Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

හිස් බඩ නොකළ යුතු දේවල් 6ක්

ඔබ උදෑසන අවදි වූ විගස අනුගමනය කරන සමහර ක්‍රියා ඔබගේ සෞඛ්‍යට දීර්ඝ කාලින බලපෑම් ඇති කරන බව විද්වත්හු පවසති. ඒ අනුව උදෑසන අවදි වූ විගස දෙහි මිශ්‍ර උණුසුම් ජලය පානය කිරීම සෞඛ්‍යට අහිතකර නොවුවත් සමහර ක්‍රියා කිසිසේත්ම නොකළ යුතු වන බව ඔවුහු අවධාරණය කරති.

 

තේ කෝපි පානයෙන් ගැස්ට්‍රයිටිස්

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව දවස ආරම්භ කරන්නේ තේ හෝ කෝපි පානය කිරීමෙනි. එහෙත් මෙය ඔබේ අන්ත්‍රයේ අභ්‍යන්තර ආස්තරණයට හානි සිදු කල හැකි අම්ලපිත්ත රෝගයට අතවැනීමක් වෙනවා. ඒ අනුව උදෑසන අවදි වූ විගස වෙනත් කිසිවක් පානය කිරීමට පෙර පළමුව වතුර වීදුරුවක් පානය කළ යුතුය. ඉන් පසු ඔබගේ තේ කෝප්පයට කිරි හෝ ක්‍රීම් එකතු කර පානය කිරීමෙන් එහි බලපෑම් අවම කරගත හැකිය.

 

මත්පැන් බිමෙන් ඉක්මනින් ලෙඩදුක්

උදෑසන අවදි වූ විගස මත්පැන් පානය කල විට ඉකමනින් රුධිරය අවශෝෂණය වී රුධිර පීඩනය අවම වන අතර මෙය පුද්ගලයා ඉකමනින් මත්කිරීමට හේතු වේ. ඇබ්බැහි වුව හොත් එම පුද්ගලයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් විනාශ වේ.

වේදනානාශක ඖෂධ බිවුවොත් ආමාශයේ ගැටළු

වේදනානාශක හෝ ඖෂධ වර්ග හිස් බඩ ගැනීම කිසිවිටෙකත් හිතකර නොවන අතර එමගින් ආමාශයික රුධිර වහනය හෝ වෙනත් ගැටළු ඇතිවිය හැකිය.

 

පැඟිරි පළතුරු රුධිරයේ PH අගය ඉහළ දමයි

දොඩම්, දෙහි වැනි පළතුරු සිරුරට ගුණදායක වුවත් උදෑසන හිස්බඩ කිසිවිටෙකත් නොගත යුතුයි. මෙය රුධිරයේ PH අගය ආම්ලික බවට පත් කරමින් සෞඛ්‍ය ගැටලු ඇති කරයි.

ව්‍යායාම කළොත් මේදය ඉහළ යනවා

ව්‍යායාම අපගේ සිරුරට අත්‍යවශ්‍ය වුවත් උදැසන හිස් බඩ සිදු කිරීම කොහෙත්ම සුදුසු නොවන අතර ව්‍යායාම කිරීමේදී වැයවන ග්ලයිකොජන් අවශ්‍ය තරම් ප්‍රමාණයක් උදෑසන අප සිරුරේ අඩංගු නොවන නිසා මාංශ පේශිවල ශක්තිය වැය වී මේද තැන්පතු ඉහළ යෑමට හේතු වේ.

 

බඩගින්නේ කඩේ යන්න එපා

හිස් බඩ වැඩ කිරීමට යෑමෙන් ඔබට එදිනෙදා කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය හා පෝෂක නොලැබී යෑමට හේතු වේ. එම නිසා උදෑසන ආහාරය ගැනීමෙන් පසු වැඩ කටයුතු අරඹන්න. එමෙන්ම, උදෑසන ආහාර නොගෙන වෙළඳපොළට ගියහොත් කැලරි අධික ආහාර මිල දී ගැනීමට පෙළඹෙන බව විද්වත්හු පවසති. එපමණක් නොව බඩගිනි අධික කිසිදු වෙලාවක ආහාර තේරීම සඳහා වෙළඳපොළට නොයා යුතු බවද ඔවුහු අවධාරණය කරති.

 

අන්තර්ජාලය ඇසුරෙන්

Popular Articles