පණපිටින් පස් යට වළලන මිනිසෙකුගේ චිත්‍රපටය After Life

Categories

Share

පණපිටින් පස් වලට යට කරලා වළලා දානකොට ඇති වෙන හැඟීම ගැන ඔයා කවදා හරි හිතලා තියෙනෙවද? ජීවිතයේ හැම තත්පරයකදීම ආදරය හොයපු මනුස්සයෙක් එකම එක මොහොතක් වැරදී යාමෙන් මරණයට පෙර මිය යාම හා මරණයට පෙර මහ පොළොවේ වැළලීම මොන තරම් නම් ඛේදනීයද යන්න After.life චිත්‍රපටයෙන් හරි අපූරුවට කතා කරනවා.

චිත්‍රපට රචනයට Agnieszka vosloo,Jakub,Paul voslooඅය දායක වී ඇති අතර මෙහි අධ්‍යක්ෂණය සිදු වන්නේ   Agnieszka voslooයන කාන්තාව අතින්ය.මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවලෙසටතJustin longපෝල් ලෙසටත්, Christina Ricci ඇනා ලෙසටත්,Liam Neesonඑලියට් ලෙසටත්ය.අති දක්ෂ ලෙසට සිනෙමා රූප මවන මෙම චිත්‍රපටය 2009  අමරිකානු ඩොලර්ස් 2,002,618 ක Box office  වාර්තාවක් තියනවා.

එලියට් යනු මිය ගිය ශරීර භූමදානය සඳහා සූදානම් කරන්නෙකි.සුවිසල් මැදුරක් සහිත එම ස්තානයේ වත්ත තුළම සිරුරු භූමදානය සිදු වෙනවා.මළසිරුරේ සියලු පිළියෙල.කිරීමේ පටන් භූමදානය සඳහා වළ  කැපෙන්නේද මේ හුදකලා මිනිසා අතිනි.ඇනා පාසැල් ගුරුවරියක්,ඇගේ තිබූ කාරුණික කම නිසාම දරුවන් ඇයට ළෙන්ගතු වූ අතර ජැක් කියන දරුවා ඇයට බොහෝ සමීප වුනා.හරියට සිය දෙමාපියන්ගෙන් අවධානය නැති නිසාම ඔහු ඇනාට සමීප වෙන්න ඇති.

ඇනාගේ පියානෝ ගුරුවරයාගේ අවසන් කටයුතු සඳහා සහභාගි වීමට ඇනා යන අතර ඇය ප්‍රතම වරට එලියට්ව දකියි.අනතුරුව සිය පෙම්වතා සමඟ රාත්‍රී අහාර වේලකට යන අතර එහේදී ඇනා හා පෝල් අතර බහින් බස් වීමක් ඇති වී ඇය කෝපයෙන් එතැනින් පිටව යනවා.කෝපය හා පීඩනය වැඩි නිසාම ඇගේ මෝටර් රතය මොහොතකට ඇගේ පාලනයෙන් ගිලිහෙත්ම ඇය අනතුරට ලක් වෙනවා.

ඇය ඇස් අරින විට ඇය දකින්නේ එලියට් ඇගේ සිරුරේ ඇති ඇඳුම් කපා ඉවත් කරන ආකාරයි.කිසිවක් වටහා ගත නොහැකි තැන ඇය මෙතන සිදු වන්නේ කුමක්දැයි ඔහුගෙන් විමසයි.ඇය රිය අණතුරකින් මිය ගොස් ඇති බව ඔහු පවසනවා…ඇය මිය ගොස් නැති බව ඇය ඔහුට පෙරළා ප්‍රකාශ කරනවා..ඔහු ඇගේ මරණ සහතිකයද ඇයට පෙන්වනවා…ඒ වන විට ඔහු ඇගේ නළලේ පැලුම් තුවාලයක් මසමින් සිටින අතර ඇයට කිසිම දැනීමක් නැහැ.ඇය වරින් වර එම ස්ථානයෙන් පළා යාමට  උත්සහා කළද ඒ සියලුම උත්සහායන් අවාසනාවන්ත ලෙස ව්‍යාර්ත වෙනවා.

අවසාන උත්සහයේදී එලියට් හරිම ආකර්ෂණීය ලෙස ඇය මිය ගොස් ඇති බව ඇයට වටහා දෙයි.මළවුන් සමඟ කතා කිරීමේ හැකියාව ඔහුට දෙවියන්ගෙන් ළද තෑග්ගක් බවත් එම නිසා මිය ගිය සෑම කෙනෙක් සමන්නග්ම ඔහුට කතා කළ හැකි බවට ඔහු ඇයට මායවාදී යථාර්ථයක් මවමින් කියා සිටින අතර ඇය අවසානයේ මිය ගොස් ඇති බව ඇය විසින්ම පිළි ගනී.එදින ඇය උඩුමහලේ රතු පැහැති යට ගවුමකින් සැරසී සිටින ආකාරය ඇය සමීම වූ ජැක් නමැති සිසුවා දකිනවා.

