Saturday, April 20, 2024

Top 5 This Week

Related Posts

ඇඳුමට වෙන් වූ රහස් මෙන්න

ඇඳුම් පැළඳුම් තෝරා ගන්න, විවිධ විලාසිතාවන් හැඩවෙන්න යුවතියන්ගේ කැමැත්ත ඉතා ඉහලයි. ඇය තෝරාගන්නා විවිධ විලාසිතා අනුව ඇයගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වෙනවා. ඒ නිසා ඇඳුම් තෝරා ගැනීමේදී තමන්ට ගැලපෙන අපුරු විලාසිතාවක් තෝරාගන්න ඔබ සමත්විය යුතුමයි. මේ සුදානම ඔබ එසේ තෝරා නොගතයුතු, ඔබ නොදැනුවත්කමින් ම ශරීරයේ හැඩය නැති නැති කරන විලාසිතා ඔබට හඳුන්වා දීමටයි.

 

කොට ලිහිල් කලිසම

කොට ලිහිල් කලිසම මඟින් ඔබේ කකුල්වල උස අඩුව පෙන්වනවා. ඒ වගේම කොට ලිහිල් කලිසම මඟින් ඔබේ ඇඟේ හැඩය ත්‍රිකෝණාකාර ලෙස පෙන්වනවා. එයින් ඔබේ ශරීරයේ ස්වභාවය හැඩය නැති කරනවා. ඔබට මෙවැනි ලිහිල් කලිසමක් තෝරා ගැනීමට අවශ්‍යනම් ඔබේ විලුඹ පෙනෙන කලිසමක් තෝරා ගන්න. එයින් ඔබේ උස වැඩිකර පෙන්වාවි.

 

බෑග් එකක් වගේ ඇඳුම්

මේ වගේ ඇඳුම් අන්දම කොහොමත්ම ඔබේ ඇඟේ හැඩය පෙන්නේ නැහැ. ඔබේ ඇඟේ සිහින් හැඩයත් නැති කර දමන්නට ඊට පුළුවන්. ඒ වගේම ඔබ මහත කෙනෙක් නම් මෙවැනි ඇඳුම් වලින් ඔබේ මහත වැඩි කර පෙන්වනවා. ඔබට වඩාත් සුදුසු වන්නේ ඉණ ලඟින් සිහින් වී ඇති ඇඳුම් ඇඳීමයි . එමඟින් ඔබේ අන්ගේ හැඩය හොඳින් පෙන්නුම් කරනවා.

 

කොට ෂර්ට් හෝ ටී – ෂර්ට්

වර්තමානයේ මෙවැනි ඇඳුම් ඇඳීම ජනප්‍රිය රටාවක් බවට පත් වෙලා. නමුත්, මෙවැනි කොට කමිසයකින් සැරසීම හැමෝටම නම් ගැලපෙන්නේ නැහැ. ජායාරුප වලට සුන්දරව පෙනෙන්නට ඉඩ තිබුනත්, ඇත්තටම නම් තරමක් ඔබට නොගැලපෙන අවලස්සන ඇඳුමක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ සිතන්න, ඔබට ඇත්තේ ඉදිරියට නෙරා ආ බඩක් නම් මේ වගේ ඇඳුමකින් ඔබේ බඩ පෙන්වීමෙන් එය අවලස්සන, ආවරණය නොකළ යුතු ස්ථාන ආවරණය කරගන්න පුළුවන්. මෙයින් එය 100% ක්ම සිදු නොවන බව ඔබටම වටහා ගත හැකියි. ඒ නිසා ඔබ තෝරා ගන්නා ඇඳුම පිළිබඳ ඔබ කල්පනාකාරී වෙන්න.

