අත් පා අහිමි වුවද අභියෝග ඉදිරියේ නොසැලුන ඇය සුලී සංගුයිනෝ

Categories

Share

අත් පා අහිමි වී, අන් අයගේ නිරන්තර හිරිහැර වලට ගොදුරු වි ජිවත්විම දුශ්කර ක්‍රියාවකි. Zuly Sanguino යනු මේ සියලුම අභියෝග වලට සාර්ථකව මුහුණ දුන් තරුණියෙකි.Zuly කොලොම්බියාවේ Bogota හිදි 1989 දෙසැම්බර්හිදී උපත ලද අතර ඇය උපතින්ම Tetra Amelia Syndrome නම් දුර්ලභ ජානගත රෝගි තත්වයට ලක්විය.මෙම රෝගි තත්වය නිසාවෙන් ගර්භාශ සමයේදි ඇයගේ ශරිරයේ අවයව නිසිලෙස වර්ධනය විම ඇණ හිටි අතර එම නිසාවෙන් ඇය උපත ලබන්න්තෙ අත් පා නොමැති ගැහැණු ලමයෙකු ලෙසය. ඇයගේ වයස අවුරුදු දෙක පමණ වන විට ඇයගේ පියා සියදිවි නසාගෙන ඇති අතර ඇයට සහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙකු සිටියි. නමුත් ඇයගේ ජානමය රෝග ඇයගේ සහෝදර සහොදරියන් හට උරුම නොවිය. සුලිගේ මව ඇය කුඩා කල සිටම ඇයට තනිව ඇයගේ එදිනෙදා කටයුතු සිදු කරගැනිම අවශ්‍ය ක්‍රියාකාරකම් ඉගැන්විය.සමහරක් ලමයින් පහසුවෙන් කරන සරල ක්‍රියා සුලි වෙනස් විදියකට කරන්න පුරුදු විය.තනිව දත් මැදිම, මුඛ්‍ය ආධාරයෙන් ඇදුම් පැලදිම සහ ද්‍රව්‍යයන් ග්‍රහණය කිරිම ආදි මුලික ක්‍රියාවන් එම නිසා ඇයට තනිව ටිකෙන් ටික එම ක්‍රියා කරන ආකාරය ගැන ඉගෙන ගන්නට හැකිවිය.

” මුලින්ම මිනිස්සු මාව වඩාගෙන එහා මෙහා ගියේ එහෙම නැතිනම් මම බිම පෙරලිලා එහා මෙහා වුණේ.පස්සෙ මම කෙලින් හිටගන්න හැටි පුරුදු වුණා නමුත් මම රාත්‍රියේ නින්දට ගියේ පසුදින උදෑසන මමත් අනිත් අය වගේ වෙවි කියන බලාපොරොත්තුවෙන්…නමුත් මම වයස අවුරුදු හයේදී, මම තේරුම් ගත්තා මම අනිත් අයට වඩා වෙනස් කියලා.ඒ වගෙම මට තේරුම් ගියා අනිත් අයට දුවන්න පුලුවන් නමුත් මට බැහැ කියලා.මම අම්මාගෙන් ඇහුවා ඇයි මම වෙනස් කෙනෙක් වුණේ ? කියලා.ඇය මට කිව්වා මම අනිත් අයට වඩා වෙනස් නැහැ.මමත් අනිත් අය වගේමයි.මගේ ආබාධිත බවට බැහැ මගේ දෛවය නතර කරන්න කියාලා” සුලි පවසයි

” මගේ ලමා කාලය සුන්දර එකක් වුණේ නැහැ.පාසැලෙදි ලමයින් මට නිරන්තරයෙන් හිරිහැර කරා.ඔහුන් මාව හැදින්වුයේ පිටසක්වළ ජිවියෙක් විදියටයි.ඒක ඇත්තටම මගේ හිත ගොඩක් රිද්දපු කරුණක්.ඔහුන් මගේ කෑම පවා උදුරගත්තා වගෙම මට නිතර පහර දිමුත් කරා.ඒක හරි භයානක මතකයක්.” ඇය පවසයි

