5.5 C
New York
Tuesday, March 19, 2024

Buy now

spot_img

චාරිකා – 13 කොටස

මේ කතාව අතීත කතාවක් (Love story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.
කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.

 

චාරිකා – 13 ( Love story)

මම මෙහෙම කියන්නම්,

“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”

මම ධරණි චාරිකා

 

චාරිකා – 13 ( Love story of this week )



ධරණි…තේජාන්විගෙන් කොපි කළා නේ…?” කෙමා අහද්දි මම උඩ ගියා. කොපි කරන්න චාන්ස් එක සෙට් වෙලත් කොපි කළේ නෑ. නොකළමත් නෙමෙයි එහෙන් මෙහෙන්. හැබැයි තේජගේ එකම ෆොටෝ කොපි කළේ නෑ පෙට්ටි කිකිළි වගේ. ඒක නම් ෂුවර්.

කොපි කරන්න වුණේ නෑ මේ සැරේ නම්….” මම එහෙම කියන් පුටුවෙන් නැඟිට්ටා.

අහ්හ්…ඒ කියන්නේ කොපි කරනවා නේ නෝනා…” කෙමා හිනාවක් එක්කම කිව්වා.

ඒක අපේ අනන්‍යතාවයනේ….” දිල්කා පැනලා දුන්නා.

බලමුකෝ ලබන අගෝස්තුවේ… ආ…paper එක… හොඳයි උත්තර ලියලා තියෙනවා. හැබැයි පරිවර්තන ඔයිට වඩා හොඳට බලාගන්න කරද්දි. කලබල නැතුව කොපි කරන්න කරද්දි….” කියලා paper එක අතට දුන්නා. වාසනාවන් ඒක නම් ගොඩ.

Chemistry නම් ගොඩ ගියේම තේජගේ කටේ බලේට. ඒකි Chemistry දිය කරලා පෙව්වේ නැති ටික විතරයි.

හවස ඉස්කෝලේ ඇරිලා එද්දි ගීතික ඉන්නවා දැක්කම මං තේජගේ මූණ බැලුවා.

ගීතික නේද…?”

හ්ම්ම්…යමන් ගණන් ගන්න එපා..” තේජා මගේ අතින් ඇඳන් බස් හෝල්ට් එකට ගියා.

අපූවත් නෑනේ…හිටියා නම් මොකක් හරි ගොඩ යෑමක් යන්න තිබුණා…” මම කිව්වා.

කොහෙවත් යන කොල්ලෙකුට බය වෙන්න අපි…??? මෙන්න මෙහේ වර දෙකක් අනින්න….” මේකි එක්ක හිටියොත් නම් යසට තියෙන දත් ටිකත් නැතිවෙන පොටක්මයි සෙට් වෙන්නේ.

අපි දෙන්නා ළඟට ගීතික එද්දි මට නම් යක්ෂ කේන්ති.

“School bus ද යන්නේ…?” ගීතික ළඟා ඇවිත් ඇහුවා.

මමවත් තේජවත් උත්තර දෙන්න ගියේ නෑ උන්දැට. School bus එකේ නැතුව helicopter එකේ යන්ඩයැ. ගල් මූසලයා. 

අදට යන් private සල්ලි ප්‍රශ්ණයක් නෑ….” මුගේ අප්පගේ බූදලෙන් වෙන්න ඇති සල්ලි අරන් ආවේ. කොහොමත් ඒකෙන් වෙන්න ඕනේ. නැත්තන් මූ හම්බුකරන එකක් යැ.

එතකොටම වගේ විදුරංග අපි ඉන්න තැනට ආවා.

“School bus එක නැද්ද තාම…?” විදුරංග ගීතිකව සත පහකට ගණන් ගන්නේ නැතුව මගෙන් ඇහුවා.

නෑ…තාම….පරක්කුයි වගේ….” මම ගීතික දිහා නොබලම මිනිහට ඇහෙන්නම විදුරංගට කිව්වා. හරියට කාලයක් තිස්සේ මිනිහා එක්ක කතා කරනවා වගේ. ගීතිකට වඩා නම් විදුරංග සිය දහස් වාරයක් හොඳයි.

“School bus යනවද නැත්තන් අපේ තාත්ති තව ටිකකින් එනවා මාව එක්ක යන්න. මං ගෙදරින් drop කරන්නම් තාත්තිට කියලා. දෙන්නම යන්….” විදුරංග කියද්දි මං තේජා දිහා බැලුවා.

තාත්තලා යාළු නම් අපි යාළු වුණාම මොකෝ වෙන්නේ නේ…?” කියලා තේජා ගීතිකට ඇහෙන්නම කිව්වා.

