Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ඇත්ත කියන්න තරම් හයියක් තිබ්බේ නෑ. එත් මම ගත්ත තිරනේ වැරදිත් නෑ

සත්‍ය සිදුවිමක් පදනම් කරගෙන ගොතන ලද්දකි…..

“කැපකිරිම”

“නොසිතු මොහොතක ක්ලාන්තය දලා ගෙදරදි ඇදගෙන වැටුන මම ගෙදරින් රොහල් ගත කරපු මාව දවස් දෙකකින් ටිකට් කැපුවත්….ගෙදර මිනිස්සු හැසිරුනේ මළගෙයක් වූන ගෙයක් වගේ හරි ප්‍රෙහෙලිකවක් මට…අම්මගේ නංගිගේ එදා තිබ්බ සිරියාව හිනාව නැති වෙලා ගිහින් ඇයි කියලා අහපු වාර අනන්තයි අප්‍රමානයි….. අහන අහන වාරයක් පසා ලැබෙන එකම පිලිතුර “තාත්තාගේ අඩුව දැනෙනවා පුතේ..” ඔන්න ඔච්චරයි..

මගේ තාත්තා පිලිකාවක් හැදිලා අපි අතරින් සමුඅරන් මේ වෙද්දි අවුරුදු දෙකාහමක් වගේ…එත් මම ඒ තාත්තගේ අඩුව දැනෙන්න දුන්නේ නෑ මගේ අම්මටවත් නංගිටවත්….මට තියන දුක ඇයි මේ එක පාරට ඒ. අඩුව දැනුනේ කියලා….

හිතට ලොකු දුකක් අවුලක් තනිකමක් දැනුන වෙලාවට මම කතාකරන්නේ මගේ ලගින්ම ඉන්න මගේ යාළුවට අන්වර්ථ නාමයෙන් වූ “අමුවා”

“”අමුවා…කොහෙද ඉන්නේ මට උබව හම්බෙන්න ඔනේ මම පැය බාගෙන් කච්චෙරිය ලග උබට එන්න පුලුවන්ද….?””

“අහා….මම “ඇසට්ලයින්”(pool club) එකේ ඉන්නේ වරෙන් මෙතනට” කියලා පොන් එක තිබ්බා…

“අපේ ගෙදර මිනිස්සුන්ව ලගින්ම ඇසුරු කරන්නේ මගේ යලුවන්ගෙන් අමුවා තමා…මම මගේ ප්‍ර්ශ්න උත් එක්ක කිවහම වු අම්මත් එක්ක ප්‍ර්ශ්න් කියල හෙන බැලන්ස් එකක් ගහනවා…..මගේ ප්‍ර්ශ්ණ වලට බැලන්ස් ගහලා ගෙම ගහන්නේ වූ තමා”

කච්චෙරිය ඉස්සරහා “මචං” එකට ගිහින් සෙට් වුන අපි දෙන්නා මගෙ අවුල් ඔක්කොම කියනවා මට මතකයි මම අමුවලගෙ ගෙදර උදේ ඇහැරෙනව විතරයි මට මතක….කිරි එකක් ගෙනත් දිලා වරෙන් සාලෙට කියලා…අම්මට කොල් එකක් දිපන් අපෙ දිහා ඉන්නේ මම බැලන්ස් කරලා තියෙන්නේ තව ටිකකින් එනව කියල කියපන් කියල අමුවා කඩෙට ගියා…”

අම්මේ මම අමුලගේ ගෙදර ඉන්නේ මම එනවා ටිකකින්…” ඇයි පුතේ මට කියලා ගියෙ නැත්තේ පිරිත් ගෙදරක යනවා කියලා අමු පුතාත් එක්ක මම ඔයට යන්න නොදි ඉන්නේ නෑනේ කියලා ගත් කටටම කිව අම්මා….මට කට උත්තර නැති උනා ” හරි හරි අම්මේ දැන් එනවා අමතක උනා මට අම්මේ”

අමුවා අවා… “සුරා” මට උඹත් එක්ක වැදගත් කතාවක් තියනවා කතාකරන්න වරෙන් යන්න ගඟ ගාවට…

කියපු විදිහට මට තෙරුනා බර අවුලක් වගේ තමා කියලා

“ඉදගනින් ඔය ගල උඩින්”

කියපන් අමුවා මොකක්ද ප්‍රශ්නේ….

