Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ප්‍රවීණයන් අධුනිකයන්ට අත දෙන්නේ නැ කියන්නේ ඇත්තද? ඩයනා පිළිතුරු දෙයි

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්.
කලා හැකියාව උපතින්ම රැගෙන පැමි‚යද වෘත්තිමය ගුරුවරියක් ලෙසින්ද සමාජයට විශාලය මෙහෙයක් ඉටු කරන ඇයනව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඩයනා කේ හෙට්ටිආරච්චි යි. ඇගේ කලා කටයුතු මෙන්ම ජීවිතයේ අලූත් තොරතුරු මේ විදියට මියුලැසියට එක් කළා.

ඩයනා කොහොමද මුලින්ම රංගන ශිල්පිනියක් විදියට කලා ක්ෂේත්‍රයට එන්නේ්?
මම මුලින්ම කලා ක්ෂේත්‍රයට එන්නේ 2012 වසරේදී.මගේ කැම්පස් එකේ යාලූවෙක් හරහා අහම්ඛෙන් ලැබුණු අවස්ථාවක් පුජනියයි ආදරේ කියන චිත්‍රපටයේ ඉතාමත් පුංචි චරිතයක් ක.එතැනින් පස්සේ ගීත රූප රචනා වගේම වෙළද දැන්වීම් කිහිපයකට පෙනි සිටීමට අවස්ථාවක් ලැබුණා. පස්සේ මගේ අධ්‍යාපන වැඩ නිසා අවුරුදු තුනක් විතර කලා කටයුතු වලින් ඈත් වෙලා හිටියා. ඒ වැඩ අවසන් වීමත් එක්ක 2015 වසරේදී චිත්‍රපට අධ්‍යක්ෂ ශ්‍රීපාලි හෙට්ටිආරච්චි මහතාගේ චිත්‍රපටයක් වුණ සුජාත පුත්‍ර චිත්‍රපටයේ ගුරුවරියකගේ චරිතයක් ලැඛෙනවා. ඒ චරිතය ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරෙන් බාර ගත්තා. ඉතින් ඒක පටන් ගත්ත ගමන තමයි අද වෙද්දි මේ තැනට ගේන්නේ

 

 නිරූපණ ශිල්පිනියක් විදියට ක්ෂෙත්‍රය එකතුවුණ විදියත් මතක් කරමු?
නිරූපණ ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයට එකතුවෙලා දැනට අවුරු එකහමාරක වගේ කාලයක් වෙනවා.රංගනය පැත්තට තිබුණු කැමැත්ත එක්ක නිරූපණ ක්ෂේත්‍රයට එන්න ලැබුණු අවස්ථාව මං ප්‍රයෝජනයකට අරගත්තා කිව්වොත් හරි.දැන් එක පැත්තටත් ලොකු අවධානයක් තියෙනවා.

ඇයි වෘත්තියක් විදියට මේ කලාවම තෝරගන්න හිතුවේ?

වෘත්තියෙන් මම ගුරුවරියක්.ජාත්‍යන්තර පාසලක සේවය කරන්නේ.වෘත්තිය ජීවිතේ රංගනශිල්පිනියක් වෙන්නේ නැහැ. කලාවට තියෙන ආදරේ එක්ක තමයි කලාව එක්ක රැදිලා ඉන්නේ.කිසිම දවසක කලාවෙන් ඈත්වෙන්න අදහසක් නෑ.  තරම් ආදරෙයි. එහෙම කියලා මගේ ගුරු වෘත්තියට කිසිම අයුරකින් හානියක් වෙන විදියට මං කිසිම දෙයක් කරන්නේ නැහැ.ඉඩ ලැඛෙන හැම වෙලාවකම නිරූපන ක්ෂේත්‍රයට වගේම රංගනයටත් දායක වෙනවා.

ගුරුවරියක් විදියටම ඉන්නේ නැතිව ඇයි රංගන ශිල්පිනියක් වෙන්න හිතුවේ?
ඒකට මගේ පවුල් පසුබිමත් බලපාන්න ඇති. මගේ සීයා ධර්මසේන හෙට්ටිආච්චි ඡායාරූප ශිල්පියෙක්.ඒ වගේම මගේ සහෝදරයෙක් ප්‍රසිද්ධ රූපවාහිනි ආයතනයක කැමරා ශිල්පියෙක්.ඉතින් මං පොඩි කාලේ ඉදලා ගෙදර දැක්ක පරිසරය එක්ක.මගේ තිබුණ කැමැත්ත එක්ක රංගන ක්ෂේත්‍රයට තියෙන කැමැත්ත වැඩි වුණා.කොහොමත් කලාවට මං ගොඩක් කැමතියි.

