කහ සිවුරට පණ පෙවූ අමාවකය

Categories

Share

සත්‍ය කාතාවක් පදනම් කරගෙන ගොතන ලද්දකි….

මාතෘත්වය වනාහි ජීවයාගේ ජීවන කතා මන්සලේ ලෙන්ගතුම නවාතැන වුවද..,
සමහරෙකුට ඒ ආත්මීය බැදීම පාපී හමුවීමකි..,

එවන් අකල් ජීවන රගමඩලයන්ගේ මා සමාව අයදිමින් උක්ත උත්තංග පාරමී බැදීම වෙනුවෙන් මා මෙලෙසට පද ගෙත්තම් කරමි..

මොහොතකට ඒ සංසාර සාගරයේ ඔබට ගිලෙමින් සැනසෙන්නට මා මං පෙත් විවර කරමි..!!

අත්ගුනයේ පිහිට ⁣සෙනෙහසින් මා හට දායාද කල අම්මාගේ රසවත් බත් කට මතක් වන තුරාවට මා හට කොපමන ශිල්ප දැම්මද ඒ කදුලු දිය දහරයනට් වේලි බැදිය නොහැක..!!

පයට පෑගෙන වැලි කට කැටයක් ගානට මගේ රත්තරන් අම්මාගේ ගුන ගයන්නට තරම් මා වාග් හරඹ දන්නේ නැත..!!

චීවරයක් දරාගෙන මා වැදූ අම්මාව සංසාර මහිම කතරෙන් එතෙර කරන්නට මං පිං දං පුරා නැත..!!

ජාතියේ මුර දේවතාවයෙක් වී මේ රට රකින්නට වෙර දැරෑ රණ ශුරයෙකු වී මේ ලක් දරණීතලය වෙනුවෙන් දිවි පුදා මාගේ අම්මාව වීර විභූෂණ මාතාවක් කිරීමට මා පිං දං පුරා නැත..!!

එනමුදු ඔබගේ හිතත් මගේ හිතත් සංවේදි සප්තකයේ අකලංක මාදූර්වයන්ගෙන් කම්පනය කිරීමට ම වෙර දරමි..!!

ගාල්ල නගරයේ සෙනානන්ද ලොකු හාමුදුරුවන් කරන පුනුරුත්ථාපනය කදවුරේ මාස 6ක් ඉදලා මතින් ගැලවී මවු සෙනෙහස සොයා හිස් ලූ ලූ අත දිව යන සත්සරගේ පාපොච්චාරණයයි…

සත්‍ය සිදුවිම් මාලාවක් ජීවමාණ කරන්න වෙරදරන වැයමකි…

කතා අරණ නම් වූ “පින්තාලියේ” මගේ ඇගිලි තුඩු මතින් මිට පෙර ඔබහට ගෙතු වාග් මාලා කියවා…

මගේ කතා මලාවන්ට රුචී කොට මගේ ඇගිලි තුඩු මතින් ලියලා කතා අරනේ පල කරන්න කියලා කියපු නිහතමානි ඉල්ලීමකට නිහතමානී ලෙස මෙසේ පෙලගස්සමී.

වසර දහයක සුව කල නොහැකිව තිබු කුෂ්ඨයක් කතෘ වන මා….මගේ ඇගිලි තුඩු මතින් සුව කරන…..
එකල “සත්සර” නම් සහොදරයා වූ…. මෙදවස “සරාණාත් නමින් පැවැදි පොඩි හාමුදුරුනමක” ට පණ පොවන හිමියන්ගේ ජිවන ගමනේ පාපොච්චාරණය වසර දහයක් රහසක් පමණක් කරගත් ඒ අමාවකය නාන්නාදුනන කතෘ වන මා වෙත පාපොච්චාරණය කල,

කියාගන්න කෙනෙක් නැතිව කියාගන්න විදිහක් නැතිව අවුරුදු 10ක් හිතේ හිර කරන් හිටි අමාවකයට නැවතිමේ තිත තබා. පසලොස්වක සඳට ආලෝකය සපයමින් කහා සිවුර පොරවා ගමන් කරන යතිවරයාණෝගේ හැගිම් වලට පණ පොවන කතෘ වන අසංක මුදුන්කොටුව වන මගේ ඇගිලි තුඩු මතින් පණ පොවන්න වෙරදරන වැයමකී…

පොඩි හාමුදුරුවන්ගේ රහස්‍ය භාවය සුරකිමින් මෙලෙස ගොතමී….