යන් එහෙනම්….” කියලා විදුරංග මාවයි තේජවයි එක්කන් ගියේ රටක් රාජ්‍යයක් දිනා ගත්තා වගේ. සීන් එක නම් ටවුන් එකේම උන්ගේ අවධානේ දිනාගත්තා. සචිනියි අපූයි කොහේ හරි ඉන්නවද කියලා මට බලාගන්න බැරිවුණා.

අපූර්ව තරහා වෙයිද…?” විදුරංග අහද්දි මට හිනාගියා.

ඇයි ඒ…?” මම ඇහුවා.

එයාගේ කෙල්ලව මම ඉස්සුවා කියලා….” 

එහෙම එකක් නෑ….ඇයි දෙන්නා රණ්ඩු වුණේ…?”

ඔයා හින්දා නම් නෙමෙයි. වෙන සීන් එකක් ඒක…ගීතිකගෙම පල් වැඩක් හින්දා. දැන් ඒක හරි….”

කොල්ලෝ මේ මරාගන්නවා. මේ යාළුවෙනවා. අනේ මංදා මුන් නම්.

අරූ මොනාද කිව්වේ ඇවිත්….?” 

අදට private එහෙක යන් කිව්වේ….” තේජා කිව්වා.

ඕක සචිනිගේ වැඩක් කියලා අපූර්ව මට කිව්වා. මම ඒකයි අද ආවෙත්. අපූර්ව අද ඉස්කෝලේ එන්නේ නෑ කිව්වා….”

ඔයාලා දෙන්නා එච්චර ෆිට් කියලා අපි දන්නේ නෑනේ….”

ෆිට් කෙසේ වෙතත් ඌ හොඳ එකා. තරහා නොයන කල්….” විදුරංග කියද්දි මට හිතුනා ඇත්ත වෙන්න ඇති කියලා. පොර කොහොමත් කෙලින් වැඩ කරන එකෙක් නේ.

 

විදුරංග එක්ක ගෙදර ආව එක නම් අවුලක් වුණේ නෑ. Bus halt එකේ ඉද්දි එක්ක ආවා කියලා විදුරංගගේ තාත්තා කිව්වා. ඒක නිසා වැඩිදුර ප්‍රශ්ණ කිරීම් වලට ලක් වුණෙත් නෑ. අනික Chemistry වල ලකුණු කිව්වම අම්මා ඒ මදි කිය කිය උපදෙස් දුන්න නිසා කොහොමත් අවුලක් නෑ.

තේජා එක්ක චැටක් දාන්න හිතන් බයිසිකලේට නඟිද්දිම නංඟි ඇවිත් එල්ලුනා.

කොහේ යන්නද මේ වෙලාවේ…” අහන් අම්මා ආවා.

තේජාලා ගෙදර…”

පයින් යන්න…දෙන්නා ඩබල් දාලා ගිහින් තව එකක්…” ඕකනේ බැරි ඉතිං.

අයියෝ අම්මා…ගියා ආවා…එහෙනම් චූටිට එයාගේ බයිසිකලේ එන්න කියන්න…” මම කියන පමාවට නංඟි එයාගේ පොඩි බයිසිකලේ එක්ක ප්‍රාදූර්භූත වුණා. ඒක නිකන් වෙඩිල්ලක් වගේ.

අක්කටම හරියන නඟා. පරිස්සමින් දෙන්නා එක්ක. පාර පනිද්දි බයිසිකලෙන් එහෙම පනිනවා නෙමෙයි….” අම්මගේ දහසක් උපදෙස් එක්ක අපි දෙන්නා ගෙදරින් එළියට ආවා.

අක්කෙ…ඔයා මොකක් හරි අවුලකද…?” නංඟි අහපු විදියට මට හිනාගියා.

ඒ මොකෝ එහෙම අහන්නේ…” මම ළඟින් ගිය ගමේ කොල්ලෙකුට බෙල් එක ගහන ගමන් ඇහුවා.

යන්නං මචාං….” කියාගෙන ඌ ගියා.

විදුරංග අයියා එක්ක අක්කා යාළුද…? ඒ වුණාට ඊයෙ එහේ ගියාම එහෙම පාටක් මං දැක්කේ නෑනේ…” නංඟි කියාගෙන යනවා. ඒකි හොඳයි CID එකට යවන්න ලොකු වුණාම.

එයා අපේ School Bus එකේ. මේ සැරේ exam කරනවා. Boys College එකේ head..එච්චරයි….” මම බයිසිකල් එක එහෙට මෙහෙට පදින ගමන් කිව්වා.

ඒ වුණාට මට හිතෙන්නේ අක්කා අයියව ගොඩක් දන්නවා….” 

පැහිච්ච ආච්චි…ඕවා අම්මා එක්ක එහෙම කියනවා නෙමෙයි. මැට්ටි වගේ….” මම කියද්දි,

අහ්…අක්කා බය වෙන්න එපා…මම කියන්නේ නෑ….” අන්න නංඟිලා. 

