Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

සාම්ප්‍රදායික ඔසරි විලාසිතාව වෙනස් කරන්න එපා

විලාසිතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වයස, අත්දැකීම්, පාරම්පරික උරුමය, අනුව ව්දිහිටි හා යොවුන් පරපුර විලාසිත කරන අකාරය වෙනස් වේ. නමුත් සංස්කෘතික වටිනාකමක් ඇති ඇඳුම් ආයිත්තම් වෙනස් කරන්නට යාමේදී ඔබ අතින් බොහෝ වැරදි අඩුපාඩු සිදුවීමට පුළුවන්.

තුන් තැල්ල වෙනස් කරන්න එපා
තුන් තැල්ල යන නමින්ම කියවෙන අයුරින් මෙය තුන් දිශාවකට විහිදුන ආභරණයකි. එයින් අදහස් කරන්නේ මනාල පාර්ශවයත් මනාලියගේ පාර්ශවයත් එක් වී දිගු ගමනක් යන බවයි. තුන් තැල්ල වර්තමානයේ නවීකරණය වී ඉන්දියානු හා බටහිර ආභාෂය ලබමින් එක පැත්තකට පමණක් තිබෙන පරිදි තැලි බැඳීම හෝ හිසේ ඉදිරිපස සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි තැලී පැළඳීම සිදු කරයි.එය සම්ප්‍රධාය පිලිබඳ නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීමකි.මේ නිසා සිංහල ක්‍රමයට හැඩ වී පතිකුලයට පිවිසෙන යුවතියක් කිසිදු ලෙස තුන් තැල්ල වෙනස් කිරීමට හෝ පළඳනා පැළඳීමට උත්සහ නොකරන්න. ඔසරි විලාසිතාවෙන් සැරසේනවානම් තුන් තැල්ල අනිවාර්ය අංගයක් වේ.

 

කොන්ඩ මෝස්තරය

ශරීර ප්‍රමාණය අනුව ගෙල දෙසට නැඹුරුව කොණ්ඩය බැඳීම සාම්ප්‍රදායික උඩරට කොන්ඩ විලාසිතාවයි. වෙනස් කොන්ඩ මෝස්තර සාම්ප්‍රදායික ඔසරියට නොගැලපේ.

 

 

හිස් පළඳනා එපා
සාම්ප්‍රදායික ඔසරි විලාසිතාවට අයත් වන විවිධ ආභරණ පවතී. මෙහිදී හිස් පළඳනාවට ද වැදගත් තැනක් හිමි වේ. වර්තමානයේ කරන පරිදි ඉන්දියානු හෝ බටහිර ආභරණ කොන්ඩ මෝස්තරයට දීම නිසා උඩරට මනාලියන්ගෙන් කාන්තා පෞර්ෂයට හානි සිදුවේ. ඒ නිසා ස්වභාවික මල් සමඟ සාම්ප්‍රදායික ආභරණ වලින් හිස සරසා ගන්න.

 

 

සාය විලාසිතාව යොදා නොගන්න
ඔසරි විලසිතාවේ පහල කොටස සඳහා සායක් ඇඳ ඉහල පෙදෙස ඔසරි විලාසිතාවට අනුව සකසා මාල 7 පැළඳීම කිසිසේත්ම සුදුසු නැත. එය උඩරට සාම්ප්‍රදායික ඇඳුමට හිමිවන සංස්කෘතික වටිනාකම හා ගෞරවය විනාශ කිරීමකි.

 

 

Popular Articles