“”අර බලපන් අද ගඟ දිහා..සද්දයක්වත් නෑ ගඟ නැවතිලා වගේ ගලාගෙන යන්නේ නෑ..වෙනදට සද්දෙට ගලාගෙන ගල් වල හැප්පී හැප්පි පෙන බුබුලු දදා ගලද්දි හරි ලස්සනයි නෙද බං….එත් අද කිසි ලස්සනක් නෑ නෙද බං…”

මොකද යකෝ ගංජා ගහලද ඉන්නේ මොකක්ද උබ මේ කියන්න හදන්නේ…

මැදින් පනින්න එපා කියන දේ අහන් ඉදපන් කට වහන්…

හරි කියපන් අමුවා මං අහන් ඉන්නේ..

ගඟක් උනත් මචං හැමදාම එකම විදිහට ගලන්නේ නෑ මචං අන්න ඒ වගේ තමා මචං අපේ ජිවිතෙත් අපිත් හැමදාම එකම විදිහට ගලාගෙන යන්නේ නෑ…. වැස්ස නැති වෙලා නියන් කාලයක් එද්දී දැං මේ නිහඩව ගලන ගඟ වතුර නැත්තටම නැති වෙලා රොන් මඩත් පැදෙනවා ඒ රොන් මඩත් වෙලිලා ගිහින් පස් වෙලා ඉරි තලලා යනවා මචං.. අනේ දැන් ඔය උඩ පැන පැන ඉන්න මලුවොත් ඔක්කොම මැරිලා යනවා මචං…..ගහකොලද සතා සිවුපාවන්ටද ඇල දොලටම වගේම මෙ මිනිස් ජිවිත වලටද තියෙන්නේ එකම ඉරනම මචං අපි හැමොටම මේ හැම දෙටම දවසක් එනවා අත ඇරලා යන්න….

මට උඹන් අහන්න ප්‍රශ්ණ 4ක් තියනවා හරි උත්තර දිපන් මට….

01.පලවෙනි ප්‍රශ්ණේ මචං…දැන් මට කියපන් උබෙ සුදු අම්මීට උබව නැති උනොත් මොනවා වෙයිද?

02.උඹ එකිට ඇත්තටම ආදරෙයිද?

03.උඹ තෙරෙන්නේ නෑ අමුවා උබ මේ මොකාටද එන්න හදන්නේ කියලා ඔන දෙයක් අවුලක් නෑ මචෝ උබේ පලවෙනි ප්‍රශ්ණෙට මම මෙහෙම උත්තර දෙන්නම්…

ඒ කෙල්ල පිස්සියක් වෙයි…අනිවාරෙන් ජීවිතේ නැති කරගනි මචං…මොනවගෙන් මොනවා වෙයිද දන්නේ නෑ

දෙවනි ප්‍රශ්ණෙට උත්තරේ මචං මම මේ ලොකේ වැඩියෙන්ම ආදරේ කරන්නේ මගේ අම්මාට ඒ හා සමන ආදරයක් තියෙන්නේ මම එයාට මගේ හුස්මත් හරි එයාත් හරි මචං…

තුනට උත්තරේ මගේ ජිවිතේ ඔනම ආවදානමක් ගන්නවා මචං අනිවාර්යයෙන්ම අම්මව වත් නංගිවවත් අතාරින්න වෙනවා වගේ අවදානමක් නම් මම ඒ අවදානම ගන්නේ නෑ…

එලකිරි….මම කෙලින්ම දැන් කතාවට බහින්නම්…

උඹලගේ අම්මයි නංගිගෙයි වෙනසක් දැක්කා කියලා උඹ අඩ අඩ මගෙ අතින් ඉයේ රෑ කිවනේ….උඹ එකට හෙතුව දන්නවද….

