ඇෆ්ගනිස්ථානය වසර ගණනාවක් යුධ ගැටුම් නිසාවෙන් පිඩා විදි රටකි

Categories

Share

ඇෆ්ගනිස්ථානය වසර ගණනාවක් යුධ ගැටුම් නිසාවෙන් පිඩා විදි රටකි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ( ICRC ) පවසන පරිදි වසර ගණනාවක මෙම යුධ ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්ථානයේ මිලියන 1.5 පමණ පිරිසක් ආබාධිත තත්වයට ලක් වි ඇත. Nilofar Bayat ද එලෙස ආබාධිත තත්වයට ලක් වු තරුණියකි. ඇෆ්ගනිස්ථානයේ රෝදපුටු පැසිපන්දු කණ්ඩායමේ නායිකාව වන ඇය කුඩා කාලයේ අවුරුදු 2 දී පමණ සිය නිවසට එල්ලවු රොකට් ප්‍රහාරයක් මගින් සදාකාලීකවම ආබාධිත තත්වයට පත් කර ඇත. එම ප්‍රහාරයේන් ඇයගේ සහෝදරයෙක්ද ඇයට අහිමි විය. ඇයගේ ආබාධිත තත්වය නිසාවෙන් ඇයට දුවන්නට හෝ පනින්නට ඇති හැකියාව සිමා කලද ඇයගේ හීන සීමා කිරිමට දෛවයට නොහැකි විය. ඇයගේ අධ්‍යාපන කටයුතු, රැකියාවක් කිරිමේ ආශාව සහ පැසිපන්දු ක්‍රිඩාවට ඇති ඇයගේ දක්ෂතාවය නවතාලන්නට ඇයගේ ආබාධිතභාවයට නොහැකි විය.

ඇය මීට වසර නවයකට පෙර ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ( ICRC ) විසින් සංවිධානය කරන ලද කණ්ඩායමක් සමග මුල්වරට පැසිපන්දු ක්‍රිඩාවේ නිරතවීම ආරම්භ කර ඇත.ඇෆ්ගනිස්ථානය යනු ශාරීරික ආබාධ සහිත පුද්ගලයන් නිරන්තරයෙන් සමාජ අපකිර්තීයට ලක් වෙන රටකි. ඇෆ්ගනිස්ථානයේ බොහොමයක් වීදි සහ ගොඩනැගිලි වලට ආබාධිත අයට ප්‍රවේශ විමට නොහැකි අතර සෞඛ්‍ය පහසුකම්ද ප්‍රමාණවත් පරිදි ආබාධිත පුද්ගලයන් හට හිමි නොවේ.

” කාන්තාවක් , විශේෂයෙන් ඇය ආබාධිත නම් ඇෆ්ගනිස්ථානයේ ජිවත් විම ඉතා දුෂ්කරය.මිනිසුන් ආබාධිතභාවය සලකන්නෙ ඒකි කාන්තාවගේ අඩුපාඩුවක්, දුර්වලතාවයක් විදියටයි. ඒ කරුණ ආබාධිත ගැහැණු ළමයින්ව බෝහෝ සෙයින් මානසිකව රිද්දන කරුණක්.නමුත් මම තවමත් විශ්වාස කරනවා කාන්තාවන් ශක්තිමත් බව. මම දැකලා තියෙනවා ගොඩක් පිරිමි සිය උත්සහයන් අත අරිනවා.නමුත් මගේ බොහො මිතුරන් ආබාධිත වුණත්,ඔහුන් බොහෝ දුර යනවා.ඔහුන් ඔහුන්ගේ උත්සාහයන් අත අරින්න සුදානම් නැහැ” බයට් ( Bayat ) පවසයි.

බයට් ( Bayat ) පවසන්නෙ ඇය පැසිපන්දු ක්‍රිඩාවේ දිගින් දිගටම නිරතවිම හරහා ඇයගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් ලෙස ගොඩනැගුණ බවය.එසේම ඇයගේ කණ්ඩායම ඉන්දුනිසියාවේ හා තායිලන්තයේ පැවති ජාත්‍යන්තර පැසිපන්දු තරග කිහිපයකටම සහභාගි වී පදක්ක්ම 3 ක් දිනාගෙන ඇත.

” සමහර වේලාවට අපේ පුහුණුවිම් කටයුතු අනාරක්ශිත තත්වයන් මත අවලංගු වෙනවා.බොහෝ ක්‍රිඩිකාවන්ගේ පවුල් වලින් සහායෝගයක් හිමිවන්නෙ නෑ.ගොඩක් කාන්තාවන් විවාහයෙන් පස්සෙ ස්වාමි පුරුශයන්ගෙ බලපෑම් මත ක්‍රිඩාවෙන් ඉවත් වෙනවා. යැයි ඇය ශෝකයෙන් යුතුව පවසයි. කෙසේ නමුත් මෙවැනි දුෂ්කරතා මැද ජාත්‍යන්තරව ක්‍රිඩා කිරිමට හිමිවිම පිලිපදව ද ඇය ආඩම්බරයෙන් යුතුව පවසයි. ඇයගේ ලොකුම රසිකයා වන්නෙ ඇයගේ පියාය.අනෙකුත් පවුල් වලින් හා සමාජයෙන් නොයෙකුත් චෝදනා එල්ලවන විට ඊට විරුද්ධව ඇය වෙනුවෙන් හඩනගන්නෙ ඇයගේ පියාය. “මෙහෙ ඉන්න ගොඩාක් පිරිමි කැමති නෑ පිළිගන්න කාන්තාවන් ශක්තිමත් කියලා. නමුත් අපි නෙවෙයි ඒ පිලිපදව තීරණ ගන්න අය ” ( Men here don”t want to admit that women are strong.we”re not at the table of decusion markers ) යැයි ඔහු පවසයි.

බයට් ( Bayat) ඇතුළු අබාධිත කාන්තා පැසිපන්දු ක්‍රිඩිකාවන් නැවත තලේබාන් පාලනයක් කරා ඇෆ්ගනිස්ථානය නතුවේ යැයි බියෙන් ද පසුවේයි. එයට හේතුව වන්නෙ 1996 -2001 තලේබන් පාලනය තුල කාන්තාගේ අයිතිවාසිකම් සිමා කරන ලද නීති රිතින් නිසාවෙනි.කාන්තා අධ්‍යාපනය තහනම් විම, කාන්තාවන් හට රැකියා කිරිමට තහනම් කිරිම සහ පිරිමි අයෙකු නොමැතිව නිවසෙන් බැහැරවිම තහනම් විම එම නීති රිතීන් අතරින් කිහිපයකි. නමුත් පසුගිය වසරේ ඇමරිකාව සහ තලේබාන් සංවිධානය අතර ඇති වු සාම ගිවිසුම් නිසාවෙන් වර්තමානයේ ඇෆ්ගනිස්ථානයේ එකී තලේබාන් කාල සිමාවේ පැණ වු නීති සියල්ල වෙනස් වී ඇත.

” මට තලේබාන් යුගය පිළිබඳ තියෙන්නෙ භයානක මතකයක්.මොකද මම අබාධිත තත්වයට පත්වුණේ තලේබාන් යුගයේදී.මම අවුරුදු ගණනාවක් රෝහලේ හිටියේ.එක්කට පස්සෙ තව එකක් විදියට ශල්‍යකර්ම ගාණනාවකට මුහුණ දෙන්න මට සිද්ධ වුණා.ඒ සිදුවිම කොහොම වුණත් මගේ ජිවිතය වෙනස් කරා.‍යම් දවසක මට මගේ පැසිපන්දු ක්‍රිඩා කිරිම සහ අනෙකුත් ක්‍රියාකාරකම් නතර කරන්න වුණොත් මං මොනව කරන්නද කියලා මට තේරෙන්නෙ නැහැ…එක මට සහ මෙහෙ ඉන්න අනෙක් ගැහැණු ලමයින්‍ට තියෙන්න ලොකුම ප්‍රශ්ණයක්.මම බලාපොරොත්තු වෙනවා ඇෆ්ගනිස්ථානයේ වාතාවරණය යහපත් අතරට පත්වෙවි කියලා.ඉතින් මම , මගේ පුහුණුවිම් කටයුතු සහ මගේ අනෙක් වැඩ කටයුතු මම නිදහස් මනසකින් කරගෙන යනවා ” යැයි ඇය බලපොරොත්තු දල්වාගෙන සිය අනාගතය පිළිබඳව සුබවාදිව ඇය පවසයි.

Author

Share