇති ද? යන්න අපට ද ඇති වූ ගැටලුවකි. ආදරයේ…

Read More

Posted in Rights Comments Off on දඬුවම ලැබිය යුත්තේ ගැහැණිය ද
ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද

ද්වි විවාහය හෝ බහු විවාහය – දණ්ඩ නීති සංග්‍රහයේ 362 වගන්තිය වරක් විවාහ වී ඇති පුරුෂයකු හෝ කාන්තාවක තම විවාහය වලංගුව පවතිද්දී සහ තම නිත්‍යානුකුල බිරිඳ හෝ පුරුෂයා ජීවත්ව සිටියදී දෙවන විවාහයක් කරගනී නම් ඔහු හෝ ඇය ද්වි විවාහ චෝදනාවට වැරදිකරු වෙයි. තමා සමග නිත්‍යානුකුල විවාහ නොවූ යම් ස්ත්‍රියකට ඇය තමා සමග නිත්‍යානුකුල විවාහ වූ බව වංචා සහගතව විශ්වාස කරවමින් එම විශ්වාසය අනුව තමා සමග ලිංගික සංසර්ගයෙහි යෙදීම සිදු කරවන සෑම මිනිසෙකුටම අවුරුදු 10ක කාලයක් දක්වා සිර දඬුවම් නියම කළ හැක. තම පළමු විවාහය පිළිබඳව කරුණු සැඟවීමෙන් යමෙක් වෙනත් විවාහයක් කරගත් විට අවුරුදු 10 දක්වා…

Read More

Posted in Rights Comments Off on ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි

ස්ත්‍රී දුෂණය ( Rape ) – දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය   * 1995 අංක 22, 1998 අංක 29, දරන පනත් මඟින් දණ්ඩ නීති සංග්‍රහයට කරන ලද සංශෝධන මඟින් ස්ත්‍රී දුෂණය පිළිඹඳ වරද සහ එයට හිමි දඬුවම් දැඩි කොට ඇත. * එම සංශෝධනය අනුව පහත සඳහන් එක් අවස්ථාවකට අයත් වන පරිදි පුරුෂයෙක් ස්ත්‍රියක සමඟ ලිංගික සංසර්ගයේ යෙදේ නම් ඔහු ස්ත්‍රී දුෂණය නමැති වරද සිදුකළා සේ සැලකේ. 1) ස්ත්‍රිය තමාගේ භාර්‍යාව වන අවස්ථාවක වුවද ඇය ඔහුගෙන් නීති මාර්ගයෙන් වෙන් වී සිටියදී අගේ කැමැත්ත නොමැතිව. 2) බලහත්කාරය පාවිච්චි කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන්…

Read More

Posted in Rights, Rights Comments Off on කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි
විවාහක කාන්තාවන්ගේ දේපල අයිතිය සහ ගිවිසුම් අයිතිය

1879 වෛවාහක අයිතිවාසිකම් සහ උරුමය පිළිබඳ ආඥා පනත සහ 1923 වෛවහකගත ස්ත්‍රීන්ගේ දේපල ආඥා පනත මගින් දේපල සහ ගිවිසුම් සම්බන්දයෙන් විවාහක කාන්තාව මත පනවා තිබු සිමා බන්ධන සියල්ල අහෝසි කරන ලදී. මේ අනුව වර්තමාන නිතිය යටතේ 1) විවාහක කාන්තාවකට ස්වාමියාගේ අවසරය නොමැතිව ගිවිසුම් වලට එළඹිය හැක. 2)ස්වාමිපුරුෂයාගේ අවසරය නොමැතිව තම දේපල අන්සතු කලහැකිය. 3)තම දේපල සිතැති පරිදි අන්තිම කැමති පත්‍රයකින් පැවරිය හැකිය. 4)තම පෞද්ගලික දේපල ස්වාමි පුරුෂයාගේ කැමැත්ත නොවිමසා තනිව පරිපාලනය කිරීමේ අයිතිය ඇත. 5)තමාට ලැබෙන වැටුප් හෝ ආදායම් තම සිතැගි පරිදි පරිහරණය කල හැක.  කාන්තාවන් සේවයෙහි යෙදවීමේදී බලපාන නීති (Laws relevant…

Read More

Posted in Rights Comments Off on විවාහක කාන්තාවන්ගේ දේපල අයිතිය සහ ගිවිසුම් අයිතිය
කාන්තාවන් කෙරෙහි බලපාන මුලික අයිතිවාසිකම් නිතිය

වර්තමානයේ අප රටේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයෙන් පහත සඳහන් අයිතීන් මුලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන ඇති අතර එම අයිතීන් විධායක හෝ පරිපාල ක්‍රියාවක් මගින් කඩ වූ විට දින 30ක් ඇතුලත ශේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිමත් කල හැකිය. මුලික අයිතීන් සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සිමා කිරීම් වලට යටත්ව පුරුෂයන් හා සමානව සම කාන්තාවකටම හිමිය. කිසිම පුරවැසියකුට වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන ස්ථනය හෝ වෙනත් එබඳු හේතුන් මත වෙනස්කමක් නොකළ යුතුය.[12(2)ව්‍යවස්ථාව] කාන්තාවන්ගේ නඩත්තු අයිතිය (Women’s Maintenance Rights) 1999 අංක 37 දරන නඩත්තු පනත…

