Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

සුන්දර බිරිඳක් වෙන්න නම්

සුන්දරත්වය කියන්නේ අපි හදාගන්න ඕනි දෙයක්. ඒ වගේම කැපවීමෙන් පවත්වාගෙන යන්න ඕනි දෙයක්. සුන්දර වෙනවා කියන්නේ බොළඳ වීම් හෝ අසරණ වීම නොවේ.

මගේ ජීවිතය ගැන මම හරිම කැමැත්තෙන් ඉන්නවා. මම මටත් මගේ පවුලටත් හරිම ආදරෙයි. මම හරිම කැමතියි මම කරන කියන දේවල් වලට ඒ හැමදෙකිනම මට වටිනාකමක් එකතුවන බව මට විශ්වාසයි.

මට ඕනේ මගේ සැමියා සමග හැමදාම සතුටින් ඉන්න. මම ඔහුව විවාහ කර ගත්ත දවසේ මගේ හිතේ ඔහු ගැන ආදරය උතුරලා ගිහිල්ලයි තිබුනේ. මගේ ප්‍රාර්ථනය උනේ ඔහුගේ ආදරය සහ සහයෝගය රැකගෙන ඔහු සමග අවබෝධයෙන් ජීවත් වෙන්නයි. එකනේ ඔහු මහේ සහකරු වෙන්නේ.

සහයෝගය ලබාගන්න පුළුවන් ආදරයෙන් සහ අවබෝධයෙන් කියල මම හොඳටම දන්නවා. එයට මගේ වටිනාකම දැනෙන තරමට තමයි එයා මට සහයෝගය දෙන්නේ.

මමත් එහෙම තමයි. ඒ නිසාම මම හැමවිටම ඔහුගේ වටිනාකම හඳුනාගන්න උත්සහ ගන්නවා. ඒ වගේම මගේ වටිනාකම වැඩිකරන දේවල් දිනපතාම එකතු කරගන්න උත්සහ ගන්නවා. ඔහු වෙනුවෙන් මම ප්‍රසන්නව සිටින්නත් උත්සහ කරනවා. මම වෙනුවෙන් ඔහු ප්‍රසන්නව සිටිනවා නම් එය මට කෙතරම් වටිනවාද කියලත් මම ඔහුට නිතරම ප්‍රකාශ කරනවා.අනවශ්‍ය තරහ, නුරුස්සන ගති, අපිරිසිදුකම වගේ දේවල් වලින් උනත් අපි අතර තියන සමීප බැඳීම ඇත් කරන්න පුළුවන් බව මම ඔහු සමඟ නිතර කතා කරනවා.

විවාහ ජීවිතය කියන්නේ එකිනෙකාගේ සහයෝගය තුළින්ම ඉදිරියට ගෙනියන්න පුළුවන් දෙයක්. එක් අයෙක් විතරක් පිඩනයට, මහන්සියට පත් වුනොත්, එක් අයෙක් විතරක් බලය පාවිච්චි කරලා තමාගේ උවමනාව පමණක් ඉටු කර ගත්තොත් එකිනෙකා එපා වෙන්න ඒකම ඇති. මේ ගැනත් අපි අවබෝධයෙන් ඉන්න ඕනි කියන එක මම සැමියා සමඟ සුහදව කතා කරනවා.

මොන තරම් වැඩ තිබුනත් මම ඔහු වෙනුවෙන් දවසේ කාලයක් වෙන්කර ගන්නවාමයි. ඒ වගේම මම ඔහුටත් නිතරම කියනවා මං වෙනුවෙන් එයාගේ කාලය වෙන් කරන්න කියලා. එක මට කෝතරම් වටිනවාද කියලත් මම කියනවා. ඒ නිසාම මගේ ආදරයත් ඔහු ගැන වැඩිවන බවත් මම ඔහුට හැගෙන්න ඉඩ හරිනවා.

අපි දෙන්නටම දරුවන්ගේ කටයුතු ගැන වගකීම් තියනවා. හැබැයි එහෙම කියලා අපි දෙන්නට අපි දෙන්නා අමතක වෙන්න ඉඩ හරින්නේ නැහැ. අපි දෙන්නගේ ආදරය මත තමයි පරිසරයක් ගොඩ නැගෙන්නේ.

දරුවෝ ලැබුණට පස්සේ ඔහුට ඇති ආදරේ මම පොඩ්ඩක්වත් අඩු වෙන්න ඉඩ තිබ්බේ නෑ . එයාටත් මම ඒක නිතරම මතක් කරනවා. අපි එකිනෙකාට බත් කටක් කවාගන්න, අත් අල්ලාගෙන පොඩ්ඩක් ළඟට වෙලා ඉන්න අමතක කරන්නේ නෑ. ඒක දැකල දරුවොත් හරිම සතුටු වෙනවා.

මම හැමවිටම මගේ සැමියාට කියනවා එය ගෙදර හැම වැඩ කටයුත්තකටම මට සහය දෙන එක මට කොච්චර වටිනවද කියලා. විශේෂයෙන් මට අසනීපයක් අමාරුවක් තියෙන වෙලාවට මට ඔහුගේ ආදරේ වැඩියෙන් අවශ්‍යය බවත් ඔහුට කියනවා.

අපි දෙන්නගේම නිරෝගී බව අපේ සම්බන්ධතාවයට වගේම අපේ පවුලටත් හරිම වැදගත්. අපි දෙන්නගේ අපහසුතාවයන්, රෝගී තත්වයන් අපිට වඩාත්ම කියාගන්න පුළුවන් අපි දෙන්නටමයි. ඒවා වඩාත් හොඳින් තේරුම් ගන්නත් පුළුවන් අපිට විතරමයි කියල මම නිතරම සැමියාට කියනවා. මගේ අසනීප මම හංගාගෙන ඉන්න එකෙන් අපිටමයි කරදර. මම මගේ සැමියාට හැම විටම කියන්නේ මම අසනීප වෙලාවට ඔහු මගේ ළඟ ඉන්නවා නම් එඅ මට හරිම සතුටක්, සුවයක් ගෙන දෙනවා කියලා.

මම මගේ සැමියා සමඟ කළ හැකි සියළු වැඩ කටයුතු ඔහු සමඟ සතුටෙන් කරන්නයි උත්සහ කරන්නේ. ඔහුත් එක්ක වත්ත පිටියේ වැඩ එකට කරන්න, ළිඳට, ගඟට ගිහින් දෙන්නම එකතු වෙලා රෙදි ටික හෝදගෙන, නාගෙන එන්න, පත්තරේ බලන්න අවශ්‍ය පරිසරය මම ඔහුත් එක්ක කතා කරලා හදා ගන්නවා. එකෙන් අපේ සම්බන්ධය ශක්තිමත් වෙනවා වගේම අපිට මහන්සිය අතරේ සැහැල්ලුවකුත් ලැබෙනවා.

සැමියා සමඟ සමහර විට දරුවනුත් එකතු කරගෙන එකට ගමන් බිමන් යන්නත් මම සැමියා සමඟ කතා බහ කරගෙන අවස්ථාව සලසා ගන්නවා. මගේත් සැමියාගේත් සතුට වෙනුවෙන් ඒ වගේ එකතු වෙලා කරන කියන දේවල් වල ඇති වටිනාකම මම ඔහුට නිතරම ආදරෙන් අවබෝධ කර දෙනවා.

සමහර වෙලාවට සමහර දේවල්වලට මට තරහ ගියත්, කේන්ති ආවත් ඒ වෙලාවට මම නිහඬව සිටින්න උත්සහ කරනවා. තරහෙන් කියන වැරදි දේවල් අපිට ආපස්සට ගන්න බෑ. ආපසු හරවගන්න බැරි දේවල් නොකිය ඉන්නත් පවුල් ජීවිතේදී අපි පුරුදු වෙන්න ඕනි. නැත්නම් අනවශ්‍ය හිත රිදීම් අපිව එකිනෙකාගෙන් ඇත් කරනවා. ඔහුට තරහ ගිය වෙලාවටත් මම නිහඬව ඉන්නවා.මම එයාටත් නිතරම කියනවා පස්සට පසුතැවෙන ආදරේ බිඳෙන දේවල් තරහ ගිය වෙලාවට නොකිය ඉන්න උත්සහ කරන්න කියලා. එහෙම නැත්නම් එකෙන් එයාම පිඩාවට පත්වෙන බවත් මම උත්සහ කරනවා.

එක ගෙදරක ජිවත් වෙලා නාඳුනන පුද්ගලයෝ වගේ ජිවත් වන එක ඔහුටත් මටත් පාඩුවක් වෙන්නේ කොහොමද කියල මම ඔහු සමඟ සාකච්ජා කරනවා. එකට ඉන්න පුළුවන් කාලය ගෙවිලා ගියාට පස්සේ ආයෙත් ලබාගන්න අමාරුයි. ඒ නිසාම ගෙවන හැම මොහොතක්ම සමීපව සිටින්නත්, සහයෝගයෙන් සිටින්නත් මම සැමියා සමඟ වගබලා ගන්නවා.

ඒ වගේම සැමියාගේ යම් පීඩාකාරී පුරුද්දක් ථියෙනාඅ නම් මම එය අධෛර්යමත් වන දේවල් තමයි නිතරම කරන්නේ. මහන්සියට, සතුටට, දුකට නැත්නම් ප්‍රශ්න නිසා මද්‍යසාර දුම්වැටි භාවිතයට යන එක ඔහුට කොතරම් පාඩුද කියලා මම කතා කරනවා. ඒවාට සහය දෙන දේවල් මම කරන්නේ නෑ. එක කටුක නීරස අත්දැකීමක් පමණක් බව මම ඔහුට තේරුම් කරන්න නිතරම උත්සහ ගන්නවා.

 

අදහස

Popular Articles