ඉරාන විප්ලවය

Categories

Share

1979 ඉරාන විප්ලවය මගින් ඉරානයේ මොහොමඩ් රෙසා පල්ලවි රජපෙලපත වෙතින් අයදුල්ලා කුමෙනි ඇතුලු පිරිසට බලය හුවමාරු විමක් සිදුවිය. මෙම විප්ලවය මගින් ඉරානයේ ආගමික පුජකයන් වෙත බලය හිමි ඉස්ලාමීය රාජ්‍යයක් බිහි විය.1979 ඉරාන විප්ලවය සදහා මොහොමඩ් රෙසා පල්ලවිගේ බටහිරකරණ ප්‍රතිපත්ති සහ ඉරානයේ ආර්ථිකයේ බිදවැටිම් යනාදීය මුලිකව හේතුකාරක විය. ඉරාන විප්ලවයට පෙර සහ විප්ලවයට පසු ඉරානයේ කාන්තාවන්ගේ අයිතින් පිලිපදව සමාජ ජාල වල සැරින් සැරෙ විවිධ ආකරායේ අදහස් හුවමාරුවේ. එහිදි වඩාත්ම සාකච්ඡා වන , අදහස් හුවමාරු වෙන සහ විවෙචනය වන කරුණක් වනුයේ විප්ලවයට පෙර සහ පසු කාන්තාවන් ගේ ඇදුම් වල වෙනසයි.

1979 ට පෙර ඉරානයේ ටෙහෙරාන් අගනුවර තුල බටහිර ඇදුම් ඇදගත් කාන්තාවන්ගේ දර්ශණ සුලභ වු බව කියැවේ. ඇතැම් මුලාශ්‍ර අනුව එම කාලසිමාව තුල කාන්තාවන්ගේ ඇදුම් සම්බන්ධ ආගමික හෝ සමාජිය වශයෙන් නීති රිතී,වාරණ නොතිබුණු බව පැවසේ. තවත් මුලාශ්‍ර වලින් පැවසෙන පරිදි මොහොමඩ් රෙසා පල්ලවිගේ බටහිරකරණ ප්‍රතිපත්ති නිසාවෙන් සාම්ප්‍රදායික ඉස්ලාම් ඇදුම් වලට එරෙහිව යම් නීති රිති පැනවුණ බවය. කෙසේ නමුත් විප්ලවයට පෙර ආගමික වශයෙන් දැඩි බලපෑමක් නොතිබුණ රටක් ලෙස ඉරානය හැදින්විය හැක. නමුත්1979 විප්ලවයෙන් පසුව මේ සියල්ලම වෙනස් විය.රටේ පාලන බලතල ඉරාන ආගමික පුජකයන් හට හිමි වු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මොහොමඩ් රෙසා පල්ලවිගේ බටහිරකරණ ප්‍රතිපත්ති වලට විරුද්ධව ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය. එමගින් ඉරානයේ තවදුරටත් කාන්තාවන් ගෙ ඇදුම් අඩනිරුවත් නොවන ඇදුම් වියයුතු බවට නීති පැනවිණි.ඉන් එහාට ගොස් සියලුම කාන්තාවන් හිස තෙක් ආවරණය කල යුතු බවත්, කාන්තාවන් ශරිරය නිරාවරණය වන ඇදුම් ඇඳිම තහනම් කිරිමට අදාල පියවර ගන්නා ලදි.

මේ පිලිබදව සමාජ ජාල වල සංවාද බොහෝමයක් ඇතිවිය. 1979 ඉරාන විප්ලවයෙන් පසුව කාන්තාවන් හට පැනවුණ එම නීති රිති පිලිබදව බොහො පිරිස් දැඩි ලෙස විවේචනය කරන්නට විය. ඔහුන් බොහො දෙනෙකුගේ මතය වුයේ කාන්තාවන්ගේ ඇදුම් පිලිපදව තීරණය කිරිමට ආගමට අදාල කාර්යයක් නොවන බවය.එලෙස ආගමික නීති රිතී වලට යටත් වීම නොකළ යුතු බවත්, දැඩි ලෙස ආගම්වාදී වි එම ආගමික නීති රිති පිලිගැනිම නොකළ යුතු බවය. ඔහුන්ගේ තර්ක අනුව එලෙස දැඩි ලෙස ආගමික විශ්වාසයන් පිලිගැනිම්න් ආගමික නීති රිති වලට යටත් විම තුලින් ආගමික අන්තවාදය පෝෂණය කිරිමක් සිදුවිමට ඉඩකඩ ඇති බවය.ඒම ආගමික අන්තවාදය සියලුම වැසියන් හට ,ලෝකයට තර්ජනයක් ලෙසය. මෙම තර්ක සැලකිමේදි පුද්ගලික මම විශ්වාස කරන කරුණක් නම් කාන්තාවන්ගේ ඇදුම් පිලිබදව තීරණය කල යුත්තේ ආගමික පද්ධතින් නොව අදාල කාන්තවගේ ස්ව තිරණ ගැනිම මත සිදුවිය යුතු බවයි.ඒ පිලිබදව තීරණය කිරිමේ අයිතියක් ආගමට හෝ සමාජයට හෝ අදාල කාන්තාවගේ සමීපතමයන්ට හෝ හිමි නොවන බවය.

යමෙකු තීරණ ගැනිමෙදී එම තීරණය සහ එම තීරණය තුලින් පැන නගින ප්‍රතිඵල පිලිබදව වගකිම එකී තීරණය ගනු ලබන්නා විසින් දරන්නෙ නම්, එය අනිකුත් පිරිස් විසින් ප්‍රශ්ණයක් කර ගතයුතුද ? නැත. එසේම යමෙකුට තමන්ගේ ජිවිතය පිලිපදව , තමන් ගැන තීරණ ගැනිමේ අයිතිය ස්වාභාවිකවම හිමිවන්නකි.එකී අයිතිය ආගමික පද්ධතින් වල හෝ සමාජීය බලපෑම් තුලින් උල්ලංඝනය නොවිය යුතුය. යමෙක් තීරණය ගැනිමේදි ඔහු හෝ ඇය එකී තීරණය ගැනිමට පෙර ඒ සදහ විවිධ කරුණු කාරණා පිලිබදව අවබෝධයකින් යුතුව සිතාමතා තීරණය ගැනිම සාමාන්‍යයෙන් සිදුවේ. මෙහිදී එකී තීරණය ගැනිමේදි ඒ සදහ විවිධ හේතුව සාධක පදනම් විය හැක.උදාහරණයක් ලෙස කාන්තාවන් යම් කිසි ඇදුමක් ඇදිම පිලිබදව තීරණය කිරිමේදි එම ඇදුමේ වර්ණය, ඇඳුමේ ස්වරූපය , ඇදුම අදින ලබන අවස්ථාව ආදි සාධක මත පදනම් ව තීරණය ගැනිම ඇය විසින් සිදු කරයි. නමුත් එම තීරණය ගැනිමේදි ඇයගෙ කැමැත්තට එරෙහිව නීති රිති , වාරණයකිරිම් හෝ බලපෑම් එල්ල විම තුලින් සිදුවන්නෙ ඇයට ඇය ගැන තීරණ ගැනිමේ අයිතියට බාධා එල්ලවිම හා එම අයිතිය උල්ලංඝනය විමකි.

නැවත අප ඉරාන විප්ලවයට අදාල සිදුවිම ගැන අවධානය යොමු කලහොත් , ඉරාන විප්ලවයෙන් පසුව ඉරානයේ කාන්තාවගේ තීරණ ගැනිමට අදාලව බාධාවන් ආගමිකව සහ සමාජීමය වශයෙන් නිර්මාණය වි ඇති බව දක්නට ලැබේ. ආගමික පුජකයන් විසින් ඉරාන කාන්තාවන් ගේ ඇදුම් ඇඳිම පිලිබදව නීති රිති පණවමින් ඇයගේ තීරණ ගැනිමේ අයිතිය උල්ලංඝනය කිරිමක් සිදු කර ඇත. ශරිරය නිරාවරණය වන ලෙස ඇඳිම සහ නොඇදිම පිලිබදව තීරණය ගැනිමේ අයිතිය ආගම සතු කාර්යයක් නොවේ.එය සමාජය සතු කාර්යයක්ද නොවේ. එය අදාල ඇදුම අදින්නා විසින් ගනු ලබන තීරණයකි.

