16.6 C
New York
Friday, October 7, 2022

Buy now

රැකියාවට ගැලපෙන්න ඇඳුම විතරක් මදි

රැකියාවට යන යුවතියන් තමන්ගේ ඇඳුම කොහොමද තෝරාගන්නේ කියලා අපි පහුගිය ලිපියෙන් කතා කළා. ඉතින් අපි අද කියලා දෙන්න යන්නේ පාවහන්, කරාඹු, අත් බැග් වගේ දේවල් තෝරාගන්න විදිහයි.

කකුලට පහසු පාවහන්
ඉතා උස අඩි, ඇඟිලි ලඟින් දැඩිව එකට ලං වුණ පාවහන් දිගු වේලාවක් පැළඳ සිටීමෙන් ඔබ අපහසුතාවය පත් වේවි. තම කකුලට පහසු දිගු වෙලාවක් දමාගෙන සිටීමෙන් කකුලට අපහසුවක් නැති පාවහන් යුගලයක් තෝරාගන්න අමතක කරන්න එපා. හැබැයි රබර් සෙරප්පු, Sandles වගේ පාවහන් නම් කාර්යාලයට ගැලපෙන්නේ නැහැ. ඔබට අඩි උස පාවහන් පළඳින්න වෙනවා නම් හොඳම දේ තමයි කාර්යාලයට යන එන වෙලාවට දැමීමට වෙනත් පහසු පාවහන් යුගලයක් තබා ගැනීම.

දීප්තිමත් ආභරණ එපා
කාර්යාල ඇඳුමට නම් ඉතා දීප්තිමත් විශාල මාල, කරාඹු වළලු ගැලපෙන්නේ නැහැ. එයින් ඔබව තොරණක් වගේ පෙනේවි. හැමවිටම කුඩා, දීප්තියෙන් අඩු ආභරණ පළදින්න අමතක කරන්න එපා. එයින් ඔබේ පෙනුමට වඩාත් වැදගත්කමක් එකතු වේවි.

වෘත්තීය පෙනුමක් තියන අත් බෑගය තමා හොඳ
වෛවර්ණ විශාල මෝස්‌තර සහිත අත් බැග් ඔබේ කාර්යාල ඇඳුමට නම් ගැලපෙන්නේ නැහැ. ඔබේ බඩු බාහිරාදිය දමාගෙන යාමට ප්‍රමාණවත් ඇත බෑගයක් තිබිය යුතුය. වැඩි මෝස්‌තර වලින් තොරව තනි පාට අත් බෑගයක් භාවිතා කරන්න.

 

Related Articles

Stay Connected

0FansLike
3,518FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles