කොතෙක් කන්කළු වුවද කුමටද තනුව අහිමි ව ගී ගයා

Categories

Share

ආකහේ තරුවක තියා නෙත්, පුරුදු ලෙස දින ගනිමී…
විටෙක සතුටෙද, විටෙක සොව පිරි සිතුම් තුළ නිති ගිලෙමී…
නැවත මා වෙත ගනු නොහැකි ලෙස ඔබට මා හද දුනිමී…
නෙතින් දුර වුව හිතින් නොම යන බව ඉඳුරාම දනිමී….

මගේ ඇසඟින් වැටෙන කඳුලට ඉබේ තෙත් වන නෙතක්…
හිතේ සෝ දුක් සැනින් වියැකෙන රුවැති පින්බර වතක්…
ප්‍රේමයෙන් නිති වසඟයට ගත් සුපෙම්බර මධු විතක්…
කොයින් ලැබුනිද ඔබට මේ සා ලබැඳි වූ තෙත් හිතක්…

ඔබට හිමිකම් කියනු නොහැකිව දැවී යයි හදවත සැරින්…
අයිති කර ගැන්මම නොවේ පෙම සන් කරමි හදටත් වැරින්…
කෙලෙස මුදවා ගම්ද මා නෙත් ඔබේ පෙම් හී සරින්…
සුපෙම්වත පෙම් කරමු ඔබ මා රැඳී හිඳිමින් දුරින්…

වාවගනු බැරි මගේ සෝකය සුසුම් සරකින් දෙමි ලියා…
දහස් වර මනසින් ඇවිත් යමි ඔබව සිප ගන්නට සොයා…
කොතෙක් කන්කළු වුවද කුමටද තනුව අහිමිව ගී ගයා…
හිතා ගනු බෑ කෙලෙස මෙතරම් වියෝ ඉවසනු ඇති කියා…

Author

Share