Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
සුමිත්‍රයෝ ඔබ ලගින්ම සිටින විශ්වාසවන්තම මිතුරා

සුමිත්‍රයෝ අරම්භය ජෝන් ද මෙල් නැමැති කාන්තාව විසින් 1974දි සිදුවිය.  එදා සිට අද දක්වාම වර්ෂයේ දින 365 දීම (පෝය ඇතුළු සියළු නිවාඩු දිනයන් ඇතුළුව) උදේ 9 සිට  රාත්‍රී 8 දක්වාම වසර 44ක් නොකඩවා අපගේ සමාජයේ විවිධ පුදගලයන් මුහුණ දෙන එදිනෙදා ජීවිතයේ ඕනෑම ගැටළුකාරී අවසතාවන්ට මානසික සහනය සපයන ස්වෙචා සංවිධානයකි.   සුමිත්‍රයෝහි ස්වෙච්චා සේවකයන් අප ආයතනය වෙත සහනයක් බලාපොරොත්තුවෙන්  පැමිණෙන ඕනෑම කෙනකු හට බොහෝ සුහදව පිළිගෙන ඔවුන්ගේ අසහනකාරී ගැටළු සාවදානව ඇහුම්කන්දී ඔවුන් සමග ඒ සම්බන්ධව ගැටලුවෙන් මිදීමට විකල්ප මාර්ග සාකච්චා කර ඔවුන්ගේ මානසික තත්වය ශක්තිමත් කරයි.   සුමිත්‍රයෝ ආයතනය සමග එදිනෙදා…

Read More

Posted in Mental Health Comments Off on සුමිත්‍රයෝ ඔබ ලගින්ම සිටින විශ්වාසවන්තම මිතුරා
මෝහන ප්‍රතිකාරයේ විශ්මය

” ස්වාපනය “ නොඑසේ නම් මෝහන නිද්‍රාවට පත් කිරීම තුළින් විවිධ වූ මානසික රෝග පිඩාවන්ට සහනය ලැබිය හැකි බව ඔබත් අසා ඇති. මෙලෙස නින්දකට පත් කිරීමෙන් සැබෑ ලෙසම මානසික රෝග සුවපත් කරන්නේ කෙසේද? මෝහනය යන්නෙන් සැබෑ ලෙසම අදහස් වන්නේ කුමක්ද? සිදු කරන්නේ කෙසේද? මෝහන විද්‍යාවෙන් මානසික රෝග සුවපත් කිරීම සැබවින්ම විද්‍යාවක් ද? නොඑසේ නම්, එය කිසියම් විජ්ජාවක් ද? ඒ සඳහා ගුප්ත බලයක් පවතින්නේ ද ? මේ පිළිබඳව බස්‌නාහිර පළාත් මෝහන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ මනෝ උපදේශක ගුණසේකර මුදලිගේ මහතාගේ අදහස් …   මෝහනය කිරීම ගුප්ත ශාස්ත්‍රය මත පදනම් වූ කාරණාවක් ද?   නැහැ….

Read More

Posted in Mental Health Comments Off on මෝහන ප්‍රතිකාරයේ විශ්මය
විශාදය වැඩිපුර හැදෙන්නේ කාටද

පුද්ගලයෙකුගේ යහ පැවැත්මට ඒ පුද්ගලයාගේ මානසික සෞඛය ගොඩාක් වැදගත් වෙනවා. විශාදය කියන්නේ අද සුලබව දකින තියන මානසික තත්වයක්. එය පුද්ගලයකුගේ යහපත් මානසික සෞඛ්‍යයට බාධාවක්. කාන්තාවක් ගත්තම පුරුෂයෙක්ට වඩා විශාදය හැදෙන ප්‍රවණතාවය දෙගුණයකින් වැඩියි. විශාදය හඳුනා ගැනීම වැදගත්. එහිදී සිතේ ඇතිවන අධික දුක්බර ගතියට අමතරව තවත් විවිධ රෝග ලක්ෂණ තියනවා. සමහර අයට විශාදය ඇති විට දැවිල්ල (පිච්චෙන) ගතිය හෝ විවිධාකාර වූ ශරීරයේ කැක්කුම් / වේදනා හා අපහසුතා ඇතිවිමට පුළුවන. විශාදයේ දකින රෝග ලක්ෂණයන් 1) ආහාර අරුචිය – ආහාර කෑමට කිසිදු ආශාවක් නැහැ. 2) සිය දිවි නසා ගැනීමේ හැඟීම් ඇති වීම. 3)…