 

ඉරි වැටුණු කලිසම්

ඉරි වැටුණු ඇඳුම් ඔබේ ශරීරයේ පළල වැඩි කර පෙන්වාවි. ඔබ ඔනිවටත් වඩා කෙට්ටු අයෙක් නම් ඔබට මෙවැනි කලිසමක් හොඳින් ගැලපෙනවා. නමුත්, සාමාන්‍යයෙන් මෙවැනි ඉරි වැටුණු ඇඳුමක් ඔබ ඇඳීමෙන් සමුහයක් තුල ඔබ විශේෂයෙන් කැපී පෙනෙන්නට පුළුවන්. ඔබ තරමක් මහත අයෙක් නම් මේ වගේ තිරස් ඉරි වැටුණු ඇඳුම් වලින් ඈත් වෙලා ඉන්න එක වඩාත් සුදුසුයි. එයින් ඔබ තවත් මහත වැඩි කර පෙන්වන බව අමතක කරන්න එපා.

 

දිලිසෙන ඇඳුම්

මෙය සමහරවිට ඔබ නොදන්නා දෙයක් විය හැකියි. ඕනෑම අයෙක් සාමාන්‍යයෙන් දිලිසෙන ඇඳුම් තෝරාගන්න පුළුවන්නේ. නමුත්, මෙවැනි ඇඳුමක් තෝරා ගැනීමෙන් ශරීරයේ හැඩය සම්පුර්ණයෙන්ම වෙනස් කර පෙන්වනවා. ඒ ඔබේ ඇඳුම් ඕනිවට වඩා දිලිසෙනවා නම් එය ඔබ දිහා බලන කෙනාටත් අපහසුයි. ඒ වගේම ඔබ කාටුන් එකක් වගේ පෙනෙන්නට බැරිකමකුත් නැහැ.

 

විශාල මුද්‍රණ සහිත ඇඳුම්

විශාල මුද්‍රණ සහිත ඇඳුම් විශේෂයෙන් කලිසම් තෝරා ගැනීමේදී ඔබ තරමක් කල්පනාකාරී විය යුතුමයි. සහරු කියනවා මෙවැනි කලිසම් ඔවුන්ට සුන්දරත්වයක් එක් කරන බව. ඔබ මෙහිදී කල්පනාකාරී විය යුත්තේ, එවැනි ඇඳුමක් තෝරා ගැනීමෙන් ඔබට අවාසි සහගත තත්වයක් ඇතිවීම වලක්වා ගන්නයි. මේවා මඟින් ඔබේ කකුල් විශාල කර, උසින් අඩුකර පෙන්වනවා. ඒ නිසා ඔබ කලිසම තෝරා ගන්නා විට හැකි තරම් තනි වර්ණයක කලිසමක් තෝරා ගන්න. එයින් ඔබේ දෙපා සිහින්ව සහ දිගටිව පෙන්වාවි. විශාල මුද්‍රණ සහිත බ්ලවුස් තෝරා ගැනීමත් මේ වගේම සුවිශේෂියි. මෙහිදී විශාල මුද්‍රණ සහිත බ්ලවුස් තෝරා ගැනීමෙන් ඔබව කොටුවක හැඩයක් ගන්න පුළුවන්. ඔබේ සුන්දරත්වය සම්පුර්ණයෙන්ම මෙයින් වෙනස් වෙනවා. මෙවැනි ඇඳුම් වලින් ඔබට ලැබෙන්නේ, තරමක් හිර වූ ස්වභාවයක්. තනි වර්ණයේ ඇඳුම් තෝරා ගැනීමට ඔබ යොමු වීම වඩාත් සුදුසුයි. නැත්නම් අත්වල සහ ඉඟ ප්‍රදේශයට පමණක් වන්නට පොඩි මුද්‍රණ සහිත ඇඳුම් තෝරා ගන්න. එයින් ඔබව සිහින් හැඩති සිරුරක් හිමි යුවතියක් ලෙස දිස්වේවි.

 

අසමාන වර්ණ

ඔබ කලිසමකින් හෝ බ්ලවුසයකින් සැරසෙනවානම් වර්ණ ගැළපීම අනිවාර්යයි. ඔබ එකිනෙකට නොගැළපෙන වෙනස් වර්ණ දෙකකින් සැරසුනොත් එමගින් ඔබේ ශරීරයේ කොටස් වෙන වෙනම දිස් වෙනවා. ඔබේ ශරීරයේ අඩුපාඩු වුවත් ඉන් අනිකාට හොඳින් පෙනේවි. ඒ නිසා එකම ප්‍රභේදයේ ඇඳුම් තෝරා ගන්නවා නම් වඩාත් සුදුසුයි. එයින් ඔබේ සිරුරේ සිහින් හැඩය තවත් වැඩිකර පෙන්වාවි. ඔබ කාර්යයාලයට යන යුවතියක් නම් ඉන් ඔබේ වෘත්තීය මට්ටමත් කැපී පෙනේවි.