 

“කහා සිවුරට පණ පෙවූ අමාවකය” 

“new moon spirited by Yellow robe”

 

වසර 10යකට පෙර…
2008 ට වර්ෂයෙදී මගේ වයස අවුරුදු 25යී…තාත්තා කියලා කෙනෙක් අපි හැමොටම ඉන්නවා කියලා මම දැනගත්තේ මම පෙර පාසලට ඇතුලත් උන දවසේ ඒ වෙනකන් මම දන්නේ නෑ හැම කෙනෙක්ටම තාත්තෙක් ඉන්නවා කියලා….මොකද? මම ඉපදුන දා ඉදන් ගෙදර හිටියේ අම්මයී අක්කයි විතරයි…

“” අම්මේ අපේ චීච හැම ලමයෙක්ගෙන්ම ඇහුවා අම්මා මොකද කලන්නේ තාත්තා මොකද කලන්නේ කියලා….හැම ලමයෙක්ටම තාත්තා කෙනෙක් හිටියනේ අම්මේ””

“පුතා මොනවද කිවේ”

“මම කීවා අම්මා පාපිසී මහලා විකුනනවා කිලා..”

“එච්චරද කිවේ මගේ මහත්තයා”

තව කිවා…..මම ලොකු වෙලා තාත්තා කෙනෙක්ව හොයාගන්නවා තවම හොයා ගන්න බැලි උනා කිලා…අහන්නකෝ අම්මේ ඉතින් මට වඩා පොඩි අයත් ගැනු ලමයිනුත් තාත්තලව හොයාගෙනනෙ මට බැරි නෑ මමත් දැන් ගෙදර වැඩ ලරල උල වෙලා යනවා තාත්තෙක්ව හොයන් එන්න පලිසමට ගේනවා අම්මේ මන් හංදියෙන් එහට යන්නේ නෑ හොදේ”

“අනේ රත්තරන් පුතේ ඔයා තව ලොකු වෙන්න ඔනේ එතකොට අම්මාත් එක්කම ගිහින් හොයාගමු පැන්චෝ…”

හදවත පසාරු කරගෙන ඒ කිරි සප්පයාගෙ කටින් විට උන වචන වලට කදුලු ගංඟා වැගුරුනේ මේ ඇස් වලට, තාත්තාගේ වියෝව තෙරුම් ගැනිමට තරම වයසක නැති නිසාය…

තාත්තෙක්ගේ උණුසුම ඕනම කාලෙකදී මට තාත්තා කියන අකුරු තුනේ ගැබ් ගත් අර්ථයවත් හදුනාගෙන සිටියේ නැත…කාලයත් හිමිට ගත වෙද්දී…මගේ අක්කා අපොස සා පෙල විභාගයෙන් ඒ සාමාර්ථයන් 10ක් ලබා ඉහලින්ම පාස් වෙද්දී….ලොකු ස්කොලෙට යන්න පොත් පත් ඇදුම් ගන්න සල්ලී නැතිව අමතර පන්ති වලට වියදම් කරන්න සල්ලී නැතී නිසා අධ්‍යාපනයට සමු දී ඇඟලුම් කර්මාණ්තයක සෙවයට ගියා…පාපිසි මහලා අම්මට තනියම මේ පවුල ඇදන් යන්න බැරි නිසා…

අක්කා වගේම මමත් පොතේ පතේ දැනුමට හරි දක්ෂයී…ඒ උපතින්ම එන දෙයක්ද කොහෙද?…ඔය විදිහට ජීවණ ගමන ගැට ගහගෙන මමයි අම්මයි අක්කයී ජිවත් උනා..

