දරුවා බොරු කියනවනම් මොකද කරන්නේ

Kids

දරුවන් ( Kids ) බොරු කියන්නේ දරුවන්ට කතා කරන්න තේරෙන දා සිට. මව්කුස පිළිසිඳ ගත මොහොතේ සිට තම අවශ්‍යතා සපුරා ගැනීමට සෑම දරුවෙක්ම විවිධ ප්‍රතිචාර දක්වති. ඔබේ දරුවා කුසේ සිටියදී ඔබ නිදා සිටින ඉරියව්ව දරුවාට අපහසුවක් ගෙන දුන් විට ඔබට ඒ බව දැනගන්නට පා පහරක් එල්ල කළා මතකද? එයින් කියැවුණු දේ වහා වටහා ගත ඔබ පහසු ඉරියව්වකින් නිදාගන්නට උත්සහ කරන්නට ඇති. එපමණක් නොව තවත් බොහෝ අවස්ථා වල තම හැඟීම් දැන්වීමට විවිධ ඉරියව් ප්‍රතිචාර දක්වන්නට ඇතිවාට සැක නැත.

 

දරුවා ( Kids ) බිහි වූ දා සිට ද මේ මේ ප්‍රතිචාර තවත් වෙනස් ආකාර වලින් ඔබට දැනෙන්නට ලැබුනා නේද? උදාහරණයක් ලෙස දරුවා බඩගින්නට, නිදිමතට, වෙනත් අපහසුවකට අඬන ආකාරයේ ඇති වෙනස්කම් ඔබට වෙනත් කවුරුත් වටහා නොදුන්නත් අත්දැකීමෙන් එය වටහා ගැනීමට ඔබට හැකියාව තිබිණි. දරුවෝ තම අවශ්‍යතා පෙන්වා දීමට එවැනි තවත් ක්‍රියාවන්හි යෙදෙති. බොරු කීමත් එවැන්නකි.

 

එහෙත් මේ බොරු කීම නම් ඇඩීම තරම් සැහැල්ලුවෙන් බාරගැනීමට ඔබ අකමැතියි නේද?

” මේ ළමයා හරියට බොරු කියනවා, කාගෙන් ඉගෙනගෙනද මම දන්නේ නෑ. ”

 

දරුවෝ බොරු කීමෙන් ඔබ අනෙක් අය ඉදිරියේ අපහසුවට පත් වීම වලක්වා ගැනීමට මෙවැනි දේ කියන්නට පෙළඹුනත් දරුවා ඇත්තටම බොරු කියන්නේ ඇයිදැයි සොයා බැලුවාද ? බොරු කිවා යැයි කියමින් දඬුවම් කරන්නට ගත උත්සාහය වෙනුවට බොරු කීමේ විපාක දරුවාට වටහා දීමට උත්සහ කලාද? දරුවකුගේ වැදීමත් සමඟ අවශ්‍යතා වෆිවෙන අතර ඒවා ඉටුකර ගැනීමට අවස්ථාවක් නොවූ විට එය ඉටුකරගත හැකි ක්‍රම ගැන සොයා බලන්නට පුරුදු වේ. බොරු කීමට පටන් ගන්නෙත් මේ එක් ක්‍රමයක් ලෙසිනි.

 

එහෙත් වැඩිහිටියන් කියන බොරු තරම් දරුවන් කියන බොරු අමානුෂික නොවන බව පළමුව වටහා ගැනීම අවශ්‍යය. දරුවකු බොරු කියන්නේ ඔබ හෝ වෙනත් අයෙකු අපහසුවට පත් කර සතුටු වීමට හෝ වෙනත් කලබගෑනියක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් නොවේ. එහි ඇත්තේ තම අවශ්‍යතාව ඉටුකරගැනීමේ අහිංසක ආශාවක් පමණි.

 

ගෙදර පැමිණි විට දරුවා ( Kids )බොරු කියන්නේ ඇයි?