ඩයනා කියන්නේ ලැඛෙන හැම චරිතයම බාර ගන්න රංගන ශිල්පිනියක්ද?
මොනදේ කළත් මං මගේ ගෞරවය වගේම මගේ ගුරු වෘත්තියට හානියක් වෙන්න කිසිම දෙයක් කරන්නේ නැහැ.රගපානවා කියලා ලැඛෙන හැම චරිතයම භාරගන්නේ නැහැ. හොද දේ හොද විදියට බලලා තමයි මං හැමදේමටම දායක වෙන්නේ.නිරූපණ ශිල්පිනයක් විදියට මාව හැදින්නුවත් මම ගොඩක් කරන්නේ මනාලියක් විදියට හැඩවෙන එක. ඒකට හේතුව තමයි මගේ වෘත්තිය නිසා මගේ දරුවෝ අතරේ වැරදි ප්‍රතිරූපයක් මවන්න ඕනි නැහැ. ඒ හැමදේම තෝරා ගැනීම් කරනවා මං.

පවුලේ විස්තර මොනවද?කොහොමද ලැඛෙන සහය?
අම්මයි තාත්තයි, මල්ලියි මමයි තමා අපේ පවුලේ ඉන්නේ. මට ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැඛෙනවා.මේ ක්ෂේත්‍රයේ ගොඩක් අය අපේ ගෙදර අය හදුණනවා. ඉතින් ඒ නිසා හොද අවබෝධයක් තියෙනවා.විරුද්ධත්වයක් නෑ.

 කොහොමද ඉගෙන ගන්න දරුවන්ගෙන් වගේම බාහිරින් ලැඛෙන ප්‍රතිචාර?
මගෙන් ඉගෙන ගන්න දරුවෝ හරි ආදරෙයි මට. පාසල් දරුවෝ අතර මම වැඩි ජනප්‍රියත්වයක් ලැබුවා සුජාත පුත්‍ර චිත්‍රපටයේ ගුරුවරිය නිසා. දවසක් දරුවෙක්ගේ අම්මාකෙනෙක් කිව්වා ඒ දරුවා මගේ පින්තූර ආර්ටිකල් එකතු කරගෙන මේ මගේ ටීචර් කියලා හැමෝටම පෙන්නනවලූ. ඒ වගේම තමයි පාරකදි දැක්කත් සමහරුන්ට මගේ මතකය ගොඩක් තියෙනවා. ඒ ප්‍රතිචාර එක්ක හරි සතුටුයි.

කලා ලෝකයේ ප්‍රවීණයෝ ආධුනිකයන්ට ඉස්සරහට එන්න අවස්ථාව හදලා දෙනවා අඩුයි කියලා ඇතැම් අය කියනවා.ඇත්තකද  ඒ?

ඒ දේ හැම කෙනෙක්ටම පොදු වෙන්නේ නැහැ.එක එක්කෙනාගේ හැසිරිම අනුවත් ඒක වෙනස් වෙන්න පුලූවන්.ඇතැම් අය ප්‍රවීණයන්ට ගරුකරන්නවත් දන්නේ නැහැ.ඉතින් අපි නිහතමානි වෙනවනම් ප්‍රවීණ අය එක්ක වැඩ කරද්දි ඒක අපේ පැවැත්මට ගොඩක් වටිනවා. මං කියන්නේ ප්‍රවීණයෝ නවකයින් ඉදිරියට එනවට ගොඩක් කැමතියි.රවීන්ද්‍ර රන්දෙනිය,ජීවන්කුමාරතුංග වගේ ප්‍රවීණයෝ මට උදව් කළා. නම් නොකියවුණ ගොඩක් දෙනෙක් ඒ අතර ඉන්නවා. අලූත් පිරිසට අතදෙන්න.හැකියාවන්නට ඉඩ දෙන්න කැමැති ප්‍රවීනයෝ කැමතියි.

අලූත් නිර්මාණ වලට ලගදී දායක වුණේ නැද්ද?
නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉඩ ලැඛෙන වෙලාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.අනික මම ටිකක් හිමින් යන ගමනක් මේ.ගුරු වෘත්තියට තමයි මුල්තැන දෙන්නේ. ෙවිදිකාවට සම්බන්ධ වෙන්නත් කැමතියි. අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යෙන් බාර ගන්නවා.ඒ වගේම තව හැදැරීම් කරන්න ඕනි රංගනයේ.ඒ දේවල් සිදු කරගනිමින් හොද ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

 ඔබ ගුරුවරියක් විදියට හදුන්වනන්වටද කැමැති නිරූපණ ශිල්පිනියක් විදියටද?
දෙකටම එක හා සමාන ආදරෙයි. හැබැයි ගුරුවරියක් විදියට මාව හදුන්වනවට කැමැතියි.

