Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

පරණ පණක්

කුඩා කල සිට පළහ ඌවෙ පදිංචිව සිටි මම, එහි ඇති වියලි පරිසරයට අනුගතව හැදී වැදුණු අයෙකු බව පැවසීමට නොපකිලේන්නෙමි. එම පරිසරයේ දක්නට ලැබෙන , එයටම අවේනික ගහ කොළ ඇසුරෙන් අප ලැබූ විවිධ පලතුරු වල විවිධ රසයන්ද කිසිදා මා මනසින් බැහැර නොවේ. විශේෂයෙන් කෝන් , වීර, පලු, වැනි විශාල වෘක්ෂයන්හි හටගන්නා කුඩා මිහිරි පළයන් පුංචි අපේ රස නහර පිනවූ පලතුරු විය.

මේ අතරින් කෝන් ගස ගෙන යමක් ඔබට පැවසීමට මෙය මම අවස්ථාවක් කර ගනිමි. ගෘහ භාණ්ඩ සැදීමට මෙන්ම නිවාස තැනීමට ගන්න දැවයක් වශයෙන්ද කෝන් ගසට මේම ප්‍රදේශයේදී විශේෂ ස්ථානයක් හිමිවේ. ගස කොපමණ විශාල වුවද මෙහි හට ගන්නේ ඉතා කුඩා පළයකි . එය සියබලා ඇටයක පහන් යුතු ගෝලාකාර ඇටයක් වට ඇති කහ පාටට හුරු මදය , යන්තමට පැණි රසයකින් හා අධික ඇඹුල් රසයකින් යුක්තය. සිංහල වෙද කමේදී කෝන් ගසේ පංචාන්ගයම ඖශධ ලෙස භාවිත කරන බව සඳහන් කය යුත්තකි.
කැලේ හැදී කැලේටම නැසී යන කෝන් ගසක් පිලිබඳ මා මෙතරම් විස්තර කරන්නීහි ඇති ඓතිහාසික වටිනා කම නිසාය. ඇමරිකාවේ බ්‍රිස්ටල් කෝන් පයින් නම් ගස , බුදුන්ගේ කාලයටත් වඩා පැරණි වයස්ගත වෘක්ෂය වන බැවිනි.
එය අනුමාන වශයෙන් අවුරුදු 5065ක් පමණ වේ. , වෘක්ෂ ලතවනුත්, පරණ වායුවක් සහිත වස්තුවක් ලෙස සලකන විට මෙම කෝන් ගස දැනට ලෝකයේ වැඩිමහලු ම ප්‍රාණිය ලෙස සැලකිය නොහැකිද?

අදහස
ස්වර්ණා කාන්ති දිසානායක
(ශාස්ත්‍රවේදී ගෞරව – පේරාදෙණිය)

 

Popular Articles