Thursday, April 18, 2024

Top 5 This Week

Related Posts

මහනුවරට යලිත් ඇඳිරිනීතිය

පෙරේදා රාත්‍රියේ ( 05-03-2018 ) තෙල්දෙණියේ සහ දිගන ඇති වූ කලහකාරී සිදුවීම් අද උදෑසන ( 07-03-2018 ) වන විට ආරක්ෂක අංශයන් විසින් මුළුමනින්ම පාලනය කර ඇත. මෙම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය, යුධ හමුදාව, සහ අවට පොලිස් ස්ථාන නිලධාරින් පත් කර තිබුණා. ප්‍රදේශයේ තත්වය පාලනය කිරීම සඳහා ඊයේ දිනයේ සිට දැමු ඇඳිරි නීතිය අද පාන්දර 6.00 අවසන් වුණා. නමුත් අද
( 07-03-2018) සවස 4.00 සිට හෙට ( 08-03-2018) සවස 4.00 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා පොලිස් ඇඳිරි නිතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාද්‍ය ප්‍රකාශන කාර්යාලය විසින් නිවේදනය කරන ලදී. අද දිනයේ සහ හෙට දිනයේ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා වසා තබන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසන ලදී. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 24 දෙනා අත්අඩංගුවට. 19 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Popular Articles