 ඇයි නිරූපණ ශිල්පිනියක් විදියට හදුන්වනවට අකමැති?
අකමැත්තක් නැහැ. නමුත් ගුරුවරියක් විදියට තියෙන ගෞරවය හැම කෙනෙකුටම ලබන්න බැහැ. ඇතැම් තැන්වල මේ සමාජ රටාව ඇතුලේ නිරූණ ශිල්පිනියකට ඒ ගෞරවය දෙන්න සුදානමක් නෑ.ඒක කණගාටුදායකයි.යම් යම් සිදුවීම් නිසා ඒ තත්ත්වය ඇතිවෙලා තියෙනවා. ඒත් සමස්ථයක් විදියට එහෙම බලන එක සමාජය විසින්ම ඇති කරපු වරදක්.එසේ විය යුතු නැහැ කියලා මම නම් හිතන්නේ

මේ ගමන එන්න ශක්තියක් වුණ අය ගැන මතක් කළොත්?
උදව් කරපු අය අතරේ නම් කියවුණ නොකියවුණ හැම කෙනෙක්ම මං ආදරෙන් මතක් කරනවා. මගේ ගමන පිටිපස්සේ ගොඩක් අය ඉන්නවා අත දෙන්න. ඒවගේම අත දුන්නා. ඒ හැම කෙනෙක්ටම මං ගොඩක් ගරු කරනවා.

 මේ ගමනේ ආරම්භය සහ ඩයනා අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
මේ ගමන මේ විදියට යද්දි මං මගේ පළවෙනි චිත්‍රපට තිර පිටපත ලිව්වා. කෝකිල වංශය කියලා ඒක ළමා චිත්‍රපට තිරපිටපතක්. මේ වෙද්දි රූගතකිරිම් සියල්ල අවසන්. මමත් ඒ චිත්‍රපටයේ චරිතයකට සම්බන්ධ වුණා. මට ගොඩක් අය උදව් කළා. විශේෂයෙන අධ්‍යක්ෂතුමාට ස්තූතිවන්ත වෙනවා. මොකද එතුමා මාව විශ්වාස කරපු නිසා මගේ් පළවෙනි උත්සාහය සාර්ථක වුණා. එකේ ප්‍රධාන චරිතය කරන්නේ ජීවන් කුමාරතුංග අයියා සහ දුලානි අනුරාධා අක්කා. මේ වැඩේදී මට ගොඩක් අය උදව් කළා. ජීවන් අයියව මතක් කරන්නම ඕනි.පිටපත කියවලා අඩුපාඩු වගේම කරන්න ඕනි විදිය ගැන මට ලොකු අවබෝධයක් දුන්නා. මේ අවුරුද්දේ බලන්නත් පුලූවන් වෙයි.ඉතින් මං හරි වාසනාවන්තයි කියලා හිතෙනවා.පටන් ගත්තේ හිමින් ගමනක් .අද වෙද්දි ගොඩක් සාර්ථකයි කියලා හිතනවා.

ඉදිරියේදී මොනවගේ දෙයක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
කලාව පැත්තෙන් වැඩ ටික කරගෙන යන ගමන් , තරුණ දරුවන් වෙනුවෙන් දැනුම ලබා දෙන්න ධනාත්මක ලිංගික අධ්‍යාපනය පිළිබද දැනුවත් කිරිම් ව්‍යාපෘතියක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද වර්තමාන සමාජයේ තරුණ පිරිස් මේ සම්බන්ධ නිසි අවබෝධයක් නැතිව ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්නවා. ඔවුන් යහපත් විදියට සමාජයේ තියන්න,ඔවුන්ගේ ජීවිතවල වටිනාකම කියලා දෙන්න ගුරුවරියක් විදිය ඒ සමාජ වගකීම ගන්න මම මේ දවස්වල උත්සාහ කරනවා. ඒ වගේම මගේ දෙවැනි සිනේ චිත්‍රපට තිර පිටපත මං ලියලා ඉවරයි.අධ්‍යක්ෂක කෙනෙක්ට එය දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.එයත් සාර්ථක වෙයි කියලා හිතනවා. සාමාන්‍ය විදියට වැඩ කරන් වෙනවා වාගේම හොදින් ඉන්නවා.

 

 

-අරුන්දතී වන්නිආරච්චි-

Popular Articles