2.2 C
New York
Tuesday, March 19, 2024

Buy now

spot_img

ඔබේ දරුවා නිවසේදී සිදුවන අතවර වලින් බේරෙන්න ක්‍රම 10

ඔබට අද යහපත් ජිවිතයක්, නිවහනක් ( home ) ලැබී ඇත්නම් එහි සැබෑ හිමිකරු ඔබ නොව ඔබේ මව්පියන් ය. නිවසේදී ( home ) පමණක් නොව සෑම තැනකදීම ඔවුන් ඔබව ආරන්ක්ෂා කර නොගත්තා නම් එහි සැබෑ හිමිකරු ඔබේ මව්පියන් ය. ඔවුන් ඔබව ආරක්ෂා ( protect ) කර නොගත්තා නම් ඔබට හිමිව ඇති සුන්දර ජීවිතය හිමි වන්නේ නැත. ඔවුන් ඔබව නෙත් මායිමේ ම ආරක්ෂා කල හෙයින් සතුටු විය හැකි ළමා වියක් පමණක් නොව වර්තමානයක් ද ලැබී තිබේ.

 

එහෙත් අප මේ කතා කරන්නට සුදානම් වන්නේ මව්පියන් ගැන නොව අද දවසේ මව්පියන් වී සිටින ඔබ ගැනය. ඔබේ දරුවා ගැනය. දරුවන් මල් වගේ යැයි කතාවක් ඇත්තේ ඔවුන් ඉක්මනින් තැලී පොඩි වී යන හෙයිනි. නොසලකා හැරියොත් ඉක්මනින් මිලාන වී යන හෙයිනි. දරුවකු මලක් සේ පරිස්සම් කර ගත යුතු වන්නේ එබැවිනි. විශේෂයෙන්ම ලිංගික අතවර වලින් ඔබ බේරා ගැනීමට ඔබ කටයුතු කල යුත්තේ එය දරුවාගේ ජීවිතය විනාශ කර දමන්නට සමත් හෙයිනි.

 

1. නිවසේදී (home)දරුවා ඉන්නේ කා සමඟ ද ?

දරුවා දවසින් වැඩි කාලයක් ජිවත් වන්නේ කා සමඟ ද යන්න පිළිබඳව ඔබට වැටහීමක් තිබිය යුතු අතර එම පුද්ගලයා දරුවාට මහත් සේ ආදරය කරන යහපත් චරිතයකින් යුතු පුද්ගලයෙකු වීම අවශ්‍යය. ඔබ රැකියාවට යනවා නම් කිසිවිටෙකත් මෙහෙකරුවන් සමඟ පමණක් දරුවා තබා නොයන්න. ඔබේ හෝ සැමියාගේ මව හෝ වෙනත් විශ්වාසදායි වැඩිහිටියකු තබා ගත හැකි නම් දරුවාගේ ආරක්ෂාව පිලිබඳව සෑහීමකට පත් විය හැකිය. විශේෂයෙන් දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක තබා යන්නේ නම් එහි පාලිකාව ඔබට සියයට සියයක් ම විශ්වාසදායි පුද්ගලයෙකු වීම අවශ්‍ය ය. දශමයක් වත් අවිශ්වාසයක් ඔබට ඇත්නම් එතන දරුවා තබා නොයන්න.

 

home

 

2. ආදරයට කොන්දේසි එපා

දරුවාට කොන්දේසි නොමැතිව ආදරය කරන්න. දරුවන් ආදරය කරන්නට මෙන්ම ආදරය ලබන්නට ද කැමතිය. එබැවින් දරුවාට ආදරය පෙන්විය හැකි සෑම අවස්ථාවකම එය පෙන්වන්න. කෙතරම් වැඩ තිබුනත් දරුවා ලඟට පැමිණි විට ආදරයෙන් කතා කරන්න. අවශ්‍යතාව අසා එය ඉටු කරදෙන්න.

 

home

 

3. තනි නොකරන්න

දරුවෝ තනි වූ විට එහිදී ඇති වන කාන්සිය මකා ගන්නට විවිධ දේ සඳහා යොමු වෙති. එය ලිංගික හෝ වෙනත් අපචාරයක් වුවද විය හැකියි. එහි වරද ගැන දරුවාට වැටහීමක් නැත. දරුවාට අවශ්‍ය වන්නේ තම ජිවිතයේ හිඩැස පුරවා ගැනීමට පමණි. එබැවින් දරුවා කිසි විටෙකත් තනි නොකරන්න. ඔබේ අවධානය නිරන්තරව ඇති බව දරුවාට හැඟෙන්නට දෙන්න.

 

home

 

4. විදේශ ගත නොවන්න

මව්වරුන් විදේශ ගත වීම නිසා අසරණ වී ඇති දරුවන් සංඛ්‍යාව ඇති විශාලය. ඔබට කොතරම් අග හිඟකම් තිබුණත් ඒවා විඳ දරා ගනිමින් දරුවන් සමඟ ජිවත් වීමට උත්සහ ගන්න. විශේෂයෙන් දරුවන්ගේ පියා සමාජ විරෝධී ක්‍රියාවන්හි යෙදෙන ලිංගික ලිංගික හැසිරීම් වලට අධිකව ආශා කරන පුද්ගලයෙකු නම් ඔබේ විදේශගත වීම අනතුරක්ම විය හැකිය. එවැනි අවාසනාවන්ත ලෙස පියාගෙන් හෝ වෙනත් වැඩිහිටියන්ගෙන් අතවරයන්ට ලක් වූ දියණියන් පමණක් නොව පිරිමි දරුවන් ද මේ සමාජයේ සිටින බව ඔබ දන්නවා නොවේද ? මේ කිසිවක් සිදුව ඇත්තේ දරුවාගේ වරදින් නොව වැඩිහිටියන්ගේම වරදිනි.

