ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ Western concept එකක් ද

women

අපි නිරතුරුවම ඔබ වෙත ගෙනෙනවා සාර්ථක කාන්තාවන් ( women ) පිලිබඳ සහ ඔවුන්ගේ ජිවිත කතාව පිළිබඳව. ඇය නමින් ආචාර්ය අනුෂා එදිරිසිංහ. මෙවර thewoman.lk අපි ඇය සමගයි පිළිසඳරක යෙදුනේ. ඉතින් අපි අහල බලමු ඇය ගැන..

 

ඔබ කවුද ?

මම ආචාර්ය අනුෂා එදිරිසිංහ. අපරාධ විද්‍යාව පිලිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය වරියක් විදිහට කටයුතු කරනවා. මගේ ප්‍රථම උපාධිය කලේ ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යයාලයේ 2000 වර්ෂයේ pass out වන විට මම විශ්ව විද්‍යයාලයට ඉදිරිපත් කළ නිබන්ධනය තමයි ” කාන්තා හිංසනය ” රත්නපුර දිස්ත්‍රිකයෙන් තමයි මම මේ අධ්‍යනය කලේ.

 

ඔබ 2011 දී කැලණිය විශ්ව විද්‍යයාලයට යනවා

ඔව්. මම 2011 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යයාලයට යනවා අපරාධ විද්‍යාව පිලිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය වරිය ලෙසට සමාජ විද්‍යා අංශයට මම යන්නේ. එතැන් සිට මේ දක්වා මම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ පර්යේෂණ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ.

 

ඔබ කරපු එක් පර්යේෂණයක් තමයි ලංකාවේ ස්ත්‍රී දුෂණ සහ කාන්තා ( Women ) හිංසනය

මාගේ පලවෙනි පර්යේෂණය තමයි ගෘහස්ථ හිංසනය. මගේ ශාස්ත්‍රපති උපාධිය මම කලේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යයාලයේ සහ ස්වීඩනයේ උත්සලා විශ්ව විද්‍යයාලයේ වෛද්‍ය පිඨය ආශ්‍රයෙන්. මගේ දෙවන පර්යේෂණය තමයි ලංකාවේ ස්ත්‍රී දුෂණ සහ කාන්තා හිංසනය. මෙය මම කලේ කැලණිය සහ රත්නපුර රත්නපුර පොලිස් කොට්ඨාශ ඇසුරෙන්.

ඔබගේ දෙවැනි පර්යේෂණය පසු ඔබේ ආචාර්ය උපාධිය සඳහා ඔබ කරන්නේ යුධ වැන්දඹුවන් මුහුණ දෙන අනුවර්තනිය ගැටළු. ඒ ගැන පොඩ්ඩක් විස්තර කලොත්

මගේ දෙවන පර්යේෂණයෙන් පසුව මට ස්වීඩනයේ ශිෂ්‍යත්වයක් ලැබෙනවා. ඉන් පසු මම මගේ ආචාර්ය උපාධි කටයුතු ආරම්භ කළා. එතැනදී මම කලේ යුධ වැන්දඹුවන් මුහුණ දෙන අනුවර්තනිය ගැටළු. මෙහිදී මම කථා කරන්නේ ලංකාවේ ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ බිරින්දෑවරු වැන්දඹුභාවයට පත් වුන අය ගැන තමයි මගේ දෙවන පර්යේෂණය ලෙස කලේ. ඒ මගේ ප්‍රධාන පර්යේෂණය

 

බ කාන්තා (Women) කටයුතු අමාත්‍යාංශයත් සමඟ වැඩ කරනවා

ඔව් මම කාන්තා කටයුතු අමාත්‍යංශයේ Gender Trainer කෙනෙක් විදිහට වැඩ කරනවා.

 

women

 

මේ දවස් වල ඔබ මොකද කරන්නේ ?

මේ වෙනකොට මම කැලණිය විශ්ව විද්‍යයාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂක වරිය ලෙසට වැඩ කරනවා 2017 වර්ෂයේ සැප්තැම්බර් මස සිට. ඒ අනුව අපි Inter University Gender Festival එකක් කළා අන්තර් විශ්ව විද්‍යයාලිය වශයෙන් කොහොමද Gender Equity Equality ව්‍යාප්ත කරන්නේ කියන කාරණය පිළිබඳව.

 

බොහෝ දෙනෙක් අද කියන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ Western Concept එකක් කියලා. මෙහිදී Women’s rights ගැනයි අපි කතා කරන්නේ. මේක ලංකාවේ සංස්කෘතියත් එක්ක ගැලපෙන්නේ නැති කාරණයක් කියලයි සෑම කෙනෙක්ම කියන්නේ. මෙය ගැලපෙන්නේ නැති මාතෘකාවක් ඇයි ඔබ තුමිය මේ ගැන කතා කරන්නේ කියලා අහන්නේ.

