Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

පුංචි බබාලා ඉන්න අම්මලාට

පුංචි දරුවන් ඉන්න ඕනිම අම්ම කෙනෙක් හරිම කාර්ය බහුලයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එත් බරහිර රවල කට්ටිය නම් කාර්ය බහුල කම අතරේ පුංචි බබාලාගේ කටයුතු කරගන්න පහසු වෙන්න අලුත් අලුත් උපාංග භාවිතා කරනවා. මේ උපකරණ නිසා ඔවුන්ගේ කටයුතු හරිම පහසු වෙලා. වර්තමානයේ මේ උපකරණ අපේ රටේ සුපිරි වෙළඳ සල්වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේ වැඩ පහසු කරන උපකරණ කිහිපයක් ගැන තමයි අද අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ.

Baby Cotte Sheet
උපතේ සිට මාස 8ක් පමණ යන තුරු දරුවානිදිකර තබන්න පුළුවන් උපකරණයක් තමයි මේක. ඉහලින් ඇති දැල් සහිත ආවරණය නිසා දරුවා මදුරුවන්ගෙන් බේරගන්න පුළුවන්. ඒ වගේම කුඩාවට නමා සිප් එකකින් වැසිය හැකි නිසා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකියි.

Baby Car Seat
පුංචි බබෙක් ඉන්න ගෙදරක ගෙදර වාහනයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඕන ළඟ තිබිය යුතු දෙයක් තමයි baby car seat එක. පුංචි දරුවෙක් එක්ක කාර් එකක යනවා නම් අනිවාර්යෙන් තව කෙනෙක් ඉන්න ඕනි. එත් baby car seat එකක් තියෙනවානම් දරුවා ඒ මත පහසුවෙන් ඉන්දවා තබන්න පුළුවන්.

Baby Tooth Brush
පුංචි බබාලාගේ දත් මදින්න නම් හරිම අමාරුයි. මෙය නිමවා තිබෙන්නේ මෘදු කෙඳි සහ රබර් වලින් නිසා වේදනාවක් නැතුවම දත් මදින වැඩේ කරන්න පුළුවන්.

Baby Saliva Cloth
පුංචිම දරුවන්ගේ කටින් කෙල පිටතට එන එක සාමාන්‍ය දෙයක්. එහෙම පිටතට එන කෙල නිසා දරුවන්ගේ ඇඳුම් නිතරම තෙත් වෙනවා. දරුවගේ ගෙල වටා දැමිය හැකි ආකාරයට නිම කරවා ඇති මෙය කෙල වලින් ඇඳුම් තෙත් වීම වළක්වනවා.

Commode Cover

වෙනම ළදරු කොමොඩ භාවිතා කරනවාට වඩා වැඩිහිටියන් භාවිතා කරන කොමොඩ ධරුවාටත් දිය හැකි නම් එය ඉතාම පහසුයි. එවිට දිනකට දෙතුන් වතාවක් කොමොඩ පිරිසිදු කරන්න ඕනි වෙන්නේ නෑ . මේ උපාංගය සාමාන්‍ය කොමොඩයකට සවිකරන්න හැකි ලෙස නිර්මාණය කල එකක්.

Oral Syringe
බෙහෙත් හෝ දරුවා අකමැති දියර ආහාරයක් පොවන විට පාවිච්චි කරන්න පුළුවන් සිරින්ජරයක් තමයි මේ. දරුවා තම අත මත හාන්සි කරවා මුව තුලටම දියර වර්ග දැමිය හැකි නිසා දරුවා ඒවා නැවතත් පිටතට දැමීමෙන් වලක්වා ගත හැකියි.

උපුටා ගැනීමකි

Popular Articles