මචං…..අපි ඉපදෙද්දී අපේ ඉරනම ලියවෙලා ඉවරයි..අපි හැමොම කවදා හරි දවසක මේ හැම දෙම අතඇරලා යන්න වෙනවා…හැමොටම ටිකට් එක මාරයා දෙනවා දුන්නහම යන්නම ඔනේ මචං… උඹේ ටිකට් එක බුකින් වෙලා මච…උඹට ලියුකේමියා(ලේ පිලිකාවක්) තිය්නවා මචං උඹලගේ අම්මයි නංගි දැනගෙන තියෙන්නේ එදා හොස්පිටල් උඹව නවතපුවහම ඩොක්ටර් රිපොට් එක දෙද්දි අම්මට කියලා තියෙන්නේ… උඹ ජිවිතේ ගැරන්‍ටි එක අවුරුදකට ලියලා අම්මට දිලා තියෙන්නේ…. උඹේ අම්මට උඹට කියන්න තරම් හයියක් නෑ මචං අම්මා මට අඩ අඩ පැය ගානක් ඔක කියද්දී අම්මට වඩා මම ඇඩුවා..මචං

අමුවා මට හිතාගන්න බෑ බං උඹ මේ මොනවද කියන්නේ කියලා මම දැන් මොකද කරන්නේ බං වහාටිකක් බොන්න හිතෙනවා බං මට

යකෝ මොනවද උබ කියන්නේ මේ උඹේ අම්මව මම සනසලා තියෙන්නේ උඹ දැන් කරන්න ඔන උඹ මේ දේ නොදන්න බව අගවලා මේ හිටියා වගෙම දිගටම ඉදපන් මන් එක්කම ඉදපන් මම කියන්න කරන්න ඔනේ මොකක්ද කියලා…

වහා බොන්න මොනවද යකෝ කියන්නේ උඹ

නෑ නෑ බං කටට අවට කිවේ…අමුවා මට ඉස්සෙලම මගෙ කෙල්ලව අතාරින්න ඔනේ මචං එත් මේ දේ කියන්නේ නැතිව මට බෑ මචං එයාගේ ජිවිතේ විනාස කරන්න…මම එයාව හිමිට මග අරිනවා ම්චං මම කෙල්ලෙක් එක්ක යලුයි කියලා එයට දන්නනවා උබ ඒ දෙට උදවු කරපන් මට…කෙල්ලෙක් එක්ක පොටො ටිකක් ගහලා මගේ කෙල්ලට යවන්න ඔනේ මන් ගැන ජම්මාන්තර වයිරයක් ඇති කරන්න ඔනේ අමුවා මව එපාම වෙලා යන විදිහට..

උඹ ඔහොම කරලා මොකක්ද බලපොරොත්තු වෙන්නේ…

මම වැඩි කාලයක් තව ජිවත් වෙන්නේ නෑනේ බං මම මැරුන දාට හරි මගේ මේ ලෙඩේ එයා දැනගත්ත දාට දරා ගන්න බෑ මචං එයාට ඉට කලින් මම මාව එයාගේ හිතේ පිලිකුලක් වෙන්න ඔනේ….මම එහෙම කරන්නේ මම එයාට තියන අවංක ආදරේට බං කරන්න සැහෙන අමරුයි එත් කොහොම හරි කරනවා මම ඒ දේ….

හැබැයි මම මැරෙන්න මොහොතක් තියලා හරි හැම දෙයක්ම එයාට දැනගන්න ඉඩ සලස්වනවා මචං අමුවා…

මගේ ඇස් වලට කදුලු ආව බං උඹේ ඔය ආදරේ ගැන කියද්දී උබ නියම ආදරවන්තයෙක් මචං….උඹ මේ ආත්මේ පැරදුනා තමයී එත් මතු උපදින හැම ආත්මයකම උඹ දිනනවා සත්තයී මගේ එකා…..

මාස 7කට පසු…..