සුලි නිරන්තරයෙන් පාසැලෙදි හිරිහැරවලට ලක්විම නිසාවෙන් ඇයට කිහිප වරක් පාසැල් මාරු කිරිමට සිද්ධ වුණා.නමුත් ඇයගේ මව සෑම විටම ඇය වෙනුවෙන් පෙනි හිටියා.ඇය සෑම විටම තම දියණියට සාමාන්‍ය ජිවිතයක් ගත කිරිමට උපකාර කල අතර ඇය නිතරම තම දියණියට පැවසුවේ, “ඔයාට කරන්න බැරි කිසිවක් නැහැ..ඔයාට හිතන හැම දෙයක්ම ඔයාට කරන්න පුලුවන්”.එලෙස සුලිගේ මව සිය දියණියව නිතරම ශක්තිමත් කිරිමට උත්සාහ කලාය.

නමුත් සුලිගේ ජිවිතය එන්න එන්න දුශ්කර වුණා. ඇය නිතරම තම ආබාධිත බව ගැන දුක් වෙන්න වුණා.මේ අතර වයස අවුරුදු 15 දි පමණ ඇය ලිංගික අපයෝජනය පවා ලක් විය.

“මාව පාසැලෙන් ඉවත්කරා.මට ඒ වෙනකොට කිසිම යාලුවෙක් හිටියේ නැහැ.මට එක නිසා මම ගැන තවදුරටත් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.නමුත් මගේ අම්මා නිතරම මාව ශක්තිමත් කරා.නමුත් මට ඒ කිසිදෙයක් තවදුරටත් දැනුණේ නැහැ. දවසක් මම තට්ටු හතරක ගොඩනැගිල්ලකට නැගලා බිමට පැනලා සිය දිවි හානි කරගන්න හිතුවා. නමුත් මගේ අම්මාට ස්තුතිවන්ත වෙන්න, මම බිමට පනින්න කලින් එයා එතනට ආවා.එයා ගොඩක් කලබල වුණා දේවල් නරක අතර යන එක ගැන.එයා මාව බදාගෙන හැමදේම හරියයි කියලා කිව්වා.ඒ වගෙම එයා කිව්වා මම කවදා හරි දවසක ජනප්‍රිය වෙලා, අනිත් මිනිසුන්ට පෙන්නලා දේවි කියලා කොහොමද ආබාධිත කෙනෙක් සාමාන්‍ය, ප්‍රිතිජනක ජිවිතයක් ගත කරන්නෙ කියල. පස්සෙ මම අවබෝධ කරගත්තා මගේ ආබාධිත තත්වයට බෑ මාව නතර කරන්න කියලා.ඒ වගෙම මට ජිවත්විමට තව බොහෝ හේතුන් තියෙන්නවා කියලා.”

සුලි දක්ෂ චිත්‍ර ශිල්පිනියක් මෙන්ම දක්ෂ කථිකයෙකි.ඇය වර්තමානයේ ව්‍යාපාරිකයන්,පාසැල් ලමුන් සහ සිරකරුවන් හට මානසික ශක්තිය වර්ධනය කරගමින් ජිවිතයේ අභියෝග ජය ගන්න ආකාරය කියාදෙන අභිප්‍රේරණාත්මක දේශණ පවත්වයි.

” මට මගේ පලවෙනි දේශණාව කරන්න තිබ්බෙ ලමයින් 400ක් ඉන්න පාසැලකට.ඒ පාසැලෙ ලමයින් සහ දෙමාවිපියන්,ගුරුවරුන් ඉස්සරහා මට කතාකරන්න තිබ්බේ පාසැල් වල සිදුවන හිරිහැර ගැන.මම ඇත්තටම කලබලා වෙලා හිටියේ.ඒ නිසා මම එක්ක මගේ අම්මාත් ආව.මම කතාව කරගෙන යද්දි කතාවේ භාගයක් කරන කොට මට ඇඩුණා.නමුත් හැමෝම අත්පුඩි ගහන්න පටන් ගත්තා.එක මට ශක්තියක් වුණා මගේ කතාව දිගටම කරගෙන යන්න.” සුලි සිය පලමු දේශණය ගැන මතකය අවදි කලේ එලෙසිනි.

” දවසක් පිරිමි ලමයෙක් තුවක්කුවකින් වෙඩි තබාගෙන සිය දිවිනසාගන්න සුදානම් වන මොහොතක ඔහුට මගේ දේශණයක් අහන්න ලැබිලා ඔහු ගත්ත තීරණය වෙනස් කරගෙන ඔහු හිතන්න ගත්තා සියදිවි නසාගන්නවාට වඩා සැබෑ නිර්භිතකම ජිවත්වෙන එක කියලා.පස්සෙ දවසක ඔහු මට ලියන්න පටන් ගත්තා දැන් ඔහු මගේ හොද මිතුරෙක්.ඒ වගෙ ගොඩක් මිනිස්සු අද මට ලියනවා.එයාලගේ ප්‍රශ්ණ ගැන කියනවා.එයාලට ඒ ප්‍රශ්ණ වලට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය දිරිමත් කිරිම මම කරනවා.මට අනිත් මිනිසුන්ට උදව් කරන්න ඉඩක් ලැබිම පිලිපදව නිරන්තරයෙන් මම සතුටු වෙනවා.”

” මට මගේ පලමු පෙම්වතා හම්බවුනේ මගේ වටස අවු : 19 දී.ඔහුට හැකියාවක් තිබුණා මගේ අබාධිත බව පිලිගන්න සහ තේරුම් ගන්න අපි අවුරුද්දක් පමණ එක හිටියා.අපි අතරේ හොද ලිංගික සම්බන්දයක් පවා තිබුණා.නමුත් මම ඒ සම්බන්ධතාවය නතර කරා.මොකද ඔහුට ඔහු ගැන අරමුණක් තිබුණේ නැති නිසා. පස්සෙ කාලෙක අවු : 23 දි මම තවත් පිරිමි ලමයෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තා.නමුත් ඒක සාර්ථක වුනේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා කවදා හරි කසාද බැදලා අම්මා කෙනෙක් බවට පත් වෙන්න.මගේ තත්වය මට අම්මා කෙනෙක් වෙන්න බාධාවක් නෙවෙයි කියලා මගේ වෛද්‍යවරයා පැවසුවා. ඉතින් මම දැන් මගේ ජිවිතය විනෝදාත්මක ගත කරනවා සහ අනිත් මිනිසුන්ව දිරිමත් කරමින් දේශණා පවත්වනවා.එකට තමයි මම මුලිකව දැන් අවධානය යොමු කරන්නෙ.අබාධිත තත්වයන් නිසාවෙන් ජිවිතයට නැවතිමේ තීත තියන්න ඔනි නැහැ කියන්න එක මම ඔප්පු කරලා පෙන්නුවා.මම ගොඩක් අදුරු කාලසීමාවක් තුල හිරවෙලා හිටියාත් අද මම හොද තැනක ඉන්නවා.”

පියාගේ සියදිවි නසාගැනිම, තමන්ගේ ආබාධිත බව සහ පාසැලේදී හිරිහැර ලක්විම, මානසික පිඩනය ආදි සියලුම අභියෝග සාර්ථකව ජයගනිමින් සුලී වර්තමානයේ දක්ශ චිත්‍ර ශිලිපිනියක් ලෙසත්, ජිවිතයේ අභියෝග ජයගැනිමට මිනිසුන් දිරිමත් කරන කථිකයෙකු ලෙස ක්‍රියා කරයි. ඇය අපට බොහෝ පාඩම් උගන්වන්වයි. ආබාධිත පුද්ගලයන් හට ගරු කිරිම, ආබාධිත බව යනු හැකියාවන් නොමැතිකම නොව ඔහුන්ද සාමාන්‍ය මිනිසුන් හා සමාන බව ඒ පාඩම් අතරින් කිහිපයකි.

සටහන : Rio Sagaarox

 

 

Author

Share