Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

එඩ්නා සුගතපාල අප අතරින් සමුගනියි

1946 ජනවාරි 03 වන දින පානදුරයේදී උපත ලද ඇය කුඩාකල සිටම කලා අභාෂය ලබා සිටියාය. පියානෝ වාදනයට ඈ සමත්කම්පෑවේ පැසැල් වියේදීමය. 1966 වසරේ ගැහැණු හටන වේදිකා නාට්‍යයේ චරිතයක් නිරූපණය කරමින් රංගනයට පිවිසි ඇය, ඒ වසරේදීම තිරගතවූ සැනසුම කොතැනද චිත්‍රපටයේ එන සුළං කුරුල්ලෝ ගීතය සදහා රංගනයේ යෙදමින් සිනමාවට පිවිසියාය. පසුව ඇය සෙනහස (1969), සූරයන්ගෙත් සූරයා (1969), වීදුරු ගෙවල් (1972), මිරිගුව(1972) ,හිත හොද කොල්ලෙක් (1984), ඔබට දිව්‍ රා කියන්නම් (1985),රෝසි (1985) ඇතුළු චිත්‍රපට රැසකටම රංගනයෙන් දායකවූ ඇයගේ අවසන් සිනමා රංගනයය වූයේ තවමත් තිරගත නොවු ඉස්කෝලෙට මං ආවා යන චිත්‍රපටයයි. ඇය ටෙලි නාට්‍ය කීපයකම විවිධ චරිත නිරූපනයේ යෙදුනාය. පියානෝ වාදන ගුරුවරියක් ලෙසද ප්‍රකටව සිටි ඇය කලා ක්ෂෙත්‍රයේ සිටි එකම ජෝතිෂ්‍යවේදිණියද වූවාය. එක්දරු මවක් වූ ඇයගේ එකම දියණිය වීණා නම් විය . කාගෙත් ආදරයට පාත්‍රව සිටි ඇයගේ කලා දිවියට උපහාර පිණිස සංස්කෘතික අමාත්‍යාංශය මගින් සූදානම් කරතිබූ උපහාර උත්සවයට පෙරාතුව ඇය අපෙන් සමුගත්තාය. ඇයගේ අවසාන ඉල්ලීම පරිදි ඇය සමුගත් ඊයේ දිනදීම ඇයගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාරදීම සිදුවිය. මියයනවිට ඇය 72 හැවිරිදි වියේ පසුවිය.

 

උපුටා ගැනීමක්

ඇන්ටන් ජේ ප්‍රනාන්දු

Popular Articles