අපි හැමෝම කැමතියි විවිධ කෑම වර්ග වල රස බලන්න. අපි අද ඔයාලට කියල දෙනවා චිකන් මැන්චුරියන් එකක් සාදා ගන්නා ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

( 04 දෙනෙක් සඳහා )

  • කැට හැඩයට කැපූ කටු රහිත කුකුල් මස් 250g
  • සිහින්ව කැපු ළුණු මේස හැඳි 02ක්
  • සිහින්ව කැපු සැල්දිරි මේස හැඳි 01ක්
  • කියුබ් හැඩයට කැපූ බෙල් පේපර් 75g
  • සොයා සෝස් මේස හැඳි 02ක්
  • තක්කාලි සෝස් මේස හැඳි 04ක්
  • විනාකිරි මේස හැඳි 04ක්
  • සිනි තේ හැඳි 1ක්
  • ලුණු සහ ගම්මිරිස්
  • කොන් පිටි මේස හැඳි 02ක්
  • පාන් පිටි මේස හැඳි 04ක්
  • සිහින්ව කැපූ සුදු ළුණු මේස හැඳි 02ක්
  • තල තෙල් තේ හැඳි 01ක්
  • ස්ටොක් වතුර කෝප්ප 02ක්
  • බැදීමට සහ saute කිරීමට තෙල්

 

සාදන ක්‍රමය

කැපු කුකුල් මස් සමඟ ලුණු, ගම්මිරිස් සහ පාන්පිටි මිශ්‍ර කර ගැඹුරු තෙලේ බැදගන්න. පසුව වෙනම භාජනයක තෙල් රත් කර ළුණු, සුදු ළුණු සමඟ මාළු මිරිස් saute කරගන්න. පසුව චිකන් ස්ටොක්, තක්කාලි සෝස්, සොයා සෝස්, විනාකිරි, සීනි එක්කර තම්බෙන්නට හරින්න. එයටම සැල්දිරි සහ දියකරගත් කොන් පිටි එක් කරන්න. අවසානයේ බැදගත් කුකුල් මස් සහ තල තෙල් එක් කරන්න.