එමෙන්ම එදිනම ඇය එලියට දුරකතන ඇමතුමක් අරගෙන උදව් ඉල්ලනවා.ඇයගේ වියෝවයෙන් තද බල ලෙස මානසිකව ව්ඨ්මැටුණු පෝල්ට ඇය ගැන විවිධ මායා කාරී දර්ශන පේන්න ගන්න නිසා ඔහු හිතන්නේ ඒ දුරකතන ඇමතුමද මායාවක් කියලා ඉතින් අවාසනාවකට ඔහු දුරකතනය පසෙකට විසි කර දමනවා.පසුව ජැක් පෝල්ට පෙරදින මළසිරුරු සකසන ස්ථානයේ ඔහුගේ ගුරුවරිය දුටු බව පැවසුවද පෝල් ඔහුව විශ්වාස කරන්නේ නැත.

එමෙන්ම ජැක් එලියට්ව මුණ ගැසී ඒ දුටු දේ පිළිබඬව විමසන අතර,එලියට් උපක්‍රමශීලීව කුඩා දරුවාද රවටා ගන්නවා.මළවුන් සමඟ කතා කරන ආකාරය කුඩා දරුවාට උගන්නවන බව එලියට් පවසනවා.එලියට් ඇයගේ මාංශ සැහැල්ලු වෙන්න යැයි පවසමින් ඇයට මත් ද්‍රව්‍යක් එන්නත් කරවා.ඉතාමත් ගැඹුරු නින්දකට යන ඇය ඉන් පසු අවදි වූ විට ඇයට කිසිවක්ම දැනෙන්නේ නැත.

ඉතාමත් සුන්දර ලෙසට සැරසූ ඇගේ මළසිරුර මිනී පෙට්ටිය තුළ දිගා වී ඇත.ඇය අවසන් වරට ඇගේ මුහුණ බැලීමට එලියට්ගෙන් කණ්නාඩියක් ඉල්ලනවා.ඔහු එය ඇයට පෙනවනවා ඉතාමත් සංවේදී වූ ඇය ඇය දෙසම බලා සුසුමක් හෙළනවා එවිට ඒ හුස්මේ තිබූ ජල වාෂ්ප කණ්නාඩියේ ව්දිනවා.එවිට ඇය තවමත් මිය ගොස් නැති බවත්,ඇය මිගොස් ඇති බව හා මළවුන් සමඟ කතා කිරීමේ තෑග්ග ආදී කරුණු ගැන එලියට් බොරු කිව්ව බව ඇය දැන ගන්නවා.ඇය මිනී පෙට්ටියේ සිටම කෑ ගැසීමට උත්සහා කළත් එලියට් යළිත් ඇයට මත්ද්‍රව්‍ය එන්නත් කරන්වා.ඇය සිහිසුන් වෙනවා.

එලියත් මෙතෙක් කල් සැකසූ මළ සිරුරු වළ පින්තූර එකතුවට ඇනාගේ පින්තූරයද එකතු කිරීමට ඔහු ඇනාවද ඡායා රූප ගත කරයි.

අවසානයේ මළසිරුර අවසන් කටයුතු වලට යවන තුරුම ඇනා නිරුවතින් සිටි අතර එලියට් කිසිදු ආකාරයක වැරදි හැඟීමකින් ඇය දෙස බලා නැත.එමෙන්ම ඔහු ඇයට කිසි විටෙකත් සැර පරුෂ වූයේද නැත.ඉතාමත් කාරුණික මිනිසෙක් වූවද එලියට් කිනම් හෝ දරුණු මානසික රෝගී තත්වයකින් පෙළෙන බව පැහැදිළිය.ඔහුට පණ පිටින් හෝ තමාට ලැබුණ සිරුර ඉතාමත් සුන්දර ලෙස භූමදානය කිරීමේ වුමනාව පමණක්ම තියෙන්න ඇති.

ඉතිං  ඇගේ සිරුර බලන්න පෝල් අන්තිමවරට ඇවිත් ඇයට මුද්දක් පළඳනවා.ඒ වන විටත් සිරුර සොළව ගන්න නොහැකි වූ ඇනා ඒ සියලුම සිදු වීම් වලට අවධානය දෙනවා.අවසානයේ ඇය වේදනාන්විත ලෙස අමු අමුවේම මහ පොළොවේ පණපිටින් භූමදානය වෙනවා.ඒ සිදු වීමත් සමඟම ජැක් නමැති කුඩා ඔහු ආදරයෙන් ඇති    කළ කුකුළු පැටවාද පෙට්ටියක දමා පණ පිටින් වළලා දමන්නේ එලියට්ගේ ගුරු හරු කම් අරගෙන.එතැන් පටන් ජැක් එලියට් සමඟ ඔහුගේ වැඩ කටයුතු වලට සහය වෙනවා.

රාත්‍රියේ සියලු දෙනාම රැස් වන අතර පෝල් වේදනාව නිසාම දරුණු ලෙස මත් පැන් පානය කරනවා.ඔහු එලියට් සමඟ ආරවුලක් ඇති කර ගනියි.එලියට් ඇනා වළ දමන තුරු ඇය මිය ගොස් නොතිබුණු බව ඔහුට  අඟවනවා.අධික ලෙස මත් පැන් පානය කර ඇති පෝල් එලියට්ට පහර දී සිය වාහනය ගෙන ඇනා වළ දමා ඇති ස්ථානයට වේගයෙන් රිය ධාවනය කරයි.පසුව ඔහු ඇනාගේ සිරුර පිටතට ගනියි.ඇය හුස්ම ගනියි.ඇය ඔහුට ආදරය කරන බව ඇය ඔහුට පවසයි.

කුමක්දෝ ශබ්දයක් ඇසෙයි පෝල් ඇස් අරියි.ඔහුද එලියට්ගේ මළසිරුරු සූදානම් කරන ස්ථානයේ පපුවේ ලේ පැල්ලමල් සමඟ  වැතිර සිටියි.

එලියට් ඔහු මිය ගොස් ඇති බව පවසයි.එතැන කුඩා ජැක්ද බලන් ඉන්නවා…

“මම මැරිලා නෑ ”

පෝල් පවසත්ම,

ඇනාව පස් යටින් බේරා ගැනීමේ සිදු වීම හුදු පෝල් දුටු මායාවක් පමණක් බව අවසානයේ ප්‍රේක්ෂකයාට වැටහෙනවා.එලියට් පෝල්ගේ පපුවට එම්බාම් කූර ඇතුළත් කරන තුරුම පෝල් පණ පිටින් සිටියා.ඉතාමත් සංවේදී ලෙස අවසන් වෙන චිත්‍රපටය හුදු මායාව හා යථාර්ථය අතර දෝළනය වූ බව පැහැදිළි වේ.

එලියට්ගෙන් පසුද එම කටයුත්ත ඉදිරියට යන බව පෙන්වීනට කතා කරු කුඩා ජැක්ගේ චරිතය ගෙනවිත් දැමීම සදාචාරවත් නොවන බව පැහැදිළිය.

කෙසේ වෙතත් මේ සියලුම සිදු වීම් වලට පදනම වී ඇත්තේ ආදරය බව අවිවාදයෙන් පිළි ගත යුතු දෙයක් බව චිත්‍රපට තුළින් ගත හැකි සාරය වේ.

ඇනා සෙව්ව්වද ආදරයයි.කුඩා ජැක් සෙව්වේද ආදරයයි ඔහුගේ මවට ඔහු ගැන සොයා බැලීමට වුමනා නොවීය,එම නිසා කුඩා ජැක් ආදර සිය ගුරුවරියගෙන් සෙව්වා,ඇගේ වියෝවයෙන් පසු ඔහු එලියට්ට ළන් වූයේද ඒ ආදරය හා අවධානය ලබා ගැනීමට විය හැකිය.එමෙන්ම එලියට් මෙවැනි මානසික විකෘති තාවයකට ලක් වූයේද ඔහුට වුමනා ආදරය නොල්බීම නිසා බව කතා කරු ප්‍රක්ෂකයාට දැන වීමට උත්සහා කර ඇත.

ඒ නිසා මිය යෑමට පෙර සැබෑ මිනිසෙක් ලෙසින් ලෝබ නැතිව ආදරය කරන්න…ජීවිතයේ සිදු වූ වැරදි නිවැරදි කර ගන්න…ඉක්මණින්ම සමා වෙන්න කීමට මෙන්ම සමාව දීමට ඔබ පසු බට නොවෙන්න.මක් නිසාද අවසාන මොහොතේ අපිට අපිවම නැති වන හෙයිනි.

~වින්ධ්‍යා හාරිස්පත්තුව.

Author

Share