තේජයි තේජගේ අම්මයි අපිව දැක්කම පුදුම වුණා.

කොළු බාග දෙක කොහෙද මේ හවස් වෙලා….” තේජගේ අම්මා එහෙම තමයි මටයි නංඟිටයි කියන්නේ.

නිකන් ආවා අම්මේ….” කියාගෙන මම බයිසිකලෙන් බැස්සා.

අන්න අල්ලපු ගෙදර හිමාෂි ඉන්නවා. ගිහින් සෙල්ලම් කරන්න….” තේජා කිව්වා. හිමාෂි නංඟිගේ දහම් පාසලේ යාළුවෙක්.

උඹ ආවේ නම් මොකක් හරි සීන් එහෙකට…” තේජා නංඟි යනකල් ඉඳලා අඹ ගහ යට බංකුවේ වාඩිවෙන ගමන් කිව්වා.

මට උඹ එක්ක කතා කරන්න ඕන කියලා හිතුනා. ඒකයි ආවේ බන්. මගේ ඔළුව අවුල් වෙන්න යන්නේ ආයේ….”

යමන් පන්සල පැත්තේ ගලට. අම්මා අහන් හිටියොත් උත්තර දීලා ඉවරයක් නෑ….” තේජා කිව්වා.

තේජා එක්ක ගිහින් පන්සලට පහළ ගලේ දෙන්නා වාඩි වුණා. හවස් වෙද්දි ඒ පැත්තම හරිම ලස්සනයි. අපේ පන්සලේ හැමදාම බෝධි පූජා තියෙනවා. ඉතිං හවස් වෙද්දි කවුරු කවුරු හරි පන්සලට එනවා. ඒක නිසා පාළුවකුත් නෑ. අනික පන්සලේ ඉන්න එක එක ජාතියේ සත්තු ටිකත් හවස් වෙද්දි ගලේ පොකුණ වටේ ඉන්නවා. පහළ ඉඳන් බැලුවම පන්සලේ බෝධියයි, සුදු පාට චෛත්‍යයි දැක්කම හිත නිකම්ම සන්සුන් වෙනවා.

මොකක් උඹේ අවුල….?” තේජා ටිකක් වෙලා මං දිහා බලන් ඉඳලා ඇහුවා.

මට අපූර්වයි විදුරංගවයි තේරුම් ගන්න බෑ…”

උන් දෙන්නගෙන් එකෙක් ගැනවත් exam එකට අහන්නේ නෑ…” තේජා කිව්වේ ටිකක් අමුතු voice එකකින්.

ඒක මං දන්නවා. ඒ වුණාට මේ වෙන දේවල් වලට මම ආස නෑ. මට ඕනේ පාඩුවේ ඉන්න. ඉස්සර වගේ. ඒත් දැන් නිදහසක් දැනෙනේ නෑ බන්…”

උඹ ඔය දෙකෙන් එකක්වත් සිරා ගන්න එපා බන්. ඊටත් ඉස්කෝලේ කාලේ ලව් කීයෙන් කීයද හරියන්නේ…?”

මට ලව් සීන් එකක් කොහොමත් නෑ බන්. එහෙම ලාවට හරි එකක් ආවේ අපූ ගැන. දැන් ඒකටත් හෙණ ගහලා වගේ. ඒ වුණාට මොකක් හරි අවුලක් වෙන්න යන්නේ කියලා දැනෙනවා….”

හ්ම්ම්ම්…කාත් එක්කවත් උඹේ වලියකුත් නැති එකේ කාටද ඕනේ උඹ එක්ක වලියකට සෙට් වෙන්න…???ඒක නම් මටත් හිතාගන්න බෑ. ඒ කොහොම වුණත් උඹ පොඩ්ඩක් පරිස්සමින් වැඩ කරපන්…”

මට අපූව meet වෙන්න ඕනේ….මේකේ අග මුල හොයාගන්න. මේ හැමදේම වුණේ එක පාරටම…ඒකයි මට තියෙන අවුල…”

ජීවිතේ දවසින් දවස සිද්ධ වෙන ඒවා කලින් දන්නවා නම් කොච්චර හොඳද බන්…එහෙම නම් මෙහෙම වද විදින්න ඕනත් නෑ…මම උඹට කියන්නේ මෙච්චරයි. Exam එක target කරපන්. ඒ ඇති දැනට….”

මතු සම්බන්ධයි.

 

love

 

[su_button url=”https://thewoman.lk/story-of-this-week/” target=”blank” background=”#dbd6da” color=”#090808″ icon=”icon: reply”]චාරිකා 12[/su_button]

 

 

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

Related Articles

Stay Connected

0FansLike
3,589FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles