” මියෙන්න පුතුනේ මියෙන්න වධවිද හෙළන්න පුතුනේ හෙළන්න ලේ කඳ “

Categories

Share

” මියෙන්න පුතුනේ මියෙන්න වධවිද
හෙළන්න පුතුනේ හෙළන්න ලේ කඳ ”

ජේසුවහන්සේ කුරුස ගත කරන විට සමහරක් මිනිසුන් උපාහසයෙන් යුතුව මෙසේ පැවසුවේය ,

” ඔහු අනුන්ව දුකෙන් ගලවගත්තා.දැන් ඔහුට තමාවම ගලවගන්න පුලුවන් වේවි.”
” ඔහු සැබෑවින්ම මෙසියස්වහන්සේ නම් ඔහුට පුලුවන් වෙන්න ඔනි, ඔහුව ගන්න ”

එසේ පවසමින් , නිර්දෝශි මනුස්සයකු කුරුසගත කරන අයුරු රස විදි මිනිසුන් අතීතයේ ද විය. කිසිවක් කරගත නොහැකිව ශෝක වු මිනිසුන් ද ඒ අතර විය. වර්තමානයේ ඊශ්‍රායල් – පලස්තීන ගැටුමේද එවැනි රසවිඳිමින් උපාහසයෙන් කතා කරන මිනිසුන් බෝහොය. ඔහුන් ඊශ්‍රායල් වල යුධ බලය පිලිබදව ආඩම්බර වෙති. ඔහුන් පලස්තීනවරුන් බහුතරයක් මුස්ලිම් වැසියන් විම නිසාවෙන් පලස්තීන වැසියන් විනාශ වෙනු දැකිමට ආශා කරති. එවැනි මිනිසුන් ඒදා බරබ්බාස් නම් මිනිමරුවා බේරා ගනිමින් ජේසුවහන්සේට ඇණ ගසන ලෙස පිලාත් ආණ්ඩුකාරවරයාගෙන් තදින් ඉල්ලා සිටියේය. පිලාත් ආණ්ඩුකාරවරයා ඒම ඉල්ලිම ඉටු කරන විට ඔහුන් ඒ වෙනුවෙන් ප්‍රිති ඝෝෂා කලහ.තමන්ගේ බලය පිලිපදව ආඩම්බර විය. වර්තමානයේ ඊශ්‍රායල් විසින් පලස්තීන නිරායුද අහිංසක වැසියන් මරා දමන විට ඒ පිලිබදව ආඩම්බරයෙන් කතා කරන මේ මිනිසුන් සහ අතීතයේ ජේසුවහන්සෙගේ කුරුස ගත කිරිම ගැන සතුටු වු මිනිසුන් අතර වෙනසක් තිබේද ? ජේසුවහන්සෙගේ වස්ත්‍ර වෙනුවෙන් දාදු කැට දැමු හේවායෝ මෙන්ම, අහිංසක පලස්තීන වැසියන් ඝාතනය කරමින් පොරොන්දු දේශය වෙනුවෙන් දාදු කැට දමන්නගේ ක්‍රියාකලාපය මිලේච්ඡ සහ පිළිකුල් සහගත නොවේද?

වතිකානුවේ ශාන්ත පීතර දෙව්මැදුරේ ඇති මූර්ති අතුරින් මයිකල් ඇන්ජලෝගේ පියෙටා මුර්තිය ඉතාමත් අනුවේදනීය භාවයන් හඟවන කෘතියකි. එම මූර්තය තේමා වී ඇත්තේ කුරුසයෙන් බිමට ගත් ජේසුතුමන්ගේ සිරුර මරියතුමිය විසින් තම ඇකයේ හොවාගෙන සිටින අයුරුයි.ලෝකයේ වඩාත් සංවේදී නිර්මාණයක් ලෙස මෙය නම් කල හැක.මක්නිසාද කිවහොත් මවකට තම මියගිය දරුවා තම උකුලට ගැනිමට සිදුවිමම යනු ලොව වඩාත් ඛේදජනක සිදුවිමක් වන නිසාවෙනි.මියගිය ජේසුවහන්සෙගේ සිරුර කුරුසයෙන් මුදා හරින විට මරිය තුමිය ඒ සිරුර දෙස කෙසේ බලන්නට ඇත්ද ? ඇයගේ උකුල මත අප්‍රාණික ජේසුස් වහන්සෙගේ සිරුර දකින ඇයට කුමන සිතුවිල්ලක් ඇති වෙන්නට ඇද්ද ? මවකට සිය දරුවකුගේ මරණය සියසින් දැකිමට සිදුවන තරම් අභාග්‍යසම්පන්න දෙයක් ලෝකයේ තව තිබේද ? ඇයගේ ලේයින් ඉදපදුණ ඇගේම දරුවා ඇයගේ උකුලේ අවසාන හුස්ම පොද හෙලන විට ඇයට කුමක් සිතේවිද ? පසුගියදා පලස්තීන – ඊශ්‍රායල් ගැටුමේදි සිය පුතු සිය දෑස් ඉදිරිපිටම අවසාන හුස්ම හෙළන මොහොතේ මවකගේ ජායාරූපයක් පහත් දැක්වේ. එදා මරිය තුමියට දැනුණ හැගිම සහ වර්තමානයේ මේ පලස්තීන මවට දැනෙන හැගිම වෙනස් ආකාරයේ හැගිමක් විය නොහැකි යැයි මා සිතමි. දෙවියන් වහන්සේ ගේ භුමිය වෙනුවෙන් අහිංසක මිනිසුන් කීයක් නම් බැටළුවන් සේ තව තවත් පරිත්‍යාග කල යුතුද ?

නිරායුද, අහිංසක මිනිසුන් මරාදමන ඊශ්‍රායල් නායකයන් හා ඒ පිලිබදව ප්‍රිතියෙන් උදම්වන මිනිසුනි ඔබලා හට මා ජේසුස් වහන්සේ කුරුසය ඔසවාගෙන , සෙබලුන්ගේ වධ හිංසා විදිමින් නගරය මැදින් ජේසුස් වහන්සේ ගමන් කරන විට, උන්වහන්සේ දෙස බලමින් හඩා වැටෙන පිරිස් අමතා උන්වහන්සේ පැවසු මේ වදන් යලි යලිත් සිහිකරමි.පවසමි.අවධාරණය කරමි.

” ජෙරුසෙලමේ වැසියනි, මා වෙනුවෙන් නොහඩන්න. නුඹලා ගැන සහ නුඹලාගේ දරුවන් ගැන සිතා වැලපෙන්න “

Author

Share