එහෙනම් මචං මට දැන් වෙලාව හරි වගේ තාත්තා ගාවට යන්න…..පරිසමෙන් හැමදාම සතුටින් ජිවත් වෙයන් මචං උඹ වගේ යලුවෙක් මට උපදින හැම ආත්මයකම ලැබෙන්න ඔනේ අමුවා….ආ මේ ලියුම මගේ සුදු අම්මීගේ අතටම දැන් ගිහින් දිපන් මචං අනිවාර්යයෙන්ම අතටම දිපන් මම දුන්නා කියන්න එපා කියවන්නේ නැතිව විසික්කරයී ඒ තරමටම මාව පෙන්න බෑ නේ දැන් එයාට අපි ගෙම ගැහුවා නියමෙට අමුවා මට දැන් නිදහසේ තාත්තා ලගට යන්න පුලුවන් බං…..””හයියෙන් හුස්ම ගත්තා එක පාරට එක ශනයෙන් හුස්ම සද්දේ නැතිවෙලා වූ ගියා සදහටම යන්නම මගේ ඇස් ඉස්සරහා…නිවන් සුව මගේ සහොදරයෝ උබට මතු උපදින ආත්මයක් ආත්මයක් පාසා උබට මේවැනි අකල් මරන නොම වෙවා…..

සුරාගේ හැගිම්බර ලියුම් කඩදහිය..

සුදු නොනා,

“”””ඔයා මගෙ ජීවිතේට ආවෙ අහම්බෙන්..කවදාවත් මන් හිතුවෙ නෑ අහම්බෙන් මගෙ ජීවිතේට ආපු ඔයා මගෙ හුස්ම වෙයි කියලා..ඔව් ..ඔයා මගෙ හුස්ම…ඒත් මට මගෙ හුස්ම අතෑරලා යන්න වෙලා..ඒත් කොහොමද…හිතා ගන්නත් බෑ..හුස්ම ගන්නෙ නැතුව කාටහරි ජීවත් වෙන්න පුලුවන්ද…? ඔයා මගේ ජිවිතේම කොටසක් වෙලා ඉවරයි…මට බෑ සුදු නොනා ඔයා නැතුව ජීවත් වෙන්න…

මතකද….බස් එකේදි….ඔයාගෙ සපත්තුව ගලවලා මගෙ නිරුවත් දෙපා උඩින් ඔය කකුල තිබ්බා.. බස් එකේ කාටවත් පේන්නෙ නෑ..කාටවත්ම..ඔයාගෙ කකුලෙ රස්නෙ මගෙ දෙපා වලින් ගලන ලේ බින්දු වලට ඇවිත් පපුවටම දැනුනා..

“සුදු අම්මි…මගෙ කකුල උඩින් ඔයාගෙ කකුල තියා ගන්න..ඔයාගෙ කකුල සිනිදුයි මැණික..මගෙ යටි පතුලට ඔයාගෙ කකුල සීරෙයි…”

අනේ…ඔයා මන් ගැන හිතපු තරමක්..

හැමතිස්සෙම පුන්චි දේටත් අඩන මන් වගේ නෙමෙයි රත්තරන් ..ඔයා අපෙ ආදරේ වෙනුවෙන් අඩද්දි මගෙ පපුව පැලෙන්න ආවා සුදු අම්මීයෝ ..

ඒ ඇස් වල තිබ්බ පුන්චි කදුලු බින්දු දෙක මගෙ ඇස් වලින් කදුලු ගංගාවක් හදන්න තරමට හේතු උනා..

මතකද නොනා මම ඔයාට විහිලුවට කිවා “ඔයා මට දෙන ආදරේ අඩු කරලා නොනා” කියලා

“කොහොමද රත්තරන් ඔයා කියන්නෙ මම ඔයාට ආදරේ නෑ කියලා..ඔයාට පව් පිරෙයි දෙයියනේ..මම ආදරේ කරන්න දන්න අන්තිම බින්දුවටත් ඔයාට ආදරේ කලා..දැනටත් කරනවා..ඉස්සරහටත් එහෙමයි..”

ඔයා මට ඔහොම කියද්දි මට එදා දැනුන සතුට මට කවදාවත් දැනුනේ නෑ සුදු අම්මී

අම්මෙක් පුන්චි කිරි දරුවෙක් ඉඹිනවා වගේ ඔයා මාව ඉඹිද්දි…අනේ ඒ උණුහුම ඇතුලෙ මම ගුලි උනේ පොඩි එකෙක් වගේ..

“අම්මී කිස් එකක්…”

මම එහෙම කියුවම ඔයා මන් දිහා බලන් හිටියෙ නොදරුවෙක් දිහා බලනවා වගේ..

“මමනම් ආසා තාත්තීව ඉඹින්න..කිස් කරන්න නෙමෙයි..”

මම හිනා උනා…ලදරුවෙක් වගේ හිනා උනා..

“ඒ දෙකේ වෙනස මොකක්ද …?”

මම අහද්දි ඔයා හිනා උනා.

“චූටි බබාලව වඩාගෙන තියනවද..?”

“ම්ම්”

“එයාලට කිස් එකක් දෙන්නෙ කොහොමද..?”

“ඒ කියුවෙ..?”

“අනේ මන්දා..ඔයාට කියන්න තේරෙන්නෙ නෑ සුදු තාත්තී…මුළු මූණම ඔය මූණට තද කරලා ඔයාගෙ සුවදත් එක්කම විදින එකට තමයි මම ඉඹිනවා කියන්නෙ..ලිප්ස් විතරක් පාවිච්චි කරලා කිස් කරනවා..”

ඔයා කියපු දේ හරියට නොතේරුනත් මම ඒ දෙකේ වෙනස වින්දා…ඒක හරිම පිවිතුරු හැගීමක්..තමන්ගෙ කෙල්ලව කොල්ලව කෙනෙක් තුරුල් කර ගන්නෙ හෝමෝන වලින් එහෙ මෙහෙ වෙන හැගීම් විද ගන්න විතරක් නෙමෙයි..ඒ හැම දේකම ආත්මීය බැදීමක් තියනවා කියලා මට කියලා දුන්නෙ ඔයා …

“සුදු අම්මි…අලුතෙන් ඩෙනිමක් ගත්තෙ නෑ නේද ගොඩක් කාලෙකින්…”

ඔයා අහන්නෙ මන් ගැන හැම දේම දන්නවා වගේ..අලුත් අලුත් ඇදුම් ගන්න මන් ලග සල්ලි ඉතුරු වෙන්නෙ නෑ කියලා ඔයා දන්නවා..ඒකයි ඔයා එහෙම අහන්නෙ..

“ම්ම්..කලින් ගත්ට එක තාම අලුත්..”

මම කියද්දි ඔයා හිනා වෙනවා.

“සුදු අම්මි…පොතට මම සල්ලි වගයක් දැම්මා..ඕනි හැම දේම ගන්න …අඩුපාඩුවක් තියනවනම් කියන්න..”

අනේ …ඔයා මන් ගැන එච්චර හිතන්නෙ කොහොමද..?

“අනේ සල්ලි එපා මහත්තයෝ ඔය ආදරේ ඇති…”

මම කියද්දි ඔයා මගෙ දිහා ආදරෙන් බලනවා.

“මම දන්නවා මගෙ සුදු අම්මි කිසිම දේකට සල්ලි නාස්ති කරන කෙල්ලෙක් නෙමෙයි කියලා…මම නොකර කවුද මේවා කරන්නෙ..”

අනේ …රත්තරන් ..ඔය ආදරේ..

“සුදු අම්මි ..ඔයා බෙහෙත් ටික බීලා නෑ…ඔයා මගෙන් ගුටි කනවා..”

පුන්චි දග වැඩක් කරලා ඔයාගෙන් බැනුම් අහන්න මම හරිම ආසයි.ඔය මූණ රතු කරන් බනිනකොට මට හපා කන්න හිතෙනවා..

“සුදු මහත්තයා ..අර ඔයාගෙ ලස්සන යාලුවෙක් ඉන්නෙ..අර අරයා..අර උස ලස්සන අයියා..”

“ඉතින්..?”

අම්මෝ ..ඔය මූණ ඉරිසියාවෙන් පිරෙද්දි මට ආදරේ හිතෙනවා මැරෙන්න.

“හරි..හරි…ඇති…”

ඔයා කියන්නෙ ඒ ඉරිසියාව දරා ගන්න බැරුව.මම හිනා වෙද්දි ඔයාට තව කේන්ති යනවා..

වෙන කෙල්ලො ඔයාගෙ ආදරේ ලග පිස්සු වැටෙද්දි මම විදවපු තරමක්…අඩපු තරමක්..ඒ කෙල්ලො එහෙම උනාට ඔයා ආදරේ මට විතරයි කියලා ඔයා ඔප්පු කලා..

අපි දෙන්නගෙ ජීවිතේ ලස්සන තැන් කොච්චක්ද..?ඒක මෙහෙම කියලා ඉවර කරන්න පුලුවන්ද..?ලේසියෙන්..

..මම හීන මැව්වෙ ඔයාගෙම වෙන්න..අපේ දරුවො හදන්න..ලස්සන බබෙක් හදලා ඔයත් එක්ක ලස්සන ජිවිතයක් ගත කරන්න..මතකද..අපේම ලෝකයක් ගැන හීන දැක්කා..

ඔයාගෙ රෙදි හෝදන්න..ඔයාට උයලා කවන්න..ඔයාගෙ පපුව උඩට වෙලා දොයියා ගන්න..මම යාලුවොත් එක්ක පාටි දාලා ආවම මාත් එක්ක රණ්ඩු වෙද්දි ඔයගෙන් බැනුම් අහන්න…..ඔයාගේ ජිවීතේ සුර ලොවක් කරන්න මම කොච්චර හීන මැවුවද???

එත් සුදු නොනා…

ලෝකෙටම ඕනි වෙලා මාව ඔයාගෙන් වෙන් කරන්න…මට ඔයාට ඇත්ත කියන්න තරම් හයියක් තිබ්බේ නෑ එත් මම ගත්ත තිරනේ වැරදිත් නෑ…මම තව පැය දෙක තුනකින් සදහටම යන්න යනවා නොනා මම ගෙනාපු ආයුෂ ඉවරයි බබා..මට සමාවෙන්න ඔයාට ලොකු බොරුවක් කියලා වෙන කෙල්ලෙක් ඉන්නවා කියලා ලොකු රගපැමක් කරලා ඔයාව රැවැට්ටුවට මම එහෙම කියලා ඔයගෙ හිතේ මන් ගැන වෛරයක් ඇති කලේ මම නැති දාට මගේ අඩුව දුක දාරගන්න පුලුවන් වෙන්න…ඔයගේ අම්මට මම හැම දෙම කියලා එදා මේ තිරනේ ගත්තේ නොනා මේ ලියුම කියෙවුවට පස්සේ අම්මගෙන් අහන්න අම්මා කියයි හැමදෙම…දැන් අම්මා ගෙදරින් හොයලා දුන්න මනමාලයත් එක්ක ලස්සන ජිවිතයක් ගතකරන්න මන් දුන්න ආදරේ එයා දෙයි සත්තයී මොකද?ඔයා වගේ අවංක කෙනෙක්ට ආදරේ කරනවා එයත් අවංකවම… මම ඔයාගේ ලගින්ම හැම තප්පරෙකම ඉන්නවා ඔයාට නොපෙනෙයි මම ඔයාව ජිවිත කාලෙම රකිනවා හොල්මක් වෙලා හරි ඔයාට වරදින්න දෙන්නේ නෑ….

එදා ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු ඔයාගේ සුදු තාත්තේ ඒ ආදරේ එදා වගෙම මේ මොහොතේත් පවා ඒ ආදරේ එහෙමමයී …හැම දෙම කලේ ඔයාගේ අනාගතය ගැන හිතලා ඔයා මාත් එක්ක මවපු සුන්දර ලොකේ මට ඔයාට දෙන්න බැරි නිසා තව කෙනෙක් එක්ක හරී ඒ සුන්දර ලොකේ ඔයාට විදින්න දෙන්න ඔනා නිසා මම ඔයාගේන් එදා ඒ විදිහට වෙන් උනේ නොනා…මතු උපදින හැම ආත්මයකම ඔයා මගේම වෙන්න ඔනේ ජිවිත කාලේම එකට ජිවත් වෙන්න ලැබෙන්න ඔනේ ඒ අවිහින්සක බලාපොරොත්තුව පොදි බැදැන් මම නවතිනවා අම්මීයෝ…..

මීට ඔයාගේ ආදරනිය :- තාත්තී””””

සුරාගේ අවසන් ඉල්ලිම ඉශ්ඨ කර සුරාගේ මෘත දෙහය මෘතශරීරාගරයට ගෙන යන අයුරු විලාප නඟමින් බලා හිද මම් නවතිමී…. නිවන්සුව සහෝ උබට….

කතෘ:- Asanka Mudunkotuwa. අමුවා

Popular Articles