Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

දන්නා ආහාරවල නොදන්නා ගුණ

ලප සහිත කෙසෙල්
කෙසෙල් ගෙඩි තරමක් ඉදුණු විට , කෙසෙල් ගෙඩි මත ලප තිබෙනවා ඔබ දැක තිබෙනවා නේද? මෙම ලප වල ඇති TNF නමැති පිළිකා පටල දිය කිරීමේ ගුණය ඇති සාධකය නිසා , ඔබ එවැනි පුල්ලි සහිත කෙසෙල් ගෙඩි වැඩිපුර ආහාරයට ගන්නේ නම් ඔබට පිළිකා වැළදීමේ අවදානම ඉතා අවම වේ.

බිට් කොළ

අපි ගොඩක් වෙලාවට කන්නේ බිට් අල විතරයි. සමහර වෙලාවට කොළ තිබ්බත් ඒවා ඉවත් කරනවා. එත් බිට් කොළ වල කෙඳි, කැල්සියම්,යකඩ හා විටමින් වර්ග අන්තර්ගත වෙනවා. එක නිසා බිට් පිසින විට කොළ ටික ඉවත නොදා වැන්ජනයට එකතු කර ගත්තොත් ගොඩක් හොඳයි.

පැණි කොමඩු
පැණි කොමඩු වල අපි හැමවිටම ආහාරයට ගන්නේ රතු මාංශල කොටස විතරයි. පොත්තක් එක්ක ඉවත් කරන සුදු පාට කොටස අපි ආහාරයට ගන්නේ නැති තරම්. එත් ඔබ දන්නවද මේ සුදු පාට කොටසේ L -citrulline කියන අමයිනො අම්ලය අන්තර්ගතයි කියලා. මෙයින් ශරීරයෙ ක්‍රියාශීලි භාවය වැඩි වෙන අතර , මාංශ පේශිවල වේදනාව දුරු කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි රුධිරයේ නයිට්‍රිජන් ඉවත් කිරීමේ හැකියාවත් කොමඩු පොත්තට තිබෙනවා. මිට පස්සේ කොමඩු කන විට පොත්ත ඉවත් කරලා සුදු පාට කොටසත් එක්ක ආහාරයට ගන්න.

Popular Articles