ඔය විදිහට කාලය ගත වෙලා යද්දී…මම 11වන වසරේ ඉගෙනුම ලබන අවදියක…මගේ අක්කා හා අම්මා පුරුදු විදිහටම ජිවන ගමන ගැට ගහගෙන එනවා…වෙනසකට මම වසරින් වසර පන්තියෙන් පන්තියට ගියා, අම්මාගේ ඒ ඉස්සර තිබුනු ක්‍රීරිහාශිලිත්වය අඩු උනා…අක්කාගේ මාසික වැටුප ටිකෙන් ටික වැඩි උනාක් පමණි…

අපෝස සා පෙල විභාගයට මට තවත් ඇත්තේ මාස 5හක් වගේ කාලයක් ඒ වෙන විටත් මා පාසලේ ඉහලම ලකුනු ගන්නා ලමුන් අතර ප්‍රථමයේ හිටියේ…විභාගයත් අවා එකත් ලියලා ඉවර වෙද්දී..පිරිතුරු එනකන් මම අක්කාගේ ගාමන්ට් එකේ අක්කා වැඩ කරන එකේ ජොබ් එකකට ගියා…ඔය විදිහට කලය ගතවෙගන යද්දී….

“අම්මේ…. අම්මේ…”

“මොකද? මොකද ? ලොකු දුව අහස කඩන් වැටෙන්න වගේ…කෝ මල්ලී ”

“මම අද 6ට ඔෆ් අම්මේ මල්ලී ඔෆ් වෙන්නේ 11ටනේ එයා එයී ගෙදර වැඩ ඇරිලා….දන්නවද වැඩක් ”

“මොකක්ද දුවේ…අනේ පැය විසි හතරම මේ බිත්තී හතරට කොටු වෙලා පාපිසි මහනවා මිසක් මම කොහෙවත් යන්නේ නෑ නේ කිසිම දෙයක් ආරන්චී වෙන්න”

“හා හා අහන්නකෝ මල්ලීගේ විභාගේ ප්‍රතිඵල ඇවිල්ලා”

“මොනවා අනේ උබ බැලුවද කෙල්ලේ මල්ලී වැඩ කියක් පාස්ද”

“මල්ලී විශිෂ්ඨ සම්මාන 9ක් අරගෙන ලංකාවේ 22ක වෙලා අම්මේ”

“මොනවා? මගේ රත්තරන් පුතේ මල්ලීට මේ යන ගමන නවත්තන්න දෙන්න බෑ සල්ලී කොහොම හරි හොයලා උසස්පෙල කරවමු ලොකු දුවේ”

“අම්මා බය වෙන්න එපා අම්මේ මම වැඩට ගිය දවසේ ඉදන් ඉතිරි කලා මල්ලී වෙනුවෙන් මොකද මම දන්නවා එයා හොදටම පාස් වෙනවා කියලා මට යන්න බැරි උන ගමන මම මල්ලීව යවලා සතුටු වෙන්නේ අම්මේ අම්මා බය වෙන්න එපා…”

“අනේ මට මේ සතුට වා වන්නේ නෑ දුවේ අම්මෙක් විදිහට අද මම කොච්චර නම් ආඩම්බර වෙනවාද උබලා දෙන්නා දිහා දැකලා”

සත්සර උසස් පෙල විද්‍යා අංශයෙන් ඉගෙනුම හදාරන්න පටන්ගන්නවා ඔය අතරතුර සුපුරුදු විදිහටම මේ පුංචී පවුල ජිවත් වෙනවා

“මගේ පුතේ මෙහෙ වරෙන් ලගට”

“ඇයි අම්මේ”

“දැන් අලුත් ස්කොලේ වැඩ එහෙම කරගෙන යනවා නේද? අමතර පන්තිත් මාසයකුත් ගියානේ දැන් හෙට පන්ති වලට සල්ලි ගෙවන්න ඔනේ නේද ආ මෙතන තුන්දාහක් තියනදා ඔව උබේ අම්මා දහඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලී ඔය සල්ලී වලට වටිනාකමක් දියන් මගේ පුතේ ”

“හා අම්මේ මම දන්නවා අනිවාරෙන්ම ඒ දේ කරනවා මන්”

මාස හතරක් පහක් ගෙවිල යනවා මම හොදට ඉගෙන ගන්න වැඩ කරන් යනකොට…මගේ අමතර පන්තියේ මන් ලගින් ඇවිත් වාඩි වෙනවා අලුත් ලමයෙක් එයා ගැනු ලමයෙක්….

අපි දෙන්නා කතා බහ කරලා දැන අදුනගන්නවා අපි පට්ට යලුවො දෙන්නෙක් වෙනවා කිසිම ආදරයක්වත් වෙන හැගිමක්වත් දෙන්නටම හිනෙකින්වත් ඇති වෙන්නේ නෑ…එයා මගේ හොදම යාලුවා වෙනවා…ඉගෙනගන්න දක්ශ නැති උනත් එයා පන්ති එනවා හැමදාම මොකද එයා අපි දෙන්නගේ යහලු කමට කැමති….

“තත්සර මම හෙට පන්ති එන්නේ නෑ අලුතෙන් ෆිල්ම් එකක් ඇවිත් යලුවෙක් එක්ල එක බලන්න යනවා අනේ ඔයත් එන්නකෝ අඩෝ යමු බං පන්ති කට් කරලා හෙටට විතරක්”

“බලමුකෝ බං හෙටනේ”

කොහොම හරි සත්සරට පන්ති හන්න දෙන්නේ නැතිද එක්කන් යනවා…
ජිවිතේ කදදාවත් නොදැකපු දෙවල් සමාජයක් සත්සර මේ කෙල්ල නිසා දැන අදුනගන්නවා….ඒ නොදැකපු පැත්තට සත්සර නොදැනිම ආදරය කරනවා ජිවිතේ මෙතෙල් ආපු ගමන වෙනස් කරනව මෙතනදි සත්සර….

එලියේ සමාජෙට වැටුන මම. පන්ති කට් කර කර රස්තියාදු ගහන්න ගත්තා මගේ යලුවා අර ගැනු ලමයා මට යලුවො ගොඩක් සෙට් කරලා දුන්නා…..මගේ මේ ජිවිත ගමනට මම ආදරේ කලා ගෙදර බොරු කියන්න ගත්තා පන්ති නොගිහින් ගෙදරින් බොරු කියලා සල්ලී ගත්තා…..

ඔහොම කාලයක් මම ඒ ජීවිත ගමනේ යද්දී මතට යොමු උනා….

සිගර්ට් එකකින් ඇරඹු මගේ මත් ගමන හොර රහසේම විදින්න ගත්තා…..කලයක් ඔහොම යද්දී මට තෙරුනා මම ෆැන්ටසි ලොකෙක අතර මන් වෙලා පාවී පාවී ඉන්නවා කියලා….

එදා අම්මාගේ කිරි සුවදට වහා වැටුනු මා අද ඒ කිරි සුවද නාඳුනන සේ වෙනම සුවදකට වහා වැටුනා….සුදු පාට කොලේක දිග අතට ඔතලා උගුරු දෙකයි මම ඉරුවේ මම ෆැන්ටසී කාටූන් ලොකයක පැය දෙක තුනකට තනි උනා….ඒ ලැබුන ආස්වාදය පස්සේ මම එලෙවුවා…මට ඒ තනි වෙන ෆැන්ටසීයට එහා ගිය තවත් පරතෙරකටම යන්න ඔනේ උනේ පිපාසයෙන් වෙර දරන ඔටුවෙකු පිපාසාව නිවා ගන්න වතුර උගුරක් හොයනවා වගේ…

උසස් පෙල විභාගයට තවත් මාස 8කී…. අධ්‍යාපනය සහාමුලින්ම කැඩි බිදි තිබු කලක අවසිහියෙන් මතින් මත් වී ජීවන ගමන හිමින් හිමින් යද්දී….මතේ අවසානයක් පරතෙරකටම මම ගියේ මත් කුඩු බොන්නෙක් ලෙස ලෙබල් එක ගසා ගනිමින්….

