චාරිකා – 14 කොටස

Girls love story

 

මේ කතාව අතීත කතාවක් ( Girls Love story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.

හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.

කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.

 

 

චාරිකා – 14 ( Girls Love story)

මම මෙහෙම කියන්නම්,

“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”

මම ධරණි චාරිකා

 

Girls love story

 

 

ඉස්කෝලේ නිවාඩු දෙන දවස තරම් fun එකක් වෙන කවදාවත් නෑ. පිස්සු නටලා, සිංදු කියලා, රස්තියාදු ගහලා රෑට රෑ වෙලා ගෙදර යන දවස. නටන්න තියෙන පිස්සු ඔක්කොම නටලා හවස් වෙලා ගෙදර යන්න මමයි තේජයි බස් එකකට නැග්ගා. 

අන්න උඹේ මල්සරා….” ඇත්තටම මම අපූර්ව දැක්කේ සෑහෙන දවසකින්. Class එකේවත් බස් එකේවත් මිනිහව දැක්කේ නෑ. මූ කොයි ලෝකේ අතුරුදහන් වෙනවද මංදා.

ආ…සුදු මැණික…කොහෙද මේ රෑ වෙලා…?” අපූ අහද්දි මට හිනාගියා. මේ යකා එක්ක කතා කළේ කවද්ද කියලවත් මට මතක නෑ අන්තිමේට. හැබැයි එදා වගේම තමා උන්දැගේ මනමාලකම නම්.

ගෙදර යන්න…” මම කිව්වා.

ඇයි අද කාර් එක නෑ….” අපූ හිනාවෙවී අහද්දි මට යකා නැග්ගා.

නෑ… ගැරේජ් එකේ….” මම ඔරවන් කිව්වා.

ඔහොම බලන්නෙපා කෙල්ලේ ඔය දෑසට මං පිච්චෙයි….” අපූ එක්ක තරහා ගන්න බෑ. මොකාක් හරි කෝලමක් කරලා යාළු කරගන්න එයා දන්නවා.

මට ඔයාව හම්බුවෙන්න ඕනේ කොහොමත්….” මම කිව්වා.

මොකක්ද අවුල….?”

අවුල් ගොඩයි…..”

තෙල් ටිකක් ගාලා පීරමු. අවුල් නැතිවෙයි…”

විහිළු නෙමෙයි…මොකක්ද අර ගීතිකගේ case එක….???”

අයියෝ….පරණ story එකක් ගැනනේ නංඟි අහන්නේ… සචිනි විදුරංගට try කියලා ඔයා දන්නවනේ.  ඌ ඒකට කැමති නැත්තේ ඔයා නිසානේ. ඉතිං සචිනි ගීතිකට කිව්වා ඔයාව චාටර් කරන්න කියලා. ඒ අස්සේ මායි විදුරංගයි දෙන්නටත් මූ බලු වැඩක් කළා. අපි දෙන්නවත් වලියට සෙට් කරන්න….” මේ මළ ඉලව් වලි නම් ඔළුව කර්පට් වෙනවා අප්පා.

අයියෝ… මොන කසළ ගොඩක්ද මේ සචිනි නම්….???”

දැන් තමා ආතල්ම සීන් එක…ගීතිකයා දැන් ඒකි පස්සේ යනවා…”

හොඳ වැඩේ…අනුන්ට කපපු වලේ එයාම වැටිලා…සාදු….” මම කිව්වා.

හෙට class එනවනේ…?” බහින්න යද්දි අපූ ඇහුවා.

හ්ම්ම්ම්….” 

ඔය දෑස දෙන්න ගම යනකොට ගෙදර අරන් යන්න….” අපූ නම් පිස්සෙක්.

ඇස් දෙක විතරක් ඇද්ද…?”

දෙන්නම ඕන එක දීලනේ. ඒකේ ආයේ ඉල්ලන්න දෙයක් නෑ….” අපූ හරි දඟ විදියට කිව්වා.

ඒක එච්චර ලාබ නෑ හරිද….?” කියන් මම බස් එකෙන් බැස්සා.

ආයෙත් පටන් ගත්තද ලව් එක….?” තේජා ඇහුවේ තරහෙන් නම් නෙමෙයි.

පිස්සුද බන්…ඒක මේ ෆන් සීන් එකක් මිසක් සිරා නෑ….” ඇත්තටම අපූට මං ආදරෙයි කියලත් නෑ. එයත් එහෙම කියලා නෑ. ඒ වුණාට දැනෙන හැඟීම නම් හරි අමුතුයි.

බට්ටා කාලේ නම් නිවාඩු දුන්නු දවසට පහුවදා උදේම මගේ කටේ තිබ්බේ “දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ…” සිංදුව. දැන් කොහේ ඒක කියන්නද…? Class යන්න එපායැ. නිවාඩු කාලේ හින්දා සර්ලා හතර අතට class දාලා. නිවාඩු කියන්නේ නිවාඩු. Class නෙමේ.

මට කලින් තේජා ගිහින් වගේ. මම ටවුන් එකට ගියා. යද්දි මේකි ඉන්නවා කොල්ලෙක් වගේ බටයක් උඩ වාඩි වෙලා තව කොල්ලෝ කෙල්ලෝ වට කරන් දේශනාවක් දිදී.

මොකෝ මෙතන වල බැහැලා…ක්ලාස් යන්නේ නෑ…?” අහගෙන මමත් තේජා වාඩිවෙලා හිටිය බටේ උඩම වාඩි වුණා.

මුන් ටික අද අවලමේ යනවලු. තෝත් පල…” තේජගේ කට නම් අම්මපා.

අද බෑ බන්…අනික කොල්ලෙකුත් නෑනේ…” 

උඹට ඉතිං එකක් කියලා නෑනේ…දෙක තුනක් ඉන්නවනේ…” සංඛයා කිව්වා. නෙදකින් උගේ කැඩිච්ච කට.

පල…පල…මගෙන් මුකුත් නාහ…”

උඹලා දෙන්නා ඉන්නවනේ. යමන් ඉතිං….” 

මං තේජා දිහා බැලුවා.

උඹලා යන දේවලෙක පලයල්ලා. අපි ක්ලාස් යනවා. උඹලට ටියුට්ස් දෙන්නත් මොකෙක් හරි ඉන්න එපායැ….”

හරි…හරි බන් exam එකට අවුරුද්දක්ම තියෙන්නේ….” මුන් ටිකට ඕන කොහොම හරි අපිව ඇදන් රස්තියාදුවේ යන්න.

මං එපා කිව්වේ නෑනේ උඹලට යන්න. ඒක නිසා යන දේවාලෙක පල…” තේජට මල පනින්න යන්නේ.

හරි…හරි… උඹලා පලයල්ලා…අපි ක්ලාස් යනවා… වෙන දවසක් සෙට් වෙමු….” කියලා මම තේජව ඇඳන් ආවා.

Class එක ළඟට එනකල්ම තේජා කතා නෑ.

මම හිතුනා තෝත් යයි කියලා ගොනා වගේ….” තේජා කියද්දි මට හිනාගියා.

ක්ලාස් කට් කරලා රස්තියාදු වෙන්න බෑ බන්. එපා වෙනවා….”

විදුරංග නේ අර….” තේජා පෙන්නද්දි මම දැක්කේ සචිනි එක්ක class එකේ අතුරු පාරක් දිගේ දෙන්නා යනවා.

ඕන එකක් කරගත්තදෙන් තේජා. කොහෙත්ම මට අදාළ නෑ. කතා කළොත් කතා කළා. ඉවරයි. ඊයේ අපූ කිව්වේ ගීතික දැන් මේකි පස්සේ යනවා කියලා….”

මළ ඉලව් බන් ධරණි. මට නම් දැන් එපා වෙලා මේ විකාර. ඒක නෙමෙයි මේ මාසේ නිකම්ම කාලා දානවද?පාඩම් කරන්න සෙට් වෙමුද…?” මූ නිවාඩු කාලෙම කන්න යන්නේ මගේ.

ක්ලාස් ගිහින් ඇන්ටනාව දාන් හිටියා අපූව අහුවෙන්න. ම්හු… ක්ලාස් එක පටන් අරන් ටිකක් වෙලා ගියත් පේන තෙක් මානෙක චැනල් එක නෑ.