එසේම අප තේරුම් ගත යුතු කරුණක් ඉතුරුව ඇත.මෙහිදී ඉරාන කාන්තාවගේ තීරණ ගැනිමේ ක්‍රියාවලියේ බාධාවන් වනුයේ ආගමික පද්ධතිය සහ සමාජයයි. නමුත් යම්ලෙසකින් එවැනි ආගමික හෝ සමාජීය බාධාවන් නොමැති වාතාවරණයක් තුළත් ඇය විසින් වර්තමානයේ මෙලෙස විවේචනය කරන ඇදුමම ඇයගේ කැමැත්ත මත ඇදිමට තීරණය කල හොත් අප එම තීරණය විවේචනය කල හැකිද ? අප විසින් පෙර සාකච්ඡා කල පරිදි ඇය විසින් ස්වේච්ඡාවෙන්ම ගනු ලබන තීරණයක් විවේචනය කරමින් එම තීරණය ගැනිමට බාධා කිරිමට අයිතියක් කිසිවෙකුටත් නොමැත. කාන්තාවන් ඇදිය යුත්තේ ඇය කැමති ඇදුම්ය.

නමුත් කාන්තාවන් ගේ ඇදුම පිලිබදව සැලකිමේදි මුස්ලිම් කාන්තාවන් ගේ ඇදුම් ගැන බොහෝ පිරිස් විවේචනාත්මක ප්‍රකාශන සිදුකරයි.හාස්‍යජනක කරුණ නම් කාන්තාවන් විසින් ඇදිය යුත්තෙ ඇයගේ රුචිය පරිදි යැයි පවසමින් මුස්ලිම් කාන්තාවන් ගෙ ඇදුම් විවේචනය කරන පිරිස් හට යම් ලෙසකින් මුස්ලිම් කාන්තාවක් මේලෙස ඔබලා විවේචනය කරන ඇදුම මා අදිනු ලබන්නේ ආගමික බලපෑම් මත නොව හුදෙක් මාගෙ රුචිය පරිදි යැයි පැවසුවහොත් ඒයට එම පිරිස් විසින් සිය විරෝධතාවය ප්‍රකාශ කරයි.එය සැබෑවින්ම පරස්පරයි. සැබෑ ලෙස බැලුවිට එහි ඇත්තේ කාන්තාවන් ගේ අයිතිය ගැන කතා කිරිමක් නොව හුදෙක් ආගමික විරෝධතාවයක් නොවේද ? එමගින් ඔහුන්ද ගොඩනගන්නෙ එකී තීරණය ගැනිම සිදු කරන කාන්තාවන් හට සමාජීය බලපෑමක් නොවේද ?

එසේම, මුස්ලිම් කාන්තාවන් එලෙස ඇයගේ කැමැත්ත ඇතිව ශරීරය ආවරණය වනසේ හිසද වසා ගනිමින් ඇඳිම යම් පිරිස් දකින්නෙ මිලේච්ඡ , නොදියුණු ආගමිවාදි ක්‍රියාවක් ලෙසය.මේ සදහ ඔහුන් සසදන්නෙ බටහිර සංස්කෘතිය සමග වන අතර එහිදි ඔහුන් එම බටහිර සංස්කෘතිකය උසස් ලෙස සලකයි.එසේම මෙලෙස ශරිරය ආවරණය වන ලෙස ඇදුම් අදින පිරිස් ( බොහො විට මුස්ලිම් කාන්තාවන් ) ශරිරය නිරාවරණය ලෙස අදින පිරිස් මිලේච්ඡ ,නොදියුණු , අශිලාචාර ක්‍රියාවන් සිදුකරන පිරිස් ලෙස සලකයි.ඔහුන් එය සසදන්නෙද තමන්ගේ සංස්කෘතිය උසස් ලෙස සලකමින් ය. මෙය සංස්කෘතික ආධිපත්‍යයක් නොවේද ? කාන්තාවක් ශරීර නිරාවරණය හෝ ආවරණය කිරිම මත ඇයගේ ශිෂ්ඨ සම්පන්න බව,මිලේච්ඡ බව තීරණය කරන්නෙ කේසේද ?

කාන්තාවන් ගේ අයිතින් පිලිබදව ප්‍රශ්ණ කරන අප සියල්ලෝම මේ ප්‍රශ්ණය තේරුම් ගත යුතුය. මේ සිහින් වුත් සංකීර්ණ ප්‍රශ්ණයකි. යම් කාන්තාවගේ තීරණය ගැනිමට බලපෑම් කරන්නා වු ආගමික පද්ධතින් වල බලපෑම් සේම සමාජීය බලපෑම් වලට විරුද්ධවද අප හඩ අවධි කල යුතුය. එහිදි කාන්තාවන් ගේ තීරණ ගැනිම සදහ බලපෑම් කරන්නා වු කරුණු පිලිබදව අප අවස්ථාව අනුව සොයා බලා එම බලපෑම් වලින් යටපත් නොවන්න ඔහුන්ට සහයෝගය ලබාදිය යුතු ය.

Author

Share