Read More

Posted in Mental Health Comments Off on විශාදය වැඩිපුර හැදෙන්නේ කාටද
බැඳලා මාස හතයි. ලිංගිකව එකතුවෙලා නැහැ. දැනගන්න කියවන්න

මම ගයානි. අවුරුදු 27ක් වන මම සම්පත් සමඟ විවාහ වෙලා දැනට මාස 07ක් වෙනවා. ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයෙක්. අපි යෝජිත විවාහයකින් විවාහ වුනේ. විවාහ වුවත් මාස 07ක් යන තුරු අපි ලිංගිකව එකතු වුනේ නැහැ. සම්පත් මගේ ළඟට එනකොට මට පුදුමාකාර බයක් දැනෙන්නේ. ඔහු මාත් එක්ක ලිංගිකව එකතු වෙන්න උත්සහ කරනකොට මට බයක් සහ රිදීමක් ඇති වෙනවා. ඉතින් මම හැමවිටම ඔහුව ප්‍රතික්ෂේප කරනවා. මගේ මේ බිය සහ රිදෙන සුළු බව නිසා සම්පත් මට ලිංගිකව එකතු වෙන්න කියා කවදාවත් බල කලේ නැහැ. මාස 07ක් යනතුරුත් අපි අතර කිසිම ලිංගික එක්වීමක්…

Read More

Posted in Mental Health Comments Off on බැඳලා මාස හතයි. ලිංගිකව එකතුවෙලා නැහැ. දැනගන්න කියවන්න
කායිකව එක් නොවුනත් තවමත් චිත්ත බැඳීම ශක්තිමත් වූ අඹුසැමි යුවලකගේ සත්‍ය කතාවක්

මම නිම්මි. වයස අවුරුදු 34යි. මම විවාහ වෙලා දැනට අවුරුදු 05ක් වෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු 04යි, පුතාට අවුරුදු 02යි. දැනට අවුරුද්දකට විතර කලින් නොකළ වරදකට මගේ සැමියාට එයාගේ රැකියාව අහිමි වුණා. එතන ඉඳන් තමයි මේ ප්‍රශ්ණ සේරම පටන් ගත්තේ. රැකියාව නැතිවුනාට පස්සේ අපිට ආර්ථික ගැටළු ආවා. ආදායම් මාර්ගයක් අවශ්‍ය නිසා මම “online” රැකියාවකට සම්බන්ධ වුණා. කලින් මම තමයි ගෙදර ඉඳගෙන දරුවෝ දෙන්න බලාගත්තේ. අපිට අපේම ගෙදරක් තියනවා. උයා පිහා ගෙදර වැඩ කරන්න වලට උදවු කරන්නට කාන්තාවක් ඉන්නවා. දැන් මගේ රැකියාවෙන් හොඳ ආදායමක් ලැබෙනවා. එත් මම වැඩ කරන වෙලාවට දරුවෝ…

Read More

Posted in Mental Health Comments Off on කායිකව එක් නොවුනත් තවමත් චිත්ත බැඳීම ශක්තිමත් වූ අඹුසැමි යුවලකගේ සත්‍ය කතාවක්
සියදිවි නසාගන්න ගිය තරුණියක් බේරුන හැටි

ජිවිතයේ අපි නොහිතන වෙලාවල් වල නොහිතපු බිඳවැටීම් සිද්ධවෙනවා. අපි කොච්චර කැප කිරීම් සිදු කලත් සමහර දේවල් අපිට ලබාගන්න බැහැ. ආදරය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. එයාට ආදරේ කරලා එයා මව දාලා ගියාට පස්සේ මට ජීවත් වෙලා වැඩක් තියනවද? මට හිතුනේ එච්චරයි. මේ මගේ කතාවයි මම ස්නේහා. මට අවුරුදු 26යි. පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ ෆසාල් කියල මුස්ලිම් පිරිම් ළමයෙක් එක්ක මගේ ආදර සම්බන්දතාවයක් තිබුනා. අවුරුදු 2ට පස්සේ අපි අතර පොඩි පොඩි රණ්ඩු ඇති වෙලා අපේ සම්බන්ධය නැවතුනා. හැබැයි ආපහු එය මගේ ලඟට ආවා. එයාට ඕනි වුනේ මාව මුස්ලිම් ආගමට හරවගන්නයි. එයා…

Read More

Posted in Mental Health Comments Off on සියදිවි නසාගන්න ගිය තරුණියක් බේරුන හැටි
ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්

