Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ඇත්ත ඇති සැටියෙන් පිළිගෙන සැබෑ ලෙස ජිවත් වෙන්න

අපි සියල්ලන්ම අපේ ජිවිතයේ ඇති අරමුණු කරා අපි විවිධ මාර්ග ඔස්සේ ගමන් කරමින් සිටිනවා. අපි හැමෝටම බාධක නැති මාර්ග හම්බවෙන්නේ නැහැ. අපේ අතරින් සමහරක් අයට ගල් බොරළු සහිත කටුක මාර්ගයන් ඔස්සේ ගමන් කරන්නට සිදුවෙනවා. එහෙත් කිසිම කෙනෙක්ට කිසිම ආකාරයකට බාධක කම්කටොලු වලින් තොර අවසානයකට ලඟා වෙන්නට බැහැ. ඉතින් ඔබ ඒවාට එරෙහිව අරගල කරනවා වෙනුවට, ඒවා ජිවිත ගමනේ ස්වභාවය කියලා බාර නොගන්නේ ඇයි ? ඒවා නිසා අත්වන ප්‍රතිඵල වලට නොබැඳි, සිටීමට උත්සහ නොගන්නේ ඇයි ? ඔබට පුළුවන් මේ සෑම සිදුවීමක්ම ඔබේ ජිවිතයට අත්දැකීමක් කරගන්න. ඇයි ඔබ එසේ නොසිතන්නේ? ඔබට දැනෙන වේදනාව විඳගන්න, ඔබට ලැබෙන සතුට රස විඳින්න.

ඔබ කිසි දිනෙක මිටියාවතකට ගොස් නැති නම් කන්දක් මුදුනක සිට පෙනෙන දසුන් එතරම් ඔබට ආකර්ශනීය වන්නේ නැහැ. මතක තියාගන්න ජිවිතයේ සැබෑ පරාජයක් නැහැ. ඇත්තේ ප්‍රතිඵල පමණයි. සැබෑ ශෝකාන්තයේ ඛේදවාචකයක් නැහැ. එහි ඇත්තේ ජිවිතයට පාඩමක් පමණයි. එසේම සැබෑ ලෙස ගැටළු ඇත්තේද නැහැ. ඇත්තේ ප්‍රඥාවන්ත පුද්ගලයන් විසින් විසඳුම් බවට පෙරලා ගන්නා තෙක් රැඳී තිබෙන අවස්ථාවන් පමණයි.

ඔබ සැබෑ ලෙස ජිවත් වන්න. ඔබ වෘත්තීය ජිවිතයේ සාර්ථක අසාර්ථක වීම, ඔබේ ජිවිතයේ සිදුවන අත්දැකීම්, හොඳ නරක හුවා දක්වනවා වෙනුවට ඔබ ඒ අත්දැකීම් සහ සිදුවීම් ඔබේ ජිවන ගමනේ ස්වභාවය ලෙස පිළිගන්න. බාධක කම්කටළු වලට මුහුණ දෙමින් ඔබේ ජීවිතය ජයගන්න. සැබෑ ලෙස ජිවත් වෙන්න.

 

උපුටා ගැනීමකි

 

Popular Articles