ජිවිත සටන දිනු රණශුරිය සාරා අබ්බාස්

Categories

Share

 

කුඩා කාලයේ බොහො ළමුන් පාසැල් බෑගය උරහිසේ දවටාගෙන පාසැල් යද්දි, දුව පැන සෙල්ලම් කරද්දි Zahara Abbas ට සිදු වුනේ සිය ජිවිතයේ අභියෝගය වලට උත්තර සොයන්නයි. Zahara උපතින්ම අත් සහ පාදවල විකෘතිතාවයක් සහිතව උපත ලැබීය. නමුත් Zahara සිය ජිවිතය පිළිබඳවත් අහිමිවිම් පිළිබඳවත් කණගාටුවට පත් නොවෙයි.ඇය ඒ පිළිබඳව කතා කරන විට ඇය පවසන්නෙ අල්ලාහ් තමා වැනි අයට තමන්ගේ අහිමිවිම් සමග ශක්තිමත්ව ගනුදෙනු කිරිමට අවශ්‍යය ශක්තිය ලබාදෙන බවය. නමුත් ඇය දුක්වන්නෙ ඇයගේ දෙමාපියන් ගැනය.ඔහුන් සැබැ අරගල කරුවන් බව ඇය පවසයි.

” මම කොටින්ම දන්නෙ නැහැ ඇවිදින කොට මොන වගේ හැගිමක් ඇතිවෙනවාද කියලා.නමුත් මට ඇවිදින්න නොහැකි විම පිළිබඳව මගෙ දෙමාපියන්ට දුකක් දැනෙන්න ඇති. නමුත් ඔහුන් මාව සාමාන්‍ය ළමයින් අතරට ගෙනයාමට උත්සාහ කලා සහ මාව ආදරෙන් හදවඩා ගත්තා. විශේෂයෙන් සමාජයෙන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරිම් වෙනකොට වගෙම අඩු පහසුකම් යටතේ ගැහැණු ලමයෙක් විදියට ඔහුන් මාව සමාජයෙන් ආරක්ශා කරගනිමින් හදා ගත්තා.” Zahara පවසයි

සිය දුශ්කර වු ජිවන ගමන පිළිබඳව සිහි කරමින් ඇය පැවසුවේ සියලුම අභියෝගය වලට ඇය ශක්තිමත්ව, රණශුරියක් සේ මුහුණ දුන් බවත් එසේම ඇය උපන් දා සිට මේ සටන ඇරඹුණු බවත් ඇය පාසැලකට ඇතුලත් කල යුතු කාල සිමාවේ සිට ඇය මුහුණ දුන් අභියෝගය ඇයට පැහැදිලි මතක බවය.එසේම එම මතක අමතක කිරිම ද අපහසු බවය.

” මට පාසැලකට ඇතුලත්විමෙ වයස සම්පූර්ණ වුණත් මාව කිසිම පාසැලකින් ගත්තේ නැහැ.මොකද ඔහුන් බය වුණා මට විශේෂ ලෙස සලකන්න වෙවි කියලා.ඒ කාලය ඉතා අමාරු කාලයක්.වේදනාවන් පිරුණු කාලයක්.කොහොම වුණත් ප්‍රතික්ෂේප විම් දිගටම වුණත් අවසානයේ මාව එක පාසැලකින් ඇතුලත් කරගත්තා.ඒ ලාහෝර් හි ලයිසියම් පාසැලයි. මම අකුරු ලියන්න පටන් ගත්තේ මගෙ වැලමිට ආධාරයෙන්. නමුත් මට ඔහුන් විශේෂ සැලකිල්ලක් ලබා දුන්නෙ නැහැ.ඒ නිසා මම වැලමිට ආධාරයෙන් සියලුම විභාග, පැවරුම් ලියලා, අනිත් අය වගේම නියමිත කාල සිමාවේ භාර දෙන්න සිද්ධ වුණා.” ඇය පැවසුවාය.

2008 Zahara මෙට්‍රික් ( Matriculation ) විභාගය සම්පුර්ණ කරමින් වැඩි දුර උසස් අධ්‍යාපනය උදෙසා ලාහෝර් හි Kinnard College ට ඇතුලත් විය. එහිදි වසර දෙකක කාලයක් තුල ඇයට මුහුණ දෙන්න සිද්ධ වුණ ලොකුම අභියෝගය වුයේ තට්ටු තුනක් උස ගොඩනැගිල්ල වෙත යාමට සිදුවිමයි.එම සිදුවිම ඇයට එකල විශාල අභියෝගයක් විය.

” අපෙ සමාජයේ ඇති ලොකුම ගැටළුවක් තමයි හැම කෙනෙක්ටම අධ්‍යාපනය ලැබිමේ අයිතියක් ඇති බව අපි නොදැන සිටිමයි. අනිත් කරුණ නම්, සමාජය විසින්ම අබාධිත යැයි පවසන පුද්ගලයන්ගේ සිහින සැබෑ කරගන්න හෝ අඩුම ඔහුන්ට සාමාන්‍ය මිනිසුන්ට කල හැකි දේවල් කිරිමට හෝ අවස්ථාවක් අපි වගෙ ආබාධිත අයට සකසා නොතිබිමයි. ” Zahara පවසයි.

එම දුෂ්කර වසර දෙකට පසුව ඇය පංජාබ් විශ්ව විද්‍යාලයට ඇතුලත් ව්ස්න අතර එහිදි ඇය IBA දෙපාර්තමේන්තුව යටතේ සිය BBA ( Hons) සහ MBA උපාධිය නිම කරන ලදි. Zahara ගේ විශාලතම අභියෝගය වුයේ ගමන් බිමන් යාමේදි ඇති වන ගැටළුන් ය.විදුලි රෝද පුටුවක් ඇයට තිබුණද ප්‍රවාහන සේවය ආබාධිත අය කෙරෙහි නිසි සැලසුම් ගත වැඩ පිළිවෙළක් නොතිබුණ නිසා Zahara ට සිය දෛනික ගමන් වලදි නිතරම පාහේ පීඩා විදින්නට සිදු විය.ඇය ඒ පිළිබඳව මෙසේ පැවසුවා ය.

“” අපි වගේ අයට යම් ප්‍රවාහන පහසුකමක් හිමි විය යුතුයි.එදිනෙදා පොඩි ගමනක් යන්න වුණත් මට සිද්ධ වෙනවා ගෙදර අයට කතා කරලා ඇවිටිලි කරන්න මාව එක්ක කරගෙන යන්න කියලා. රජය අලුතින් ක්‍රියාත්මක කරන මෙට්‍රෝ බස් ( Metro Bus ) සේවයේදීවත් අඩුම ආබාධිත අයෙකුට බස් රථයට රෝද පුටුවක් සමග ඇතුල් විම හා පිටවිමට අවශ්‍යය පහසුකම් පිළිබඳව මුලික අවධානය යොමු නොකිරිම පිළිබඳව මම කණගාටුවට පත් වෙනවා.එවගේම අනිත් හැම දවසකම වගේ සමාජ ජාල අපි නරඹන්නෙ විනෝදාත්මක අරමුණින් වීරයන් වෙන්න හදන අමුතුම ආකාරයේ පුද්ගලයන්ගේ විකාර විඩියෝ.නමුත් ඊට වඩා ජිවිතයත් එක්ක අරගලයේ යෙදන මිනිසුන් කෙරෙහි අපේ අවධානය ඇත්තටම ලැබිය යුතුයි.එහෙම වුණා නම් ගොඩාක් දේවල් වෙනස් වෙවි.”

Zahara මෙවැනි වාතාවරණයක් තුල අධ්‍යාපනය ලැබුවද ඇයගේ අරගලය අධ්‍යාපනය නිම විමත් සමග අවසන් නොවිය. ඇය ජිවිතයේ තවත් පියවරක් ඉදිරියට තැබිම පිළිබඳව සිතමින් රැකියාවක් සොයා ගැනිමට තීරණය කරන විට ඇයට තවත් අභියෝගය රැසකට මුහුණ දිමට සිදු විය.

” විවිධාංගීකරණය ( Diversification) ගැන හැම ආයතනයක්ම කතා කරනවා. නමුත් එම ආයතනම රැකියා සදහා පවත්වන සම්මුඛ සාකච්ඡා වලදි අපි වගේ අයව ඔහුන්ගේ ප්‍රශ්ණ කිරිම් වලින්ම අවමානයට ලක් කරනවා.සම්මුඛ පරික්ෂකයන් අපි වගේ අයට මානසික ආබාධ තියෙන්නවා කියලා හිතාගෙන හැසිරෙන්නෙ. ඔහුන් වක්‍රව ඒ පිළිබඳව ඉගි කිරිම්,ප්‍රශ්ණ කිරිම් පවා කරනවා. ඉතින් මට නම් මේ ජිවිතය දිර්ඝ චාරිකාවක් වගේ.මොකද කොටින්ම මම මේ රටේ ජනාධිපති වුණත් ඒත් මට කරදර වෙන්න වෙනවා මම කොහොමද නැගිටින්නෙ,නිදාගන්නෙ, නාන කාමරයට යන්නෙ ,මම කොහොමද ලියන්නෙ,මම කොහොමද කාර් එකෙ වාඩි වෙන්නෙ කියලා.ඒ වගෙම මම තවමත් පඩි පෙලක් දැක්ක ගමන් බය වෙනවා. මම හිතන්න ගන්න්වා කොහොමද මම මේක හරහා යන්නෙ කියලා. මට මේක හරහා තවත් සැරයක් යන්න වෙන්නවා නේද කියලා”

Zahara සිය ජිවිතය පුරා පිරුණු අභියෝගය පිලිබදව එලෙස අදහස් දැක්විය.එසේම තමා වටා සිටින අයගෙ හැසිරිම් නිසාවෙන් පෞද්ගලිකව දුෂ්කරතාවයට ලක් වුණ අවස්ථාවක් ගැන ද ඇය මෙසේ සිහි කලා ය.

” මට තවමත් මතකයි , මම තුන වසරේ ඉන්නකොට පංතිභාර ගුරුතුමිය පංතියට ආවා. ළමයි හැමොම නැගිටිලා ආචාර කරා. නමුත් මට බැරි වුණා. මගෙ පංතියේ මිතුරෙක් මගේ දිහාට හැරිලා මගෙන් ඇහුවා “ඇයි ඔයා නැගිට්ටෙ නැත්තෙ ගුරුතුමියට ආචාර කරන්න කියලා ” මගෙන් ඇහුවා. මට ඒ ප්‍රශ්ණයට උත්තර තිබ්බෙ නෑ. මම ගෙදර ඇවිල්ලා ගොඩාක් ඇඩුවා.පස්සෙ මම මගෙ අම්මාට කිව්වා ආයේ කවදාවත් මාව පාසැල යවන්න එපා කියලා. නමුත් පස්සෙ දවසක මට තේරුම් ගියා අත් කකුල් තියෙන්න එයාලාට යන්න බැරි තැනකට මට යන්න පුලුවන් වෙවි කියලා ”

Zahara වර්තමානයේ පාකිස්තානයේ ප්‍රසිද්ධ දේශකවරියෙකි.ඇය තරුණ තරුණියන් දිරිමත් කිරිම සදහා ආයතනික මට්ටමින් දේශණ පවත්වයි. පාකිස්තානයේ සියලුම බාලිකා පාසැල් වල දේශණා පවත්වමින් , පාකිස්තානයේ කාන්තාවන් ධෛර්යමත් කිරිම ඇයගේ එක් අරමුණකි. ආබාධිත බව තුලින් අදහස් වෙන්නෙ නැහැ ඔබට කිසිම හැකියාවක් නැහැ කියන එක අභියෝග වලට රණ ශුරයන් මෙන් මුහුණ දෙමු.එයයි Zaraha Abbas ගේ පාඩම.

සටහන : Rio Sagaarox

Author

Share