Read More

Posted in Rights Comments Off on කාන්තාවන් කෙරෙහි බලපාන මුලික අයිතිවාසිකම් නිතිය
කාන්තා අයිතීන්ද මානව අයිතීන් වේ

 කාන්තා අයිතීන් කෙරෙහි පටු ලෙස බලන අයගේ විශ්වාසය වන්නේ අයිතීන් යනු කාන්තාවක් ලෙස උපත ලබා ඇති නිසාම ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයක් හෝ අසාධාරණ වාසියක් බවය.නමුත් මනුෂයන් වශයෙන් සියලු දෙනාටම හිමිවිය යුතු මානව අයිතිවාසිකම් පිරිමින්ට මෙන්ම ගැහැනුන්ට ද ලැබිය යුතුය.ඒම නිසා සියලු සැකයකින් තොරව කාන්ත අයිතීන් මානව අයිතීන් ලෙස පිළිගත් හැක.මේ අනුව පවතින නිතිය මගින් හෝ නීතිමය ආයතන මගින් කාන්තාවන් යටහත් භාවයට පත්කරමින් ඔවුනසමන සැලකුම් වලට භාජනය කරන්නේ නම් කැදවන්නේ හුදු කාන්ත අයිතීන් පමණක් නොවේ.මේ මගින් මානව අයිතිවාසිකම් ද උල්ලංඝනය වේ.  කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන්  (International Standards relating to Women’s Rights) කාන්ත අයිතීන් කෙරෙහි වැදගත් වන ශ්‍රී ලංකාව විසින්…

Read More

Posted in Rights Comments Off on කාන්තා අයිතීන්ද මානව අයිතීන් වේ
කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන් කෙරෙහි බලපාන නීති

අපේ රටේ වර්තමාන සමස්ත ජනගහණයෙන් කාන්තා ප්‍රතිශතය 50% ද ඉක්මවයි. කාන්තා අධ්‍යාපනය සහ ශ්‍රම දායකත්වය ද සැලකිය යුතු මට්ටමකින් වැඩි දියුණු වී ඇත. නමුත් “නීති සාක්ෂරතාව”එනම් තමාගේ අයිතීන් ආරක්ෂා කරගැනීමට ගතයුතු නීති ක්‍රියාමාර්ග, යා යුතු ආයතන හා නීතිමය ප්‍රතිකර්ම පිළිබඳව කාන්තාවන්ගේ දැනුවත් භාවය තව දුරටත් වර්නධය විය යුතුව පවතී. කාන්තා හිංසනය පිළිබඳ නිරන්තර කතාබහක් අප සමාජය තුළ පවතී. නමුත් එක් අතකින් මෙම හිංසනයන්ගෙන් පීඩාවට පත්වන බොහෝ කාන්තාවන් ඒ සඳහා නීතිමය ප්‍රතිකර්ම ලබාගත හැකි බව නොදන්නා අතර, තවත් සමහරු ඒ පිළිබඳව දැනුවත්ව සිටියත් සමාජයීය, සංස්කෘතික, ආර්ථික ගැටළු නිසා ඔවුන්ට එම නීති…

Read More

Posted in Rights Comments Off on කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන් කෙරෙහි බලපාන නීති
දූෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවරදිකරුවන් කරන මිත්‍යයා මත

විවිධ අපයෝජන, දුෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපයෝජනයක් වීමට හේතු හා බැදුනු විවිධ මිතය්‍යා මත සමාජය තුළ බහුලව පවතී. කැමැත්ත (consent), දුෂණයට ලක්වන පුද්ගලයා පිළිබදව හා දුෂණය කළ පුද්ගලයා පිළිබද විවිධ මත ඒ ඔස්සේ සමාජය තුළ ගොඩනැගී ඇත. සමාජය දරන මෙම මතවලට ඉමක් කොනක් නොමැත. මෙම මතවාද හා බොහෝ දුරට වෛරය මිශ්‍ර මිත්‍යා මත ගැබ්ව ඇත. එය බොහෝවිට එල්ල්වන්නේ කාන්තාව දෙස හා එය ඇයගේ වැරැද්දක් ලෙසයී. මෙම මත පිළිබිඹු නොවන තැනක් නැති තරම්. පාසල් ක්‍රීඩා පිට්ටනීයේ සිට සේවාස්ථානවල, මාධ්‍යවල, දේශපාලනයතුල, නීති පද්ධතිවල හා තම නිවෙස්වල මෙම මත සුලභයී. එදිනෙදා හමුවන බොහෝ අය…

Read More

Posted in Rights Comments Off on දූෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවරදිකරුවන් කරන මිත්‍යයා මත
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.