Home Empowerment පොඩි පොඩි ප්‍රශ්න එනකොට ජීවිතය අතාරින්න හිතෙනවද ...?

පොඩි පොඩි ප්‍රශ්න එනකොට ජීවිතය අතාරින්න හිතෙනවද ...?

මුනිබා මසාරි

පොඩි පොඩි ප්‍රශ්න එනකොට ජීවිතය අතාරින්න හිතෙනවද …?
ජීවිතය ගැන කලකිරෙනවද…?
මොකටද ජීවත් වෙන්නේ කියලා හිතෙනවද …?

එහෙනම් කියවලම බලන්නකෝ ..

ඒ යකඩ ගැහැනිය …නමින් …

මුනිබා මසාරි…

පකිස්ථානයේ මැද පෙල පවුලක වැඩිමහල් දරුවා වූ මුනිබා ගේ කුඩා කල එකම අරමුණ එකම ආශාව චිත්‍ර ශිල්පිනියක් වීමයි.
නමුත් දිනක් ඇයගේ පියා ඇයගේ අධයාපනය අවසන් විමටත් පෙර වයස අවුරුදු 18 දී විවාහ යෝජනාවක් අරගෙන එනවා …

ආශ්‍රය කරලා නැති අඩුම තරමේ ඇහින් දැකලා වත් නැති එම පුද්ගලයා සමග විවාහ වීමට ඇය තීරණය කරන්නේ ඇගේ සතුටට වඩා දෙමව්පියෝ ගේ සතුටට ඇය මුල් තැන දෙන නිසා …
ජීවිතයේ සමහර වෙලාවට මවුපියෝ ගන්න හැම තීරණයක්ම හරි තීරණයක් නොවන බවට ඔප්පු වෙන්නෙ,ඒ විවාහය මුනිබාට සතුටුදායක විවාහයක් නොවන නිසා …රණ්ඩු සරුවල් අදහස් නොගැළපීම් මත ඉවසීමෙන් මුනිබා ඔහු සමග කාලය ගත කරනවා …

ඇය සමග ඇගේ සැමියා දිනක් තම වාහනය ගමන් කරන විට ,මුනිබා දකිනවා ඈත තියාම එයාලා රිය අනතුරකට මුහුණ දීමට සූදානම් වන බව ….
නිදිමතේ  ඉන්න තම ස්වාමිපුරුෂයාට ඒ බව දැනුම් දෙනවත් සමඟම ,ස්වාමිපුරුෂයා වාහනයෙන් ඉවතට පනිනවා.
මුනිබාත් සමග රිය අනතුරට ලක් වෙනවා…

පැය භාගයකටත් අධික කාලයකට පසු ගිලන් රථය පැමිණෙන විටත් හොද සිහියෙන් සිටියත් ඇය පවසා ඇත්තේ ඇයට ඇයගේ බෙල්ලෙන් පහල කොටස් කිසිවක් නොදැනෙන බවයි..
ගිලන් රථයට ඇයව නග්ගවා ගන්නා විට ඇය කියලා තියෙනවා ඇගේ ශරීරයේ තියෙන අස්ථි බිඳෙන හඬ ඇයට ඇසෙන බව .

ළඟම ඇති රෝහලට ඇයව ඇතුළත් කරත් එහි පවතින තත්වයන්ට අනුව ප්‍රතිකාර කිරිම අසිරු නිසා,පහසුකම් වැඩි රෝහලකට මාරු කර අරිනවා ඇයව.පැය ගණනාවක සංකීර්ණ සැත්කමක් අවසානයේ ඇයව කාමරයකට මාරු කර යවනවා..

ඊට පසු දිනයේ එහි පැමිණෙන ඇයගේ වෛදයවරයා ඇගෙන් විමසනවා ඔබ කුමක්ද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා එහිදි මුනිබා ඇගේ ළමාවිය ආසාව එනම් චිත්‍ර ශිල්පිනියක් විම පිළිබදව කියනවා..

