Saturday, April 20, 2024

Top 5 This Week

Related Posts

ඉන්දියානු රුමතියන්ගේ රුපලාවන්‍ය රහස්

ඉන්දියාව කියන්නේ ලෝකයේ ලස්සනම කාන්තාවන් සිටින රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා රටක්. ඒ වගේම ලස්සන කාන්තාවන් වදින ප්‍රමාණයක් ඉන්න රට තමයි ඉන්දියාව. මොකක්ද මේ ලස්සන පිටුපස තිබෙන රහස ? ඒ තමා රුව ලස්සන කරන බාහිර ප්‍රතිකර්ම වගේම අභ්‍යන්තර ප්‍රතිකර්මත් ඔවුන් භාවිතා කිරීමයි.

 

ඉන්දියානු කාන්තාවන්ගේ රුපලාවන්‍යගාරය වන්නේ නිවසයි. ඔවුන් තම රුව රක ගැනීමට බොහෝ දේ සොයා ගන්නේ තමන්ගේ නිවසේ පරිසරයේ අවට ඇති ගහ කොළ ඇසුරින්. ඒ වගේම තමයි ඔවුන්ගේ ඇවතුම් පැවතුම් රටාවද බොහෝ සෙයින් මෙයට උපකාරී වේ.

 

එළකිරි පානය

විශේෂයෙන් මෙය නිතර පානය කිරීමත්, දිනපතා එයට කුංකුම රේණු එකතු කිරීමත් සිදුකරනවා. නිතර එළකිරි පානය කිරීම දිර්ඝායුෂ ලැබීමටත්, අස්ථි ශක්තිමත් වීමටත් උපකාරී වෙනවා.

 

තල තෙල්

අලුත උපන් දරුවාගේ දින තුන හතරක් පමණ ගත වූ පසු මඳක් රත් කරගත් තල තෙල් ශරීරය පුරා ගල්වා උදේ හිරු එලිය වැටෙන ස්ථානයක දරුවා විනාඩි කිහිපයක් තබා නහවන්න.

 

නෙල්ලි යුෂ පානය

මෙහිදී ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු සිරුරේ උෂ්ණාධිකභාවය සමනය කිරීමටත්, වයසට යාම වලක්වා තරුණ බව ආරක්ෂා කිරීමටත්, සමේ නිරෝගී බව සඳහාත් ස්වභාවික ඖෂදීය පානයක් ලෙස නෙල්ලි පානය කිරීම ඉන්දියානු කාන්තාවන් අතර ප්‍රචලිතයි. නෙල්ලි, මි පැණි හා ගිතෙල් සමඟ අනුභව කිරීම මඟින් තම රුව වඩාත් වර්ධණය කරගැනීමට හැකිය.

 

එමෙන්ම වෙනිවැල්, කහ, රෝස වතුර සමඟ තලපයක් සේ සකසා ශරීරයේ ආලේප කර විනාඩි පහළොවකට පමණ දමා සෝදා දැමීමද සිදු කරනවා. මෙමගින් සම වර්ණ ගැන්වීමත්, සම ආරක්ෂා වීමත් සිදු වෙනවා.

 

 

 

Popular Articles