 

home

 

5. දරුවා සමඟ කතා කරන්න 

පාසල නිම වී පැමිණෙන දරුවා සමඟ එදිනෙදා කළ දේවල් ගැන කතා කරන්න. මිතුරන් කි කළ දේවල්, හමුවුණු පුද්ගලයින්, ඉගැන්වූ දේවල් ගැන සුහදව කතා කරන්න. විශේෂයෙන්ම දරුවාගේ මිතුරන් පිළිබඳව සැළකිලිමත් වෙන්න. ඔවුන්ගේ මව්පියන්, ජිවත්වන පරිසරය, අධ්‍යාපනයට ඇති ලැදියාව ආදිය පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටීම අවශ්‍යය.

 

home

 

6. දරුවාගේ වෙනස්වීම් හඳුනා ගන්න

දරුවාගේ හැසිරීමේ යම් වෙනසක් දුටු සැණින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. උදාහරණයක් ලෙස වෙනදා ආහාර ගැනීමට ආරාධනයකින් තොරව පැමිණෙන දරුවා ආහාර ගැනීමට කතා කලත් පැමිණියේ නැත්නම් ඒ ඇයි දැයි විමසා බලන්න. ඔබව මග හරිනා බවක් දක්නට ඇත්නම් විමසිලිමත් වීම අවශ්‍යයි. එවැනි අවස්තාවක දරුවාගේ දෑස සෘජුව බලා කතා කරන්න. එවිට දරුවාගේ සිඅන්ගවාගෙන සිටීම තේ යම් සැඟවුණු දෙයක් ඇත්නම් එය ඔබෙන් සඟවාගෙන සිටීමට අපහසු වනු ඇත.

 

home

 

7. ඔබේ හැසිරීම් පාලනය කරගන්න 

දරුවන් ඉදිරියේ ඔබ දෙදෙනාගේ හැසිරීම් වලට සීමාවක් තබා ගැනීම අත්‍යාවශ්‍යය. ඔබ දෙදෙනා ඉතා සංවරව හැසිරෙන පුද්ගලයින් බව දරුවා හඳුනා ගත යුතුය.

 

home

 

8. ගමන් යැවීමෙන් වලකින්න

මව හෝ පියා නොයන ස්ථානයකට වෙනත් කෙනෙකු සමඟ යෑම නොකළ යුත්තක් බව කුඩා කල සිටම දරුවාට හුරු කරන්න. උදාහරණයක් ලෙස වෙනත් කෙනෙකු සමඟ වැඩිහිටියෙකු හෝ සම වයසේ කෙනෙකු ඕනෑවට වඩා සමීප වෙනවා නම්, ගමන් බිමන් යාමට අඬ ගසනවා නම් එවැනි අවස්තාවක ඔබට පැවසිය යුතු බව වටහා දෙන්න. කිසිවෙකු සමඟ ඕනෑවට වඩා සමීප සම්බන්දතා ගොඩ නඟා ගත යුතු නැති බව වටහා දෙන්න.

 

home

 

9. අසභ්‍ය දර්ශන දරුවාගෙන් ඈත් කරන්න

නිවසේ ඇති පරිඝනකයට අන්තර්ජාල පහසුකම් ඇත්නම් දරුවන් එය පරිහරණය කිරීම වැලැක්වීම අත්‍යාවශ්‍යය. එසේ කල නොහැකි නම් අන්තර්ජාල පහසුකම් ලබා දුන් ආයතනය සමඟ කතා කර ඊට පිළියමක් යොදන්න. රූපවාහිනියෙන් පවා අසභ්‍ය දර්ශන විකාශනය වන විට දරුවා එයින් ඈත් කරන්න. හොඳම ක්‍රමය රූපවාහිනිය ක්‍රියා විරහිත කිරීමයි. එමෙන්ම දරුවා නරඹන වැඩසටහන් සීමා කිරීම සහ ඒ පිළිබඳව අවධානයෙන් සිටීමද වැදගත්.

 

home

 

10. අඬන්නට පෙර සුදානම් වන්න

මේ සමාජය ඔබ සිතන තරම් විශ්වාස කල නොහැක. දරුවන් බිලිගන්නට සිටින රාකෂයන්ගෙන් දරුවා ආරක්ෂා කරගෙන උඩුගම් බලා පිහිනීමට ඔබට සිදුව තිබේ. එබැවින් අද දරුවා ආරක්ෂා කරන්න. එවිට ඔබට හෙට දවසේ අඬන්නට සිදු නොවනු ඇත.

 

 

 

අදහස් දැක්වීම :-

සිහියෙන් යුත් විනය පිලිබඳ විශේෂ පුහුණුව ලත්

ළමා උපදේශිකා

සුරංගනී ගිනිගේ

Related Articles

Stay Connected

0FansLike
3,589FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles