Home Entertainment රියලිටි දෙතොල් යුද්ධය

රියලිටි දෙතොල් යුද්ධය

4
0

ලිප් සින්ක් බැට්ල් , එහෙමත් නැත්නම් තොල් සෙලවිමේ යුද්ධය කියන්නේ ඇමෙරිකාවේ සංගීත රියලිටි තරගාවලියක්.ක්‍රිසි ටයිගන් සහ කූල් ජේ තමයි මේ වැඩසහටහන මෙහෙයවන්නේ. මොකක්ද ඇත්තටම මේ යුද්ධය? මේ වැඩසටහනට ආරාධනා ලබන්නේ හොලිවුඩයේ ඉන්න සුපිරිම තරු. කෙවින් හාර්ට්, ජස්ටින් බිබර්, ඩ්වේන් ජොන්සන්, ජීමී කිමල්, ජෙනිෆර් ලෝපස්, කියන්නේ එහෙම පැමිණි කිහිපදෙනෙකුයි. මෙහෙම ආරාධනා ලැබිලා මේ වැඩසටහනට එන්න ලැබෙන අයට සිද්ධ වෙන්නේ හැමෝම දන්නා ජනප්‍රිය ගීතයකට අනුව දෙතොල් සොලවන්නයි. එනම් ගීතය ගානයනා කරනවා වගේ දෙතොල් මෙහෙයවන්න. හැබැයි ගීතය ගයන්න බැහැ . අදාළ ගීතය පසුබිමින් වාදනය වෙනවා. ඒ නිසා වදරියට දෙතොල් සොලවන්නත් බැහැ . ගීතයේ වචන අනුව දෙතොල් සොලවන්නේ නැතුව ඉන්නත් බැහැ . මොකද හැම වැඩසටහනකම ජනප්‍රිය තරු යුදගලුඅක් සහභාගි වෙනවා. යුද්ධය තිබෙන්නේ ඒ දෙදෙනා අතරයි. හොදින්ම දෙතොල් සොලවන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ.

මෙම වැඩසටහන ආරම්භ වුනේ 2015 වසරේදී. මෙම වසරේ ව්කාශය වෙන්නේ ලිප් සින්ක් බැට්ල් හි තෙනවා සංස්කරණයයි. ඒ වගේම ඇමරිකාවට අමතරව වෙනත් රටවල් 16ක ඒ ඒ රටවල ජනප්‍රිය තරු යොදාගෙන මෙම වැඩසහටන විකාශය කරනවා.