ඔබ බන්ධනාගාරයේ කාන්තා ( women ) අංශයත් සමඟ වැඩ කරනවා නේද

ඔව් මම බන්ධනාගාරයත් සමඟ වැඩ කරනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයේ සිටින කාන්තා රැඳවියන් සමඟ. මේ වන විට ජාතික කාන්තා කටයුතු සංගමයත් මේ සඳහා විවිධ පියවර අරගෙන තියනවා. ඒ කුමක් කල හැකි ද කියන එක පිළිබඳවයි. සමහර රැඳවියන් ඉන්නවා ඔවුන්ට එලියට එන්න විදිහක් නැහැ. නීතියේ පිළිසරණක් නැතුව, නීතියේ පිළිසරණ ගන්න ක්‍රමවේදයක් දන්නේ නැතුව ඉන්න ඒ වගේ අය සම්බන්ධව කොහොමද අපිට කටයුතු කරන්න පුළුවන් කියලා අපි සොයා බලනවා.

 

බොහෝ වෙලාවට කාන්තාවන් නැවත නැවතත් බන්ධනාගාර ගත වෙන්නේ සුරා බදු වැරදි යටතේ හෙරොයින් ඩිල් කරන එක / හෙරොයින් පාවිච්චිය සහ Sex Workers විදිහට ඉන්න අය. ඉතින් ඒ අයට බන්ධනාගාරය තුල කෙටි පුහුණුවක් හෝ විශෝධන වැඩසටහන් නැහැ. ඉතින් අමාත්‍යංශ මට්ටමින් හෝ රාජ්‍ය නොවන සංවිධාන මට්ටමින් හෝ අපිට පුළුවන් කම තියනවා නම් ඒ අයව Rehabilitate කරන්න ක්‍රමවේදයක් හදන්න එක වැදගත් වෙනවා. හැබැයි එය Policy Level එකෙන් එන්න ඕනි. ජාතිකා කාන්තා කමිටුව සමඟ එක්ව කෙටි කාලීනව බන්ධනාගාරගතව ඉන්න රැඳවියන් සඳහා පුනුරුත්තාපන වැඩ සටහනක් පුනුරුත්තාපන වැඩසටහනක් එලි දක්වන්න කටයුතු කරමින් සිටිනවා.

 

ඔබ විශ්ව විද්‍යයාල නවක වධය සම්බන්ධ කාර්යසාධක බලකායේ ලේකම් වරිය ලෙසින් කරනවා නේද?

ඔව්. මෙහිදී මම දකින්නේ නම් නවක වධය අපරාධයක් කියලා. එත් එක ළමයින් කියන්නේ සමාජානුයෝජනයක් කියලා. එය සමාජානුයෝජනයක් වෙන්නේ නැහැ. අද වෙනකොට නවක වධය Drugs, ගංජා, ඇල්කොහොල් එක්ක සම්බන්ධයි. ඒ නිසා ගොඩක් අද සිද්ධ වෙන්නේ Sexual Violence සිද්ධ වීමේ  ප්‍රවණතාවයක් තියනවා. ඒක නෑ කියන්න බැ. මේ සම්බන්ධව ගත්තම එවැනි දේවල් වැළැක්වීම සඳහා අපිට අද පියවර ගන්න සිද්ධ වෙලා තියනවා. මේ වෙනකොට Action Plan හදලා තියනවා. අද නවක වධයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන මට්ටමට විශ්ව විද්‍යයාලය ඇවිත් තියනවා.

 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් ඔබ වෙනත් රටවල් වල වැඩසටහන් වලට සහභාගී වෙනවා නේද

ඔව්. මේ වෙනකොට මම රටවල් 14 – 15ක පමණ සම්මන්ත්‍රණ වලට සහභාගී වෙලා තියනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධව.  මම මේ මාතෘකාව සම බන්ධයෙන් ගුරුවරු පුහුණු කරන්න චීන වැඩසටහනක් සමඟ සම්බන්ධවෙලා ඉන්නවා. Teacher Traning Institute වල ගුරුවරු පුහුණු කරන්න අවුරුදු 03ක Project එකක් UNESCO එකෙන් කරනවා. UNESCO Country coordinator විදිහට කටයුතු කරන හිමාලි ජිනදාස මහත්මියගේ  මැදිහත් වීමෙන් තමයි එම වැඩ කටයුතු කරගෙන යන්නේ.  

ඔබ ගෘහනියක්, ආදරණිය මවක්. ඉතින් ඔබ මේ සියලු දෙයත් සමග ඔබේ කාලය කළමනාකරණය කර ගන්නේ කොහොමද ?

සාමාන්‍යයෙන් මම උදේ වැඩ පටන් ගන්නේ පාන්දර 4.45ට. මගේ ස්වාමි පුරුෂයා මට ගොඩක් සහයෝගය ලබා දෙනවා. මගේ මව පහුගිය අවුරුද්දේ තමයි අන්ත්‍රා වුනේ. ඉතින් ඒ වෙනතෙක් ඇයත් මට ලොකු අහයෝගයක් ලබා දුන්නා. පවුලේ අයගේ සහයෝගය නිසා තමයි අද මම මේ තැන ඉන්නේ.

 

women