ඇෆ්ගනිස්තානු කාන්තාව සිතුවම් කලේ ඇයි ?

0
59

පසුගිය ඉරිදා මම මගේ දේශණ වලට සහභාගි විම සදහා විශ්වවිද්‍යාලයේ දේශණ ශාලාවට යමින් සිටින අතර සිසුවියන් පිරිසක් කාන්තා නේවාසිකාගාරයේ සිට පිටතට දුවන්නට විය.මම ඔහුන්ගෙන් මොකද්ද වෙලා තියෙන්නෙ ? ඇයි දුවන්නෙ යැයි ඇසුවෙමි.එවිට එක් අයෙක් , තලේබාන්ලා කාබුල් නගරය අල්ලගෙන..බුර්කාව නැති ගැහැණු අයට පහර දෙන්නවා යැයි පැවසුවාය. ඒ මොහොතේ අපි හැමොටම අපේ ගෙවල් වලට යන්නට අවශ්‍යය විය. නමුත් පොදු ප්‍රවාහන සේවය ඇණ හිටි තිබුණි. මෝටර් රථ රියදුරන් අපව ඔහුන්ගේ මෝටර් රථ තුලට නංවා ගැනිම ද ප්‍රතික්ෂේප කරන්නට විය. එයට හේතුව වුයේ, කාන්තාවන් ප්‍රවාහනය කිරිමේ වගකිම ගැනිමට ඔහුන් අකමැති විමය.ඒම වාතාවරණය ඉතා ව්‍යාකුල වාතාවරණයක් වු අතර කාබුල් නගරයෙන් පිටත පදිංචි ගැහැණු ලමයින් ඉතා අසරණ විය.කොහෙද යන්නෙ කියන එක ගැන ඔහුන්ට නිශ්චිත අරමුණක් පවා නොතිබුණි.මේ අතර සමහරක් පිරිමින් ගැහැණු ලමයින්ට විහිළු කරන්න පටන් ගත්තේ ය.

” ගිහින්, තමුන්ගේ බුර්කාව ආයෙත් ඇදගනවා”
” තමුසේලා පාරේ ඉන්න අන්තිම දවස අද කියන එක මතක තියාගන්නවා “
” මම ඔයා වගේ තව කෙල්ලො හතර දෙනෙක් එකම දවසේ බදිනවා “
යනාදී ලෙස ඔහුන් විහිළු කරන්න පටන් ගත්තේය. රජයේ ආයතනය පවා වසා දමා තිබුණි.මගේ සහෝදරියට නැවත නිවස වෙත පැමිණිමට සැතැපුම් ගණනාවක් පා ගමනින් එන්නට සිදුවිය. මම වසර ගණනාවක් තිස්සෙ මගේ පවුලට සහ ප්‍රජාවට උපකාර කළ පරිගණකය දැඩි වේදනාවකින් ඉවත් කිරිමට ද සිදුවිය…යනුවෙන් ඇය පැවසුවාය. ‘ මම කදුලු පිරි දෙනතින් මගේ මේසය අතහැර මගේ සහායකයන්ගෙන් සමුගත්තෙමි.ඒ දවස මගේ රැකියාවේ අවසාන දිනය බව ලස මම දැනගෙන සිටියෙමි.’
මමcඇෆ්ගනිස්තානයේ හොදම විශ්වවිද්‍යාල දෙකකින් එකවර උපාධි දෙකක් ලබා ගැනිමට සුදානම්ව හිටියෙමි. නොවැම්බර් මාසයේදි ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් විශ්වවිද්‍යාලයේන් හා කාබුල් විශ්වවිද්‍යාලයෙන් මම මගේ උපාධිය ලබාගැනිමට නියමිත සිටි නමුත් ඒ සියල්ලම අද උදෑසන මගේ දෙනෙත් ඉදිරිපිටම කඩාගෙන වැටුණෙමි.
