Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

ආදරයට ආදරය කරන්න

ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. ආදරය ලෝකයේ තියෙන වටිනාම හැඟීමයි. හැබැයි ඒ ආදරය විඳින දනවන විදිහ එකිනෙකාට වෙනස්. එවැනි විවිධත්වයක් ආදරයට නොතිබුනා නම් මේ ලෝකය වඩා නීරස, එපා කරපු තැනක් වන්නට ඉඩ තිබුනා. ආදරයට පුළුවන් ලෝකයේ ඉරණම වෙනස් කරන්න. ඔබ ආදරය කරන විදිහටම මමත් ආදරය කළා නම්, ඔබේ ආදරයේ බලාපොරොත්තුව මගේ ආදරයේද බලාපොරොත්තුව වුනා නම් අපි දෙදෙනාම එකම වස්තුවකට ආදරේ කරන්න ඉඩ තිබුනා. එසේ වුවා නම් අහිමි වීම සහ විරහව පමණක් ආදරයේ අවසානය වේ.

වාසනාවකට මෙන් ආදරය එහෙම නැහැ. ආදරය විවිධයි.මේ විවිධාකාර ආදර අන්දර වල ආදරයට වස්තු බිජ වන වටිනාකම් එහෙමත් හරිම වෙනස්. ඔබ ඔහුට පෙම් කරන අතරතුර තනිකමට දිවි පරදුවට තබා පෙම් කරන්නියන් අනන්තවත් සිටිනවා ඔබත් ඇයත් ඔහුට,තනිකමට ජීවිතය සින්න කරන විට, ධර්මයට සිත් අලවන්නියන් එහෙමත් හිඟ නැහැ. ජිවිතයේ සුන්දරම යොවුන්විය සතා සිව්පාවාගේ යහපත පිණිස, සමාජයට හිත සුව පිණිස, පොතට පතට, සල්ලි බාගෙට වෘත්තීය ජීවිතයට සින්නක්කරේටම ලියා දුන් යුවතියන් ඕනෑ තරම් අප දැක තිබෙනවා. ඔය ඔක්කොම ආදර අන්දර අතරේ සමාජ විරෝධී ආදරයකට දෙවරක් නොසිතා පනින්නියන් ලංකාවේ සතර අතින් සොයා ගන්න පුළුවන්.

ඉතින් අප කුමක් කරන්නද? ඒ ආදරයේ ස්වභාවයයි. ඒ එක් එක් කෙනාගේ චෛතසිකය ක්‍රියා කරන ආකාරයයි. සමහර විට ඒ ඔවුන්ගේ බුද්ධි මට්ටම විය හැකියි. කටුක දුබර ජීවිතයකින් උගත් පාඩම් වෙන්නට පුළුවන්. ලද හැකි උපරිම රැවටීමකට, නින්දිත අපහරණයකට පසුව එන සිතුවිල්ල වෙන්නත් පුළුවන්.

හැබැයි ඔබ ඔබට වගේම තමයි ඔවුන්ගේ ආදරයත්. ඔබට ඔහු කොතරම් වටිනවාද? වැදූ මවට රහසින් ඔහුට අවනත වන්නට තරම් ඔබේ ආදරයට අවංක වගේ තමයි ඔවුනුත් ඔවුන්ගේ ආදරයට සමීපයි, පක්ෂපාතියි, හැම ආදරක්ම ඒ වගේ තමයි. ඔබට ඔහු දක්වන අවංක පක්ෂපාතිත්වය තරම්ම හැඟීමක් ඇයට අසරණ සතෙකුට පිහිට වූ විට දැනෙනවා ඇති.ඔබ ඔහුගෙන් ලබන තරම්ම රැකවරණයක් ඇය ඇයගෙන් ලබනවා ඇති.

එහෙමනම් ඇයි ඔබේ ආදරය විතරක් ඔබ ආදරය ලෙස දකින්නේ? අන් ආදර පැතිකඩ වෙත පහර ගසන්නේ? මතක තබා ගන්න එලෙස පහර දීමේ හෝ විවේචනය කිරීමේ අයිතියක් ඔබට නැහැ. සෑම බැඳීමක් දෙසම ආදරෙන් බලන්න. මිනිසත්කමින් බලන්න. කරුණාවෙන් බුද්ධියෙන් විමසන්න. ඔබට ඒ ආදරය බැඳීම තුල වටිනාකම් ඔබේ ආදරය තරම්ම හෝ ඊටත් ඉහල බව හැගේවි.

සෑම ආදරයකටම ආදරය කරන්න. සෙනෙහසින් සවන් දෙන්න. ඔබේ ආදරය ඒ තරමටම සාර්ථක වෙනවා.

උපුටා ගැනීමකි

Popular Articles