ඒ වෙලාවෙදි වෙලාවේ දී එම වෛද්‍යවරයා කියනවා නැවත කිසිම දිනක ඇයට ඇයගේ ඇඟිලි සෙලවීමට හැකියාවක් නොමැති බව.
ඊට පසු දිනක නැවත පැමිණෙන වෛද්‍යවරයා පවසන්නේ නැවත කිසිම දිනක ඇයට කකුල් දෙක බිම තබා ඇවිදීමට නොහැකි බව
එහිදී ඇය හඬා වැටෙනවා, දුක් වෙනවා ,වේදනාවට පත් වෙනවා …
එකී, කඩාවැටීම හැඬුම් හඬ, මැඳ වෛද්‍යවරයා ඊළඟට කියන්න ගිය දේ නොකියා කාමරයෙන් පිට වෙනවා ..
නමුත් වෛද්‍යවරයා කිසිවක් ඇයට හංගා ඵල නොමැති නිසා නැවත පසුදින ආපහු පැමිණ මෙලෙස කියනවා.

සිදු වු රිය අනතුර නිසා ඔබට බොහෝ තුවාල සිදු වුනා..ඒක විශාල ලොකු අනතුරක් ..
අභ්‍යන්තරයට වෙලා තිබුණු හානි නිසා .නැවත කිසිම දිනක ඔබට මවක් වෙන්න බැහැ ..

එම අවස්ථාවේ ඇගේ ලඟින් සිටින්නේ ඇගේ මම පමණයි ..

වේදනාවෙන් කලකිරීමෙන් හඩා වැටුනු මුනිබා මවගෙන්න් අහනවා
“ඇයි මම මේ විදියට ජිවත් වෙන්න ඉතුරු වුනේ” කියලා..

එවිට ඇගේ මව කියනවා ….,
“”ලෝකයාට ඔබව උවමනා ඇති …ඔබගෙන් මොකක් හරි වැඩක් ගන්න ලෝකයාට ඇති …|

දෙවියන් ගාව ඔබ වෙනුවෙන් හොඳ සැලස්මක් ඇති..ඒ හින්දා ධෛර්යයෙන් අපි ඉස්සරහට මුහුණ දෙමු ඉස්සරහ ගැන හිතමු..”” කියලා ..

ඊට පස්සේ දවසක රෝහලට පැමිණෙන ඇගේ සැමියා ඇයට කියනවා ඔහුට ඇයගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව ,ඇය කැමැත්තෙන්ම ඔහුට දික්කසාදය ලබා දෙනවා

අනතුර සිද්ධ වෙලා මාස දෙකක් ඉක්ම වෙන තැන ඇය රෝහලෙන් පිටත් වෙලා ගෙදරට යනවා. එවිට වෛදයවරයා කියා සිටින්නේ වසර දෙකක් යනතුරු ඇදෙන් බැසීමට උත්සහා නොකරන්න කියලා

නිදියන විට එකම අයුරකින් නිදියන්න කියලයි වෛද්‍යවරු උපදෙස් දෙන්නේ .ඒ මුනිබගේ ශරීරය පුරා දමා ඇති සැත්කම් ඇණ හේතු කොටගෙනයි.

මදකට සිතන්න අවුරුදු දෙකක් ඇඳකට වෙලා එකම ඉරියව්වකින් ඉන්න කාටද පුළුවන්…???
අවුරුදු දෙක පුරාම ඉතාම කැපවීමෙන් ඇගේ ඇඟිලි වලට කරන ව්‍යායාම හින්දා ඇයගේ ඇඟිලි සෙලවීමට වැඩ කිරීමට ඇයට හැකි වෙනවා

ඔය කාල වකවානුවේදී ඇගේ සැමියා නැවත විවාහ වූ බව දැන ගන්නා මුනිබා ඔහුටද සුබ පතා සුභ පැතුම් පණිවිඩයක් අරිනවා …

ලෙඩ ඇඳක හුදකලාව කාලය ගතකරන මුනිබා මනසේ එකතැන් කර ගැනීමේ සටන, යුද්ධය ජය ගන්නවා …
ඇය හීන් දකිනවා,ජීවිතයට ආදරය කරනවා…ඇය අවසානයේ දිනනවා

දැන් ඇය මුළු ලෝකයම අදුරන අභිප්‍රේරණය කථිකයෙක්,,දක්ෂ චිත්‍ර ශිල්පිනියක්,,වෙළද සන්නාම දරන්නියක්..
ඒ වගේම UNහී කන්තා සංවිධානයේ පකිස්ථානු නියෝජිත වරියයි..

ඔය කාල කාලවකවානුවේදී ම තමයි ඇය පකිස්ථානය පුරා තමන්ට හදාගන්න දරුවෙක් හොයන්නේ ..
දෙමව්පියෝ නැතුව අසරණ වෙච්ච දරුවෝ කොච්චර ඉන්නවද…??
ඇයි මට එහෙම කෙනෙක්ට අම්මා කෙනෙක් වෙන්න බැරි ..
ඇය එහෙම හිතනවා..

ආයතන කීපයකටම ඇය ඉල්ලුම් පත්‍ර යොමු කරනවා …දවසක් ඇයට පාකිස්ථානයේ ඈත ගමක එවැනි ආයතනයකින් දුරකථන ඇමතුමක් එනවා …දරුවෙක් ඉන්නවා හදාගන්න කැමතිද අහලා …

ඇය බොහොම සතුටෙන් එම අවස්ථාව හිමිකර ගන්නවා …

එමෙන්ම ඇය දැන් ආදරණීය භාරකාර මවක්..තවමත් ඇයට වයස අවුරුදු 33 යි.ගොඩාක් ලස්සනයි..

ඇය කියන්නේ මුදල් පරමාර්ථයම විතරක් හිතේ තියාගන්න එපා කියලා ,එළියට යන්න ,මිනිස්සු දකින්න, මිනිස්සුන්ව මුණගැහෙන්න, අවශ්‍ය මිනිස්සුන්ට උදව් කරන්න …ඒ ඇගේ වචනයි.

අනතුරෙන් ඇයට අහිමි වුනේ..ඇයගේ පාද වල ක්‍රියාකාරිත්වයත්…
කිසිම විටක සැනසීමක් නොතිබුනු නොගැලපෙන විවාහා ජිවිතයත් පමණයි..

ඉතින් අපිට අපේ ජීවිත වල මොනවද නැතිවෙලා තියෙන්නේ…???
පොඩි පොඩි දේවල් හින්දා අපි කොච්චර අපේ ජීවිතයේ ඉදිරි ගමන නවත්තලා ඉදිරි බලාපොරොත්තු අතැර ගන්නවද ….?

වාහනය අනතුර වෙන අවස්ථාවේ ,ඇගේ ස්වාමි පුරුෂයා ඉවතට පනිනවා ..
අද කතා කරනකොට පවා ඇය ඔහු එහෙම ජීවිතය බේරාගත්ත එක ගැන ගොඩක් සතුටුවෙනවා .
ඇය ඔහුට වෛර කරන්නේ නෑ ..

“මරණයට පෙර මිය යන්න එපා”මුනිබා කියන්නේ එහෙම..

ජීවිතය සිද්ධ වෙච්ච අනේකවිධ කඩා වැටීම් හමුවේ,මුනිබා ජීවිතේ ජයගත්තා..

ඔබට ,මට හිතන්න ගොඩක් දේවල් තියෙනවා…කියවන්න ලිපිය …ආයේ ආයේ කියවන්න…
කඩා වැටිලාද ඉන්නේ…??
එපා වෙලාද ඉන්නේ..??
මැරෙන්න හිතෙනවද …??

නැගිටින්න…ආපහු අලුතෙන් පටන් ගන්න..

 

ස්තූතියි .
.