හැමදාම කලේ අපිව පාවිච්චි කල එක

Categories

Share

හැමදාම කලේ අපිව පාවිච්චි කල එක
ගැහැනු පිරිමි දෙපක්ෂයම එහෙමයි.
අපිත් එහෙමයි
අපි හැමෝම එක්තරා විදියකට, එකිනෙකා මත කුමන හෝ දෙයකට යැපෙන්නෝ වෙති.
ඒ අවශ්‍යතා කොතරම් සාදාරනද කියලා අපි අපිම තීරනය කල යුතුය.

මා ලබපු අත්දැකීම් මත, මා හැමදාම අනෙක් අයගේ පහසුව බැලුවා . ඔව්නොවුන්ගේ ඔනැ එපාකම් වලදි, තනිවීම් වලදි, ඔවුන්ට විවේක අවස්ථා වලදි පමණක් මාව ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් සදහා පාවිච්චි කර තිබුනා. සමහර අවස්ථාවලදි මා දැන දැනම ඔවුන්ට එසේ කිරිමට ඉඩ දුන්නා . ඒ ඔවුන් කෙරෙහි මගේ හිතේ තිබුන අප්‍රමාණ ලෙන්ගතුකම නිසාමය.
ගොඩාක් වෙලාවට මැරෙන්න තරම් හිතට දුක දැනුනා.. කෑ ගහලා ඇඩුවා..ඒත් කාටවත් ඇහුනේ නැ. ගනන් ගත්‍තේ නැ. තිබුන තත්වයන් වෙනස් වෙලා තිබුනෙත් නැ. පුරුදු විදියට ම මිනිස්සු අපිව පාවිච්චි කලා.
එකම දෙයක් තේරුම් ගත්තා …
අපේ කදුලු අපේ දුක තුනි කරගන්න හැලුවාට, අනෙක් කාටවත් ඒ කදුලු වල අගයක් නැ කියලා .
ඔබට දුකක්, අකටයුත්තක් ඇති වුනොත්, හිතේ දුක නැති වෙනකම්ම, ඇති වෙන්න අඩන්න. ඒත් ඒ හලන කදුලු වලට වෙන කෙනෙක් අගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වුනොත් ඔබේ දුක තුනි වෙනවා වෙනුවට තවත් දුක එකතු වෙවි.

ටික ටික හිත ශක්තිමත් කර ගන්න නම්, බලාපොරොත්තු වෙන එක අඩු කරන්න. තමන්ගෙන් නෙමෙයි අනුන්ගෙන් .
බලාපොරොත්තු වෙන්න තමන්ගෙන්. ඒ බලාපොරොත්තු අපිව ජිවත් කරාවි. අපිව ඉදිරියට ගෙනයාවි. අපිට සතුට ගෙනෙවි.
වැදගත් ම දේ
ඔබ කුමන හෝ දෙයකට කාගේන් හෝ යැපෙනවානම්. ඒ කෙනාව කුමන හෝ දෙයකට ඔබ විසින් පාවිච්චි කරනවා නම්, ඒ කෙනාගේ හැගිම් වලටත්, නිදහසටත් ගරු කරන්න.
ස්තූතිවන්ත වෙන්න.

මම කුමරිකා

Author

Share