මම දවස් ගණනාවක් නිදි බරිතව වෙහෙසෙමින් අද මම මේ ඉන්න තැනට එන්නට මම සෑහෙන්න දුක් වින්දෙමි.නමුත් අද උදෑසනම මම සහ මගේ සහෝදරියන් මුලින්ම කරේ අපේ විශ්වවිද්‍යාලයේ හැදුන්ම්පත්, ඩිප්ලෝමා සහ සහතිකපත් සියල්ල සැගවිමයි.ඇයි අපි ආඩම්බර විය යුතු දේවල් සගවා තබා ගත යුත්තේ? ඇෆ්ගනිස්තානයේ දැන් අපි වගේ අය මිනිස්සු විදියට සලකන්නෙ නැතිද ?
කාන්තාවක් වශයෙන් මට දැන් දැනෙන්නෙ පිරිමින් විසින් ඇති කල දේශපාලනික යුද්ධයේ ගොදුරක් ලෙසටය.මට තවදුරටත් හයියෙන් සිනා සිය නොහැකිය. මට තවදුරටත් මම ආස කරන්න ගීත ඇසිය නොහැකිය.මට තවදුරටත් මගේ ප්‍රියතම ආපනශාලාවේ ( Cafe) මගේ මිතුරන් හමුවිය නොහැක. මට තවදුරටත් මම ආස කරන කහ ඇදුම අදින්නවත් , රෝස පාටින් දෙතොල් ආලේප කරන්නවත් නොහැකිය. මට තවදුරටත් මගේ රැකියාව කරගෙන යාමට ද නොහැකිය. කොටින්ම මට තවදුරටත් මම වසර ගණාවක් තිස්සෙ සිදු කල මගෙ උපාධිය අවසන් කිරිමට ද නොහැකිය.මම ඉංග්‍රීසි අධ්‍යාපන මධ්‍යස්ථානයක ගුරුවරියක් ලෙසද සේවය කලේමි. A,B,C ගායනා කරමින් මට මගේ පංතිය ඉදිරියේ සිටගෙන සිටිමටද තවදුරටත් නොහැකිය.මගේ ලස්සන කුඩා සිසුවියන් හට අධ්‍යාපනය නතර කරමින් සිය නිවෙස් වල වි රැදි සිටිය යුතු බව සිහිපත් වන විට මගේ කදුළු කඩා වැටෙයි. එයා ඉතා වේදානාත්මකය.
මම මගේ නියපොතු ආලේප කිරිමට බොහො සේ ප්‍රියයි. නමුත් මට එය තවදුරටත් මට කල නොහැක. අද මම ගෙදර යන විට , මම නිතර යන රූපලාවණ්‍යගාරය දෙස බැලුවෙමි. ගැහැණු ලමයින්ගේ ලස්සන පින්තුර වලින් සරසා තිබුණු සාප්පුව ඉදිරිපස එක රැයකින් සුදු හුණු දමා තිබුණි. මට පෙනුනේ, මා වටා සිටි කාන්තාවකගේ දුක්බර ,බියපත් මුහුණු සහ කාන්තාවන්ට වෛර කරන,කාන්තාවන්ට අධ්‍යාපනය ,රුකියාව කිරිමට සහ නිදහස ලබාදිමට අකැමැති කැත පිරිමින්ගේ මුහුණුන් ය. වඩාත්ම විකාර සහ විනාශකාරිම දෙය වුයේ කාන්තාවන් අසල සිට ඔහුන්ට විහිළු කරමින්, අපහාස කරන පිරිමින් ය.ඔහුන් අප වෙනුවෙන් සිට ගත යුතු මොහොතේ ඔහුන් තලේබාන්වරුන් සමග සිටගෙන ඇත.එමගින් තලේබාන්වරුන් තවදුරටත් ශක්තිමත් වනු ඇත.
ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් තමන්ට හිමිව තිබුණු සුළු නිදහස වෙනුවෙන් බොහෝ දෑ කැප කර ඇත. අනාථයකු ලෙස මම බුමුතුරුණු වියන ලද්දේ අධ්‍යාපනය ලබා ගැනිමටය.මම බොහෝ ලෙස මුල්‍යමය හිගකම් වලටත්, අභියෝග වලට මුහුණ දුන්නෙමි..නමුත් මම මගේ අනාගතය ගැන බොහො සැලැසුම් සකස් කර තිබුණෙමි. මම කවදාවත් හිතුවේ නෑ මේ විදියට සියල්ලම අවසන් වෙවි කියලා.