 

පමණට වඩා විශාල ඇඳුම්

ඉතා විශාල ටී- ෂර්ට් ආදිය ඔබට එතරම් සුදුසු වන්නේ නැහැ. එයින් ඔබගේ සිරුරේ හැඩය නැති කරයි. මහත සිරුරක් ඇති අයෙක් නම් ඔබව තවත් සිරුරෙන් මහත බව පෙන්වන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ශරීරයේ ප්‍රමාණයට හා සිරුරේ හැඩය ඉස්මතුවෙන පරිදි ඇඳුම් තෝරා ගැනීමට උත්සුක වන්න.

 

අවපැහැ ඩෙනිම

ඩෙනිම් කියන්නේ ඈත අතීතයේ ඉඳන්ම වඩාත් ජනප්‍රිය විලාසිතාවක්. අදවන විට එක එක වර්ගයේ විලාසිතාවන් රැසක්ම ඩෙනිම් ලෙස නිර්මාණය වෙනවා. එමෙන්ම වර්ණයෙන් පවා එකිනෙකට වෙනස්. ඩෙනිම ගන්නකොට ඔබ තෝරාගන්න පාටේ නම් කිසිම ප්‍රශ්ණයක් නැහැ. නමුත්, ඩෙනිමක් දිගුකලක් අඳින්න හැකි නිසාම ඩෙනිම පට්ට ගැහෙනකම් අඳිද්දී එන පාට නම් කොහෙත්ම සුදුසු නැහැ. එවැනි ඩෙනිම් ඉවත් කරන එක තමයි වඩාත් හොඳ. ඒ වගේම අවපැහැ වූ ඩෙනිමක් ඇඳීමෙන් ඉණ ප්‍රදේශය විශාලකොට පෙනෙන්න පුළුවන්. ඔබගේ ඇඟේ හැඩය පෙනන පරිදි ඩෙනිමක් අඳින්න ඕනි නම් නිල් පැහැයේ ප්‍රභේදවල ඩෙනිම් අත්හදා බලන්න.

 

තිරස් ඉරි වැටුණු

තිරස් ඉරි වැටුණු ඇඳුම් මඟින් ඔබේ ශරීරයේ ප්‍රමාණය වැඩි කර ඔබ මහත අයෙකු ලෙස පෙන්වනවා. ඔබ කෙට්ටු අයෙක් නම් මෙවැනි ඇඳුම් ඇඳීම සුදුසුයි. වර්ණ කිහිපයකින් තිරස් ඉරි ඇති ඇඳුම් මඟින් V කර සහිත තිරස් ඉරි ඇඳුම් ඔබේ පපු ප්‍රදේශය විශාල කර පෙනේවි.

 

දිග සාය

මෙවැනි ඇඳුමක් වඩාත් සුදුසු වන්නේ කෙට්ටු උසින් වැඩි අයට. මෙවැනි සායවල් මඟින් ඔබේ වයස වැඩි කර පෙන්වනවා. ඔබට හිතෙනවා නම් ඔබේ වයසට ඔබේ පෙනුම මදියි කියලා. මේ වගේ සායක් ඇඳීම වඩාත් සුදුසුයි. විශේෂයෙන්ම ඔබ අඳින සාය විලුඹ දක්වාම අඳිනවා නම් ඔබේ ඇඳුමේ ඉහළ කොටස තරමක් ඔබේ සිරුර අනාවරණය කරන ඇඳුමක් විය යුතුයි. එයට හේතුව, ඔබ ඔබේ ඇඳුමින් ඔබේ ශරීරය සම්පුර්ණයෙන්ම වසනවා නම් ශරීරයේ අලංකාරය සම්පුර්ණයෙන්ම නැති වී යන්න පුළුවන්.

Popular Articles