මම හිමාලි.මගේ වයස අවුරුදු 28ක්.මම වෘත්තියෙන් විධායක නිලධාරිනියක්.මගේ සැමියා කමල්.එයාට වයස අවුරුදු 32ක්.එයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.අපිට බබාලා හිටියේ නෑ.ඒ නිසා අපි හරිම සිත් තැවුලෙන් හිටියේ.ගෙවල් වලිනුත් අපිට ලොකු පීඩනයක් ඇති කළා.ඊට පස්සේ අපි තීරණය කළා ශ්‍රී ලංකා පවුල් සංවිධාන වෛද්‍ය මධ්‍යස්ථානයට “ආලෝකය “උපදේශන මධ්‍යස්ථානයට යොමු වෙන්න. අපි විවාහ වෙලා දැනට මාස 10ක් වෙනවා.ඒ වුනත් අපි කවදාවත් අඹු සැමියන් විදියට ඉඳලා නැහැ.ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ දී කමල් ලිංගික අප්‍රානිකත්වයට පත් වෙනවා.ආලෝකය උපදේශන මධ්‍යස්ථානයෙන් අපෙන් වෙන් වෙන්වත් එකටත් තොරතුරු ලබා ගත්තා. අපි දෙන්නා විවාහ වුනේ යෝජිත විවාහයකින් මාස 06ක් ආශ්‍රය කරලා.අපි දෙන්නගේ මංගල…

Read More

Posted in Mental Health, True Story Comments Off on ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්
බොරුව ගැන හිත හිතා ලෙඩ වෙනවාද?

අපේ ජීවිතේ යම් යම් දේවල් අවිනිශ්චිත වෙනවා. ජීවිතේ කොයි දේත් නිශ්චිත කරගෙන කරන්න බැහැ එහෙම කරන්න අපහසුයි. පවක් වුනාද? නැත්ද? අනාගතය සාර්ථක වේද? නැත්ද?මම පරිහරණය කරන දේවල්වල කුණු හෝ විෂබීජ තියෙනවද නැත්ද? ආදී මේ කොයි දේත් අවිනිශ්චිතයි. මේ අවිනිශ්චිතතාවයට මුහුණ දෙන්න කෙනෙකුට බැරි වෙන්න පුලුවන්. එක් කෙනෙකුගෙන් තව කෙනෙකුට ඒ තත්වය වෙනස් වෙන්න පුලුවන්. සමහර අයට මේ තත්වට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. එත් සමහරුන්ට මෙයට මුහුණ දෙන්න අපහසුයි, එය නිශ්චිත වෙනකම් හිතට හරි නැහැ. එහෙම වෙනකොට තමයි (Obsessive Compulsive disorder) නැත්නම් ග්‍රස්තිය කියන තත්වයට යන්නෙ. එහෙම අවිනිශ්චිතතාවය ඉවසාගන බැරි කෙනා” නිශ්චිතව…

Read More

Posted in Mental Health Comments Off on බොරුව ගැන හිත හිතා ලෙඩ වෙනවාද?
මනෝවිද්‍යාත්මක උපදේශනය

මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම විෂය මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුල උප විෂය ක්ෂේත්‍රය ලෙස හඳුනාගත හැකිය. මෙහිදී උපදේශනය යනුවෙන් අදහස් කරන්නේ ගැටළුවකට මුහුණ දුන් පුද්ගලයකුට, කණ්ඩායමට හෝ පවුලකට මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් මගින් ඔහුට/ඇයට ඇති වී ඇති ගැටළුවකට මනෝවිද්‍යාත්මක ක්‍රම ඔස්සේ ගැටළු නිරවුල් කරගැනීමට සහයෝගය ලබා දීමයි. තව දුරටත් උපදේශනය යනු කුමක්දැයි විමසීමේදී සිදුවන්නේ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් මඟින් සේවාදායකයා හා සේවාලාභියා සමග අන්තර් පුද්ගල සම්බන්දතා ගොඩ නගා ගනිමින් පවතින ගැටළු නිරවුල් කරමින් සංවර්ධනය කරා ගෙන යාමයි. උපදේශනය තුල මුලික කොටස් 2ක් හඳුනාගත හැකිය, පළමුව.උපදේශනය යොදා ගනුයේ නිශ්චය කල නොහැකි හා අවබෝධ…

Read More

Posted in Mental Health Comments Off on මනෝවිද්‍යාත්මක උපදේශනය
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.