Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ඇයි අපි ව්‍යායාම් කල යුත්තේ

පමණට වඩා ආහාර ගැනීම සහ සෞඛ්‍ය තත්වය පිරිහීමට හේතු වන්නේ ස්වභාවික අන්දමේ ව්‍යායාම නොලැබීමයි. තම ශරීර සෞඛ්‍ය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට නම් ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය වෙනවා. අද සමාජයේ සමහරක් කය වෙහෙසීම නිසා හෙම්බත් වී සිටින අතර තවත් සමහරක් මුළුමනින්ම සිරුර අක්‍රිය කරවන, එක තැනක වාඩි වී කරන රැකියා වල නිරත වෙනවා. මේ දෙගොල්ලන්ටම ව්‍යායාම කිරීම අවශ්‍යයි.

කය වෙහෙසා වැඩ කරන පිරිසෙන් බොහෝ දෙනකු සිතන්නේ තමන්ට ව්‍යායාම අවශ්‍ය නොවන බවයි. සෑම අන්දමකටම කය වෙහෙසා කරන වැඩ සඳහා උපයෝගී වන්නේ ශරීරයේ සමහර කොටස් පමණයි. මාංශ පෙශින්ගෙන් එක්තරා කාණ්ඩයකට පමණක් ව්‍යායාම ලැබෙන අතර අනෙක් කොටස් අක්‍රීයව පවතී. මෙය මුළු සිරුරේම අසමාකාර වර්ධනයට හේතු වෙයි. ශරීරයේ විවිධ කොටස් සියල්ලම ක්‍රියාත්මක වන අන්දමේ අභ්‍යාස සහ චලනයන් සිදු කිරීමෙන් විශේෂයෙන්ම රැකියාවේදී ක්‍රියාත්මක නොවී මඟ හැරුණු කොටස් යථා තත්වයට පත් කල හැක.

බර එසවීම, බොක්සිං, මල්ලව පොර, මලල ක්‍රීඩා වැනි දුෂ්කර වූ හා කායික පරිශ්‍රමයක් අවශ්‍ය අභ්‍යාස ක්‍රම සාමාන්‍ය වර්ධනය සහ දිගුකල් ජීවත්වීම සඳහා උපකාර වන්නේ නැහැ. ඒවායින් සිරුරේ මාංශ පේශි ව්‍යුහයේ අධි වර්ධනයක් ඇති කර පේශීන්ට සිමා වූ තත්වයක් ඇති වෙයි. මෙයින් සිරුරේ පේශිමය කොටස්වල රුධිරය අධිකව සැපයෙන අතර මොලය ස්නායු පද්ධතිය වැනි වඩා ප්‍රාණවත් ලෙස ක්‍රියාත්මක වන ඉන්ද්‍රියනට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වී යයි. මෙයින් සිරුරටද සිරුරේ අංග ලක්ෂනයන්ටද අශෝබන පෙනුමක් එක්කරයි. එමෙන්ම සිරුර විකෘති සහ අසමාකාර හැඩයක් ගනී. එමෙන්ම මන්ද බුද්ධික පෙනුමක් ද ඇති වේ.

මෙම හේතුන් නිසා සැහැල්ලු කායික ව්‍යායාම අධි වෙහෙසකර ව්‍යායාම වලට වඩා අගනේය.

 

කායික විද්‍යාත්මක ව්‍යායාම

කායික ව්‍යායාම මඟින් සිරුරට ඇති කරන බලපෑම, ජල ප්‍රතිකර්ම සම්භාහනය සහ ස්නායු ප්‍රතිකර්ම යන මේවායින් ඇති කරන බලපෑමට බොහෝ දුරට සමාන වේ. සිරුරේ පටක වල රැස් වී ඇති අපද්‍රව්‍ය සහ රෝගකාරක ද්‍රව්‍ය කලතා ඉවත් කර හරිමින් රුධිර සංසරණය උත්තේජනය කිරීමද එයින් සිදු වේ. එමෙන්ම ව්‍යායාම නිසා පෙනහළු විස්තාරණය වී ඒවායේ ඔක්සිජන් ධාරිතාවය වැඩි කරයි.

සමෙන්, වකුගඩු වලින්, බඩවලෙන් සහ ශ්වසන මාර්ගයෙන් අපද්‍රව්‍ය සහ හානිකර ද්‍රව්‍ය ඉවත් කර යැවීමට බලපෑමක් සිදු කරයි.

විධිමත් ව්‍යායාම ගැනීම නිසා තද වී හැකිළුනු මාංශ පේශි සහ සම්බන්ධක පටක මෘදු වී බුරුල් වෙයි. එමෙන්ම දුර්වල සහ අක්‍රියව ඇති මාංශ පේශි ක්‍රියාත්මක වීමට පටන් ගනී.

නිතිපතා විධිමත් ව්‍යායාම, වල යෙදීම යනු සිරුරට ලේ සැපයුම වැඩිවීම, පෝෂණය වැඩි දියුණු වීම, ඉන්ධන සහ අපද්‍රව්‍ය වඩා හොඳින් ඔක්සිකරණය වීම, වඩා ගැඹුරු සහ ක්‍රමවත් ආශ්වාස ප්‍රශ්වාස ය යන මේවාය.

උපුටා ගැනීමකි

Popular Articles