උඹ පාඩම අහන්ද ඉන්නේ නැත්තන් වෙන ලෝකෙකද…?” තේජා අංජනම් බලන්න ගත්තේ කවද්ද දන්නේ නෑ.

මං exam ගොඩ යයි නේ බන්…” මං අහද්දි තේජා එරෙව්වා.

නෑ උඹ අංජනම් කියන නිසා ඇහුවේ..”

පොඩ්ඩක් හිටහන් ක්ලාස් එක ඉවර වුණාම මම බොට අංජනමක් කියන්න…ගල් වැද්දි….” තේජා මට බනින අතරේ අපූ සම්ප්‍රාප්ත වුණා ක්ලාස් එකට.

ආ…මහත්තයා…ගෙදර වැඩ කරලා…බබාලා නාවලා නෝනගේ ජංගි ටිකත් හෝදලා ආපු නිසාද පරක්කු….?” සර් අහද්දි ක්ලාස් එකම හිනාවුණත් මට හිනාගියේ නෑ අපූගේ ඇස් වල අමුත්තක් දැක්ක නිසා.

යනවා යනවා… ගිහින් ඉඳගන්නවා….” කියද්දි අපූ ගිහින් වාඩි වුණා. වෙනදා අපූ නෙමෙයි. මට හෙණම අප්සට්.

ඉන්ටවල් එක දීපු ගමන් මම ගියා අපූ ළඟට.

අපූ…මොකක්ද අවුල….?” මම බංකුවේ වාඩිවෙන ගමන් ඇහුවා.

සර්ට පිස්සු බබා….” අපූ හිනාවෙන්න හැදුවට වෙනදා වගේ ඇට්ටර හිනාව ආවෙත් නෑ ඒ මූණේ.

කාලා එමු මොනවා හරි….” තේජා කිව්වා.

යන් අපූ….” මම අඬගැහුවා.

ගිහින් එන්න. මම ගෙදර යනවා….” 

මොකක්ද වෙලා තියෙන්නේ….?” මම ටිකක් සැරෙන් ඇහුවා.

පාඩුවේ ඉන්න දෙනවකෝ….” කියලා අපූ මාව තල්ලු කරන් ගියා. මට ඌට මැරෙන්න ගහන්න හිතුනා. ජරා සතා.

ධරණි…උඹ කවද්ද පාඩමක් ඉගෙන ගන්නේ…? මොකක්ද උඹට වෙලා තියෙන්නේ…?” තේජත් මට සද්දේ දැම්මා.

දැන් මමද වැරදි….?” කියලා අහන් මමත් ක්ලාස් එකෙන් ගියා.

අම්මපා මේ කොල්ලෝ කියන ජාතිය නම්… මේ පණ දෙන්න කතාව. ආයෙත් මරාගන්නවා. එපා කරපු සත්තු. මොකට මේ ලෝකෙට පහළ වුණාද මංදා. උල්පන්දම්කාරයෝ. මම හිතින් මුළු කොළු සංහතියටම දෙස් දෙවොල් තිබ්බා.

 

හිටපු ගමන් මුන්ට මොකක් වෙනවද කියලා හිතාගන්න බෑ මට නම්. කොහොමත් කොල්ලෙක් ගැන අත්දැකීමක් නැතිකොට කටුස්සෝ වගේ මුන් පාට මාරු කරනකොට අංජනම් බලන්න ඕනේ මෙවුන්ගේ හිත් වැඩ කරන විදිය බලන්න. 

හැබෑටම අරූට මොකක් වෙලාද බන්…? පස්ස කැඩිච්ච කඩියා වගේ ගියේ…?” ක්ලාස් ඉවර වෙද්දි මම ගාණට කූල් ඩවුන් වෙලා හිටියේ.

මොකාද බන් දන්නේ…? තමුන්ගේ මැට්ටම් තම්මැට්ටම් කිව්වලු…”

 

හමුවෙමු චාරිකා 15 ( Girls love story ) කොටස සමඟින්

චාරිකා 13

 

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල