කාන්තාවන් කෙරෙහි බලපාන මුලික අයිතිවාසිකම් නිතිය

Categories

Share

වර්තමානයේ අප රටේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයෙන් පහත සඳහන් අයිතීන් මුලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන ඇති අතර එම අයිතීන් විධායක හෝ පරිපාල ක්‍රියාවක් මගින් කඩ වූ විට දින 30ක් ඇතුලත ශේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිමත් කල හැකිය.

මුලික අයිතීන් සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සිමා කිරීම් වලට යටත්ව පුරුෂයන් හා සමානව සම කාන්තාවකටම හිමිය.

කිසිම පුරවැසියකුට වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන ස්ථනය හෝ වෙනත් එබඳු හේතුන් මත වෙනස්කමක් නොකළ යුතුය.[12(2)ව්‍යවස්ථාව]

කාන්තාවන්ගේ නඩත්තු අයිතිය (Women’s Maintenance Rights)

1999 අංක 37 දරන නඩත්තු පනත යටතේ ඕනෙම කලත්‍රයකුට (ස්වාමියා හෝ භාර්යාව)ඔවුන් වෙනුවෙන් මෙන්ම ළමයින් වෙනුවෙන්ද එකිනෙකාගේ නඩත්තු ඉල්ලීම් කළ හැක.

කලාතරයකු නඩත්තු ඉල්ලීම් කරන විට ඔප්පු කළ යුතු මුලික කරුණු වන්නේ,
තමාට තමාව නඩත්තු කරගත නොහැකි වීම.
වගඋත්තරකාර පාර්ශවයට ප්‍රමාණවත් වත්කමක් තිබීම.
වග උත්තරකරු විසින් ඉල්ලුම්කරුව නඩත්තු කිරීම ඔසලකා හරින බව හෝ යුක්ති සහගත ලෙස ප්‍රතික්ෂේප කිරීම වේ.

කලත්‍රයාගේ නඩත්තු ඉල්ලීමක් ප්‍රතිෂේප වීම කරුණු දෙකක් මත සිදුකළ හැකිය.
අනාචරයේ ජිවත් වන්නකු වේ නම් (Living in adultery )
අන්‍යෝන්‍ය කැමැත්තෙන් එකිනෙකාගෙන් වෙන්ව ජිවත් වන්නේ නම්
පැරණි නඩත්තු (ආඥ)පනත අනුව භාර්යාවට ස්වාමිපුරුෂයා සමග ජිවත් වීමට ආරාධනා කළ විට භාර්යාව එම ආරාධනා ප්‍රතික්ෂේප කරන්නේ නම් එය        පිළිගත හැකි හේතු මත විය යුතුය නව පනතේ සදහන් නොවේ.අනාවරණය,ඉල්ලීම ඉදිරිපත් කළ කාල වකවානුව තුල සිදු වන බව ඔප්පු කළ යුතුය.

“ප්‍රමාණවත් වත්කමක් ඇති” යන්නට ආදායම් මාර්ගයක් හෝ අදායම් ඉපැයීමෙන් ඕනෑකමින් මගහැර සිටින අවස්ථා ද ඇතුලත් වන බව නඩත්තු තීන්දුවලදී තීරණය වී ඇත.

දරුවාගේ භාරකාරත්වය (Custody of Children)

දික්කසාද නඩුවකදී හෝ දරුවාගේ භාරකාරත්වය පිළිබඳව පවරන නඩුවකදී මව් පිය දෙපාර්ශවයටම දරුවාගේ අයිතිවාසිකම් ඉල්ලා සිටිය හැක.
මෑත කාලින නඩු තීන්දු නිතිය අනුව දරුවන් පියා හෝ මව භාරයේ තැබිය යුතු යැයි නිශ්චිත විධානයක් දක්වා නොමැත. පාර්ශවයන්ගේ ඉල්ලීම දරුවාගේ උපරිම යහපත, ඉල්ලුම්කරුට දරුවා පෝෂණය කිරීමට ඇති හැකියාව සහ වෙනත්අවස්ථානුගත කරුණු සලකා බලා  සුදුසු පරිදි නියෝගයක් කිරීමටනියෝගයක් කිරීමට අධිකරණයට හැක.(සිවිල් නඩු සංග්‍රහයේ 619,620,621,622 වගන්ති )

 

මීළඟ ලිපියෙන් : විවාහක කාන්තාවන්ගේ දේපල අයිතිය සහ ගිවිසුම් අයිතිය

නීතිඥ සජීවනී අබේකෝන්, LL.B. (කොළඹ විශ්වවිද්‍යාලය )

Author

Share