දැන් මට පෙන්නෙ මගේ ජිවිතයේ පසුගිය අවුරුදු 24 ක් තුල අසීරුවෙන් මා ලබා ගත් සියල්ලම පුළුස්සා දැමිමට සිදුවන බවය.ඇමෙරිකන් විශ්වවිද්‍යාලයේ හැදුන්ම්පත පවා ලග තබා ගැනිම දැන් අවධානම් සහගතය. කේසේ හෝ එය අසීරුවෙන් ලග තබා ගත්තද අපට එය භාවිතා කල නොහැක.ඇෆ්ගනිස්තානයේ තවදුරටත් අප සදහා රැකියා ද නොමැත.පලාත් එකින් එක, එකින් එක බිද වැටෙන විටත් මම මගේ ලස්සන ගැහැණු ලමයෙක් විමේ සිහිනය ගැන සිතමින් සිටියෙමි. තලේබාන් යුද්ධය ගැන,ඔහුන් කාන්තවන් ට සලකන ආකාරය පිලිබදව අපේ මව විසින් කියන ලද කතාන්දර සිහිපත් විම නිසාවෙන් මට සහ මගේ සහෝදරියන් හට රැය පුරාම නිදා ගැනිමට පවා නොහැකි විය. නමුත් දැන් සියල්ල අවසන්. අපගේ මුලික අයිතිවාසිකම් පවා අහිමි වි නැවත අවුරුදු 20ක් ආපස්සට අපිට ගමන් කරන්නට සිදුවේ යැයි මම කිසිදා නොසිතුවෙමි. වසර 20 ක සටනකින් පසුව අප අත්පත් කරගත් දෑ සියල්ලම, අපි අපගේ අන්න්‍යතාවයන්ද බුර්කාව ඇතුලේ සැගවිය යුතුද ?
පසුගිය මාස කිහිපය තුල තලේබාන්වරුන් පලාත්වල පාලනය අල්ලා ගැනිමත් සමග සිය ගණන මිනිස්සු සිය නිවෙස් අත් හැර කාබුල් වෙත පැමිණියේ තමන්ගේ දරුවන් සහ බිරින්දෑවරුන් රැක ගැනිමටයි. ඔහුන් කාබුල් හි එලිමහන් ස්ථානවල සහ උද්‍යාන වල ජිවත් විය. මම සහ මගේ මිතුරන් වු ඇමෙරිකන් විශ්වවිද්‍යාලයේ සිසුන් කොටසක් සමග එකතු වි ඒම මිනිස්සු වෙත අවශ්‍ය ආහාරපාන,මුදල් සහ වෙනත් අවශ්‍යතා පරිත්‍යාග මගින් රැස් කරා බෙදා දිමේ වැඩපිළිවෙළක නිරත් විය. සමහරක් පවුල් වල කතාන්දර ඇසු විට මගේ දෙනතින් කදුලු කඩා හැලිම මට නතර කිරිමට පවා අපහසු විය. එක් මිනිසෙකුට සිය පුත්‍රයා යුද්ධය නිසාවෙන් අහිමි විය.ඔහුට ඔහුගේ පවුලේ අය කාබුල් වෙත රැගෙන යාමට තරම් ප්‍රමාණවත් මුදලක් ඔහු ලග නොමැති නිසාවෙන් ප්‍රවාහන වියදම් වෙනුවෙන් සිය ලේලිය හුවමාරු කරගැනිමට ඔහුට සිදු වි ඇත. කාන්තාවකගේ වටිනාකම ප්‍රවාහන වියදමට සමාන කරන්නෙ කෙසේද ?
අද තලේබාන්වරුන් කාබුල් වෙත පැමිණ ඇති බව දැනගත් විට මම වහලෙකු විමට යන බව මට දැනුනෙමි.ඔහුන්ට අවශ්‍ය පරිදි රිසි සේ මගේ ජිවිතය සමග සෙල්ලම් කිරිමට දැන් හැකිය.
ජායාරූපය : ඇෆ්ගනිස්තානයේ පලමු කාන්තා Graffiti කලාකාරිනිය වන Shamsia Hassani ගේ සිතුවමකි.
සටහන : Rio Sagaarox
( ද ගාර්ඩියන් සහ අන්තර්ජාලය ඇසුරෙනි )