ලෝකය ලස්සන කරන හිතුවක්කාර සැබෑ රැජිණිය

Categories

Share

ලෝකය ලස්සන කල හැක්කේ හිතුවක්කාර ගැහැණුන්ට පමණය.

ඇය නමින් සෞදි අරාබියානු සුරෑපී රජ කුමරිය අමීරා අල් ටවීල්ය.

සමකාලීන සුවහසක් මුස්ලිම් කාන්තාවෝ බුර්කාවෙන් ආවරණය

 වෙද්දී  සුළගේ සැලෙන නිදහස් කෙහෙරැලි සහිතව ඇය ,

ඇගේ විජිතය දිග්විජය කරමින් කාන්තාවකගේ අපරිමේය 

ධෛර්‍යය ශක්තිය පිළිබඳව විශිෂ්ඨ සළකුණක් සනිටුහන් කළාය…

අන්තවාදී සම්ප්‍රදායන් ගැහැණිය පටු ලෝක වලට සිරගත කරවීම වෙනුවෙන්  නැගී සිටිද්දී

 රාජ්‍යය පරිපාලනය – ආගමික බලමුලු පවා ගතානුතික චින්තනයන්ම පෝෂ්‍ය කිරීමට පෙරමුණ ගනිද්දී සාම්ප්‍රදායික මුස්ලිම් ලෝගු ඇදුමින් සැරසීම පවා ප්රතික්ෂේප  කල ඈ ඉහල අධ්‍යාපනයක් සහිත පරිපූර්ණ ගැහැණියක ලෙසින් සමාජගත වූවාය.

පා පහර කමින්-කදුලු බොමින් පීඩාවම දර්ශනය කොටගත් ඛේදනීය ජීවිත 

ගෙවන මුස්ලිම් කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් ලොව ඉදිරියේ හඩක් වූවාය.

කාන්තා නිදහස අහුරන,අන්තවාදී නීති රීතීන් නොබියව හෙලා දැක්කාය…

 විවේචනය සහ හෙලා දැකීම පමණක් සිය සමාජ ශෝධන ක්රියාවලයේ සීමා ලකුණ කර නොගත් ඈ කාන්තා විමුක්තිය වෙනුවෙනුත් දරිද්‍රතාව විසින් යටපත් කරගන්නා ළමා අයිතිවාසිකම් වෙනුවෙනුත් ලෝකය පුරා විසිරී යන පරිද්දෙන් විවිධාකාර ව්‍යාපෘතීන් රැසක් දියත් කළාය…

රටවල් 70 ක පමණ සංචාරයෙන් සිය සමාජ-අධ්‍යාත්මික වපසරිය පුලුල් 

කරගත් අමීරා අදවන විට දිළිදු රටවල සුභ සාධනයට උරදෙමින් පියවි ලෝකය 

බුද්ධියෙන් ඇසුරැ කරමින් සිටින අතර ,,,

සෞදි අරාබියානු බහුතරයක් කාන්තාවෝ කලු දැල් රෙද්දකින් ඇස් පමණක් පිටතට පොවා ලෝකය කුඩා ලෙස දකිමින්  සිය ස්වාමියාගේ හතරක් පහක් වූ අනෙකුත්

 භාර්යාවන් සමග සමගියෙන් ඉන්නට උගනිමින් සිටිති.

නීති තනන රජ මැදුරක සිටම බහුබූත උප සංස්කෘතියට එරෙහිව නොබියව නැගී සිටි

 ඇය හැබෑවටම “රැජිණකි”..

රැල්ලට එකතු නොවෙමින්” වෙනම රැල්ලක්” නිර්මාණය කරමින් 

මුස්ලිම් කාන්තාවන්ගේ ලේ-කිරි-කදුලු වෙනුවෙන් පෙනී හිටින ඇයට උත්තමාචාරය.

Author

Share