 

” අද ටීචර් එලියට වත් යන්න දුන්නේ නෑ. දවසෙම රූප අඳින්නයි, අකුරු ලියන්නයි දුන්නා. ”

පෙර පාසල හෝ පාසල නිම වී නිවසට පැමිණෙන දරුවා එසේ පැවසුවා යැයි සිතන්න. එහෙත් දරුවා කියා ඇත්තේ අත්තක් නොවේ. පාසලේ බොහෝ වෙලාවක් සෙල්ලම් කර තිබේ. එසේ නම් එසේ කිවුවේ ඇයි ?

 

නිවසට පැමිණි වහාම නැවත පොත පතේ වැඩ කරන්නට යැයි ඔබ කරන කරදරයෙන් බේරී දරුවාට සෙල්ලම් කිරීමට අවශ්‍යය. එය ඉටු කර ගැනීමට නම් තමා ගැන ඔබේ සිතේ අනුකම්පාවක් ඇති කළ යුතුය. දරුවා එවැනි බොරුවක් කිවේ එබැවිනි.

 

එමෙන්ම වයස අවුරුදු 4න් පසු දරුවන් ඊර්ෂ්‍යාව, තරහව ආදී දේ හඳුනා ගන්නා අතර මේ කාලයේදී තම අවශ්‍යතාත් වැඩිවන නිසා බොරු කීමත් වැඩි වේ. පෙර පාසල් වයසේ දරුවන් වැඩිපුර බොරුකීම ඊට ඉම උදාහරණයකි.

 

අපි තවත් උදාහරණයක් බලමු.

පාසලේ දිවීමේ තරඟයක් තිබෙන අවස්තාවක ඊට සහභාගී වන්නැයි ගුරුතුමිය සෑම දරුවෙක්ගෙන්ම ඉල්ලා සිටි මොහොතක සමහර දරුවන් ඊට ඉදිරිපත් වන්නේ නැත. ඊට හේතුව විමසු විට

” මට අද අම්මා දුවන්න එපා කිවුවා ” ,

” මට ඊයේ උන තිබුන නිසා අම්ම කිවුවා අව්වේ ඉන්න එපා කියලා”

” මගේ කකුල රිදෙනවා ”

මෙවැනි පිළිතුරු එම දරුවන් දෙනවාට සැක නැත. එහෙත් මේවායින් බහුතරයක් අසත්‍යය. දරුවා එසේ කිවේ ගුරුතුමිය රැවටීමට හෝ දුවන්නට තිබෙන අකමැත්ත නිසා නොව, අනෙක් ය ඉදිරියේ පැරදීමට ඇති අකමැත්ත නිසාය. පැරදුනොත් මිතුරන් තමන්ට හිනා වෙයි යන බිය නිසාය. නැතහොත් එවැනි වෙනත් හේතුවක් නිසාය. එවැනි අවස්තාවක ගුරුතුමිය කල යුත්තේ දරුවාට දඬුවම් කිරීම හෝ බලෙන් එයට සහභාගී කරවීම නොවේ. දරුවා බොරු කියන්නට හේතුව සොයා බලා එසේ නොකරන්නැයි දරුවාට වැටහීමක් ලබා දීමයි. එහෙත් එය කල යුත්තේ අනෙක් දරුවන් ඉදිරියේ නොවේ.

 

එමෙන්ම දරුවා අකමැති දෙයක් කරන්නට කීමත්, කැමති දෙයක් නොකර සිටින්නැයි පැවසීමත් නිසා දරුවෝ බොරු කීමට පෙළඹෙති.

 

දරුවෝ ( Kids ) බොරු කියනවා නම් මොකද කරන්නේ?

 

ඔබ බොරු කියනවා ද ? පළමුව ඔබ බොරු කීම වහාම නතර කල යුතුය. එහෙත් අපේ බොහෝ මව්වරු දරුවා ඉදිරියේ තබාගෙන බොරු කියති. එය බොරුවක් බව දරුවා දැනගත් විට

 

” ඔයාට එකෙන් වැඩක් නෑ යැයි පවසමින් තරවටු කරති. එහෙත් එය නිවැරදි හෝ සාර්ථක ක්‍රියාවක් නොවේ. එයින් සිදු වන්නේ දරුවා බොරු කීමට පෙළඹීමය.

 

Kids

 

අදහස

සිහියෙන් යුතු විනය පිළිබඳව විශේෂ පුහුණුව ලත් ළමා උපදේශිකා

සුරංගනී ගිනිගේ