අනේ අම්මේ අපිව දාල යන්න එපා ?

Categories

Share

 

“අනේ අම්මේ අපිව දාල යන්න එපා” කියන ඒ ලා බාල පිරිමි දරුවා තම පියා දෙස සැරී කියන්නේ “අනේ අප්පච්චි, අම්මව නවත්වා ගන්න කෝ ” කියල. එතන ලගින්ම ඉන්න ටිකක් වයසැති ගැහැණු දැරිවියත් අම්මගේ අත අල්ල ගෙන ඉකි බිදමින් සිටිති. අම්මගේ දෑස් වලින් කදුළු ආවත් ඒ මොහොතේ වෙන කරන්නට දෙයක් නැත. පවුල රැක ගැනීමට ඇයට මේ මොහොතේ මැද පෙරදිග නොදන්නා තැනක රැකියාවකට යන එක ඇරෙන්න වින විකල්පයක් පේන්නට නැත. ටික මොහොතකින් දරුවන් දෙදෙනා අවසාන වරට සිප ගෙන තම ස්වාමියගෙන්ද අවසර අරගෙන ඇය ටිකෙට් කෞන්ටරය වෙත යන්න පටන් ගන්නේ බියකින් උනත් ලොකු සිහිනයක් ඇතිවය. කීයක් හරි හම්බ කරලා තමන්ගේ ගෙදෙර හදාගෙන ළමයින්ට උගැන්වීම ඒ බලාපොරොත්තුවයි. මෙවැනි දර්ශන ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සෑම දිනක පාහේ දකින්න පුළුවන සිදුවීම් ය. මේ වගේ දෙමාපියෝ, විශේෂයින්ම මවුවරු ළමයින්ගේ සුබ සිද්දිය පතා එයාලව අත ඇරලා යනවිට එයාල තේරුම් නොගන්න කිසි දිනක වෙනස කරන්න බැරි දෙයක් සිදුවන බව එයාලට වත් තේරුමක් නැතිය. මෙවන් මොහොතක මේ දරුවන්ට වෙන දෙය බලාගෙන දුක දරා ගැනීම හැර වෙන පිළිසරණක් නැත. නමුත් මවකගේ සෙනෙහස නැතිව හැදෙන මේ දරුවන් විශාල මානසික හිස් බවකින් හැදෙන බව මේ දෙමාපියෝ කිසි දිනක තෙරු ගන්නේ නැත. එවන් දෙයක් තේරුම් ගන්න ඔවුන් උගත් නැත.

මම මේ ලිපි පෙලින් කතා කරන්න යන්නේ දෙමාපිය සෙනෙහස ළමයෙක්ගේ පෞර්ෂය සහ ආකල්ප වර්දනයට කොතරම් වැදගත්ද කියන එක පැහැදිලි කරන්න. අද ලෝකෙය ඇතිවී තිබෙන සමාජීය සහ ආර්ථික පරිවර්තන නිසා ලෝකයේ හුගක් තැන්වල බලපාන ප්‍රශ්නයක් මේක. ලංකාවෙත් අද එක විශාල සමාජීය ප්‍රශ්නයක්. එත් ජනතාව මේ මාතෘකාව ගැන හරියට දැනුවත් නැහැ. මේ ප්‍රශ්නේ නිසා රටට හුගක් සමාජීය ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා සහ වෙමින් පවතිනවා. ඒවා ගැන සාකච්චාවක් තමයි ලිපි පෙලින් බලාපොරොත්තු වන්නේ.

