යුවතියක් හෝ කාන්තාවක් හැමවිටම කිසිවෙකු මත යැපෙන්නියක් විය යුතු නැත. තමාගේම වෙර වීර්යයෙන් ජීවිතය දිනන්නට ඇයටද අයිතියක් ඇත. ඇතැම්විට ඇරඹුම කඳුළක් විය හැකි මුත් ඉවසීමෙන් දුරක් ගෙවූ කල සිනාමල් හමුවන්නේ පොකුරු පිටින්ය. භාග්‍යා මදනසිංහ ගේ ගම බදුල්ල ය. බදුල්ල විහාරමහා දේවි විද්‍යාලයෙන් අකුරු කළ ඇය මේ වන විට වෘත්තීයෙන් ගෘහ නිර්මාණ ශිල්පිනියකි. ඒ නමුත් ඇගේ විනෝදාංශය වුයේ වෙනයම් ම දෙයකි. භාග්‍යා පවසන අන්දමට ඇය කුඩා කල පටන්ම පොත්වල කුරුටුබලි ගෑමට දක්වා ඇත්තේ විශේෂ කැමැත්තකි. අවසානයේ කාටුන් චරිත ඇඳීම දක්වා ම වැඩි දියුණු වී ඇත්තේ ද එම කැමැත්තයි. විශ්ව විද්‍යාලයේ දේශනවලට සහභාගි වන අතරතුරේදි ද ඇගේ සටහන් පොත්වල ඇගේම යහළු යෙහෙළියන් කාටුන් චරිත බවට පත්ව ඇත්තේ හරිම අපූරුවටය. මේ හැකියාවට හිතවතුන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසාම භාග්‍යා තව තවත් ඒ අංශයට ම යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් ස්වයං අධ්‍යයනයක් කිරීමට ඇය පෙළඹෙන්නේ නිතැතින්මය. පවුලේ උදවිය සේම ඇගේ අනාගත සහකරුත් මේ කටයුතුවලදී ඇයට විශාල සවිශක්තියක් වුණු බව භාග්‍යා සිහිපත් කරන්නේ ඉතාමත් සතුටිනි. ඇය “Movingdoodles” නමින් ෆේස්බුක් ගිණුමක් අරඹන්නේ තමන්ගේ කාටුන් චිත්‍ර පළ කිරීමටය. මිනිස් ඉරියව් අපූරුවට සිතුවම් කරන්නට පටන් ගත් තැන පටන් ඇගේ කාටුන් චිත්රවලට ඉල්ලුම වැඩි විය. “මම හිතුවෙ නෑ කවුරුත් මගෙන් මුදලට කාටුන් ඇඳලා දෙන්න කියලා ඉල්ලීමක් කරයි කියලා. ඒත් කෙනෙක් මට ෆොටෝ එකක් පෙන්නලා ඒ වගේ එකක් ඇඳලා දෙන්න කියලා කිව්වා. මුලින් බෑ බෑ කියලත් පස්සෙ මං ඒ වැඩේ භාර ගත්තා.ගොඩක් මහන්සි වෙලයි මං ඒක ඇන්දෙ. ඒත් ඒක එයාගේ හිතට ඇල්ලුවෙ නෑ. එයා ඒක සල්ලි දීලා ගත්තෙත් නෑ. ඒත් මම නැවතුණේ නෑ. දිගටම ඇන්දා. මගේ අක්කව තමයි මම වැඩිපුර ඇන්දෙ. මොකද එයාව මට පේන්නෙ කාටුන් චරිතයක් වගේ. ඒ චිත්‍ර දැකලා ආයෙමත් මට දිගටම ඇණවුම් ලැබුණා. මට ඇත්තටම අවශ්‍ය වෙලා තිබුණෙ මිනිස් ඉරියව් අඳින එක නෙවෙයි. අපිට ළඟා වෙන්න බැරි දේවල් චිත්‍රයට නඟන්න. මං හිතින් මවාගන්න දේවල් චිත්‍රයට නඟන්න. ඒත් ඉල්ලුමක් හැදිලා තියෙන්නෙ මිනිස් ඉරියව් සහිත චිත්රවලට.” භාග්‍යා මේ වන විට රැකියාවට අමතරව ඉහළ ආදායමක් ලබන්නේ ඇගේ නිර්මාණාත්මක හැකියාව හේතුවෙනි. සිය අධ්‍යාපන කටයුතු සහ අමතර වියදම් සඳහා බොහෝ කලක පටන් ඇගේ මහන්සියෙන් උපයාගත් මුදල් වියපැහැදම් කරන ඇය, මාපියන්ට බරක් නොවී නිරන්තරයෙන් සිය වියදම් කළමනාකරණය කරගන්නීය. මේ වන විට ළමා සඟරාවක ඇගේම කාටුන් කතාවක් ඇඳීමට ද භාග්‍යාට භාග්‍ය උදාවී ඇති අතර ඇගේ සිහිනය වී ඇත්තේ දිනෙක කාගෙත් මතකයේ රැඳෙන කාටුන් චරිතයක් සියතින් බිහි කිරීම ය. මිහිරි කාංචනා Featured About Author / thewoman.lk@gmail.com Previous post වතුරින් මතුවූ කිඳුරු දෙවඟන Next post 64 බාල්දු කරගන්න නං එපා Leave a Comment Cancel replyYou must be logged in to post a comment. You Might Also Like Empowerment වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි May 23, 2018 Awenika-SiyabalapitiyaEmpowerment සුබ අළුත් අවුරුද්දක් වේවා! January 6, 2023 EmpowermentRioSagaarox මම ශම්සියා හස්සානි .. December 18, 2022