මත් කුඩු වලට ලොල් වූ මා එයට ඇබ්බැහි උනේ මගේ හිතටත් හොරාය….හැමදාම කුඩු කැල්ලක් බිලා. මම මගේ ඇදේ තනි වුනේ ෆැන්ටසී ලොවේ රජෙක් කියලා හිතන්‍ය….

පාන්දර 4ට විතර මම ඇදේ ඉද්දී මට හොදටම අමාරුයී කුඩු සික් එක හදිලා ගෙදරට නොන්ඩී වෙයී කියලා එලිය වැටෙනකන් මම කාගෙන හිටියේ ගැනියෙක් විලිරුදාවෙන් වෙදනා දරන්නාක් මෙන්ය….

“පුතේ අක්කායි මමයී සිල් ගන්න යනවා ඔයා ගෙදරට වෙලා පඩම් කරන්න එහෙන්ම් අපි හවස එන්නේ උයලා තියෙන්නේ මගේ පුතේ” කියලා අම්මයි අක්කයී සිල් ගන්න ගියේ දෙයියෝ බලලා වගේ මම ලග තිබ්බ කැල්ල බිලා අක්කගේ වලලකුත් හොරෙන් අරන් කෙලින්ම ගියේ ටවුමේ උගස්බඩු කඩේට එක උගස්තියලා මත් කුඩි ගෑර්ම් එකක් අරන් ගෙදර ආවේ මම ගෙදර කවුරුත් නැති නිසා නිෆ්හහසේ ගහන්න…ගහන්න පටන් අරන් ගහලා ගහලම මට හොදටම මත් වෙලා ඉන්න වෙලාවක අම්මයි අක්කයි කාමරේට අවේ අම්මට බඩේ අමාරුවක් හැලිලා සිල් ගන්න බැරි නිසාවෙනි…

හැමදෙම බොද වෙලා දැකපු මම අම්මයි අක්කයී සිහි සුන්ව ඇද වැටෙනවා මතකයී….මම ජනෙලෙන් පැනලා ඒ එක්කම පැනලා දිවුවේ මතින් උපරිමයටම මත් වී සිටි නිසාය…ඒ වන විටත් මගේ හැගිම් දැනීම් ආදරය අවංක කම ඔය හැම දෙම මත්කුඩු මාරයාට බිලි වී හමාරය….

එදාම රෑ අවසිහියෙන් මම ගෙදර ආවේ අම්මට අක්කට මාට්ටූ උනානේ කියලවත් මතකයක් නැතිවය……දෙදෙනාගෙන් කවුරුත් මත් එක්ක කතා කලේ තියා මුනවත් බැලුවේ නැ…ඇදට වැටුන නිමේෂයකින් නිදි වැදුනේ මත් කුඩට අලුත් දවසක් ආරම්භ කරන බලාපොරොත්තුවෙන්‍ ය

අලුයම 3නට විතර ඇහැරුන මම හිටියේ කලුවර කාමරයකය…අම්මයී අක්කයි එකතු වෙලා මාව ගාල්ලේ පුනුරුත්ථාපන කඳවුරට දාලා තියෙන්නේ කියලා මට දැනගන්න ලැබුනේ කලුවර කාමරයක දාවසක්ම ගෙවුවාට පසුවය….

පුනුරුත්ථාපන කදවුරේ සතියක් පමණ ගත වෙද්දී මගේ ඇගේ කුඩු සික් හැම දෙයක්ම නැති උනේ මම අලුතේන් උපන් බිලිදෙක්ගේ හැගිමෙනි….හය මාසයක් කඳවුරේ හිද ඉස්සර හිටිය සත්සර විදිහට මම ගමට ගියේ අම්මගෙනුයි අක්කගෙනුයි සමාව අරන් කවදාවත් අයේ ඒ දෙවල් කරන්නේ නෑ කියන පොරොන්දුව දෙන්න නොයිවසිල්ලෙන් ය…..

“අම්මේ අම්මේ දොර අරින්න මම අවෝ දැන් මම හොද ලමයෙක් අම්මේ ඔය මුන බලනකන් මට ඉවසිල්ලක් නෑ ඉක්මනට අරින්නකෝ”

“අහ් කොලුවෝ දැක්ක කල් මොකද කෑ මොර දෙන්නේ”

“අනේ සුසිලා නැන්ද්ෙ අපේ අම්මයී අක්කයි ගෙදර නැද්ද”

“ඇයි උබ දන්නේ නැද්ද ”

“මොකක්ද ?”

“උඹ කදවුරට දැම්ම දවසට පහුවෙනිදා උබේ අම්මාට පපුවේ අමාරුවක් හැදිලා නැති උනා උඹ ගැන හිතලා අම්මා නැති උන දුකට උඹලගේ අක්කා බෙල්ලේ වැල දාගත්තා දැන් හය මාසෙකටත් කිට්ටුයි”

ඒ වචන ටික මගේ කනට ඇහුනේ ලොකේ තියන දරුනුම වචන ටික විදිහට කෑ මොර දී දී හඩා වැලපුන මා අම්මාගෙයි අක්කාගෙයී සොහොන බලන්න ගියේ ජිවිතේ නැති කරගන්න අරමුනත් පොදි බැදැන්මය….ඒ සොහොන් දෙක ලග විලාප නගමින් ඇඩුවේ මම කල දෙවල් වලට මටම වෛර බදිමින්මය….

අම්මගේ ජිවිතෙටත් අක්කාගෙ ජිවිතෙටත් වගකියන්න ඔනේ මම ඒ උන අපරාදය මම නිසා උනේ කියලා මට හිතේ කකියන්න ගත්තා….ජිවිතේ නැති කරගන්න උත්සහයන් දෙක තුනක්ම දැරුවා ඒ හැම දේම අසාර්ථක උනා…..අන්තිමට මම තිරනය කලා මේ පවෙන් මිදෙන්න මෙ දුකෙන් ගැලවෙන්න දුක නැති කරන මාර්ගේක යන්න…..

දවස් 7ක් මගේ අම්මගේයී අක්කාගෙයි සොහොන් දෙකට පහන් පත්තු කරලා පොරොන්දූ උනේ කුරා කුබියෙකුටවත් වරදක් හිරිහැරයක් හින්සනයක් නොකර ජිවත් වෙනව කියලා…..

මට කවදා හරී ඒ පවු ගෙවන්න වෙනවා…..තවත් මේ භවයේ කිසිම දිනක කිසිම පවක් නොකරන්න මම දැඩි අදිෂ්ඨානයෙන්…..අනිත්‍ය සොයා වැඩම කරනවා…..

මම අදටත් ඒ අම්මගෙන් ලැබුනු සෙනෙහසේ අතරමන් වී දුක නිවන මාර්ගයක් හොයනවා….

“”පොලොවේ වැලි කැට ගනින්න හැකි වේදෝ….
එකයි දෙකයි තුනයි කියාලා…

සයුරේ රල කද මනින්න හැකි වෙදෝ…
පොල් කටුවෙන් ඉවත හෙලාලා…

මා බිහි කල අම්මාගේ
ගුන ගනින්න හැකි වෙදෝ..
එකයි දෙකයි තුනයි කියාලා..””

කතෘ:-අසංක උමයන්ග මුදුන්කොටුව (අමුවා)

Author

Share