දරුවෙක් ඉපදුන වෙලාවේ පටන් වැඩිවිය පැමිණෙන තාක් කල් විවිද වැඩීම් අවදි පසු කරනවා. ඒ කාල වකවානු තුල දෙමාපියන් සමග සම්බන්දය වෙනස් වෙනවා. ඒ අවස්ථාවල මේ සම්බන්දය අවශ්‍ය විදියට තිබුනේ නැතිනම් එක ළමයාගේ හරියාකාර වර්දනයට බාදාවක් වෙනවා. එතකොට වැඩිහිටියෙක් විදියට බිහිවෙන්නේ අසම්පුර්ණ පවුර්ශත්වයක් හා ආකල්ප වලින් පිරිච්ච් චරිත. ඒ අසම්පුරන් අංග ලක්ෂණ ඊලග පරම්පරාවටත් බොහෝවිට දායාද වෙනවා. ළමයෙක් ගැහැනුද පිරිමිද අනුවත් මේ අවශ්‍යතා වෙනස් වෙනවා. විශේෂයෙන්ම පිරිමි ළමයෙක්ට මවගේ සෙනෙහස හුගක් අවශ්‍යයි. ගැහැණු ළමයෙක්ට පියාගේ සෙනෙහස වැදගත්. උදාහරණයක් ලෙස පියෙක් නැතිව හෝ පියාගේ සෙනෙහස නැතිව හැදෙන ඇති බහුතරයක් ගැහැණු ළමයින් ජීවිතය අසාර්ථක කර ගන්නවා; විශේෂයින්ම විවාහ ජීවිතය. අපේ ජන වහරේ කතාවක් තියෙනවා පියා තමයි ගැහැණු දරුවෙකුගේ පළමු ආදරය කියල. එකේ සැගවුණු ලොකු සත්‍යයක් තියෙනවා. තරුණියක් හොයා ගන්නා ස්වාමි පුරුෂය හුගක් විට අයගේ පියාගේ සලකුණු සටහන් වෙන චරිතයක්. ඒ වගේම මවකගේ සෙනෙහස පිරිමි ළමයෙක්ට හරි වැදගත්. ඔහු තමාගේ බිරිදට ළමයින්ට සලකන්න ඒගෙන ගන්නේ මවගේ චරිතයෙන්. මව කියන චරිතය නැතිව හැදෙන පිරිමි ළමයින් විවාහයේ දී ඉතා වගකීම් තොර හැසිරෙන ප්‍රවනතාවය වැඩියි. අවුරුදු 20 ක් පමණ ලංකාවේ ළමයින් සමග තිබෙන සම්බන්දය නිසා මම මේ කරුණු හුගක් දැකල තියෙනවා.

දෙමාපිය සෙනෙහස, එහි වැදගත්කම, ඒවා නිසා ජීවිත සකස් වන ආකාරයගන සමාජ සහ මනෝ විශේසක්න වරු සමාජ පර්යේෂණ තුලින් හුගක් පොත් ලියල තියෙනවා. ඒ වගේ පොත් නම් ලංකාවේ අඩුයි. නමුත් මේ මාතෘකාව ලංකාවට අද ඉතා වැදගත්. මම දකින විදියට හුගක් ඇය නොදැක්කත් මේ ප්‍රශ්නය ලංකාවේ අද හුගක් තියෙන සමාජ ප්‍රශ්න වලට මුල් වෙනවා.

දැන් අපි අර මුලින් මම කියපු කතාවට යමු මොහොතකට. ඒ වගේ ආර්ථික ප්‍රශ්න නිසා රටින් බැහැරව මුදල් හොයමින් යන අම්මල තාත්තල හුගක් වෙලාවට අවුරුදු 5-6 ක් වෙන රටවල ගත කරනවා. මේ කාලය ළමා සන්වර්දනයේ ඉතා වැදගත් කාල වෙන අවස්ථා බොහොමයි. එවැනි මොහොතක මව හෝ පියා නැතිවන දරුවන්ගේ ජීවිතේ ඉතා ලොකු හිස්කමක් ඇති වෙනවා. එයාල අසරණයි. ඒ දුක සහ අඩුපාඩුව එයාල දරා ගෙන හැදෙනවා. නමුත් ඒ ළමයි ලොකු වෙන්නේ ප්‍රශ්න සහිතව. මේක එක ප්‍රශ්නයක්. තවත් ප්‍රශ්න තියෙනවා. මේවා ගැන ඊලග ලිපියෙන් සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා.

Author

Share