Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

නිළියක් වගේ ලස්සන වෙන්න හාල් සෝදන වතුරෙන් කරන ඉන්දියානු රහස් බෙහෙත් වට්ටෝරුවක්

ඉන්දියානු කාන්තාවන් ලස්සන වෙන්න බොහෝ ඖෂධ වට්ටෝරු භාවිතා කරනවා. මෙහි විශේෂත්වය වන්නේ ස්වභාවික ඖෂධ ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ඔබත් නිළියක් වගේ ලස්සන වෙන්න නම් මේ බෙහෙත් වට්ටෝරුව භාවිතා කරන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :
කැකුළු හාල් පිටි ටිකක්
මුදවපු කිරි ටිකක්
කහ ටිකක්

මේ සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. සාදා ගත මිශ්‍රණය මුහුණේ උඩු අතට ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

ඒ වගේම තවත් මෙවැනිම ප්‍රතිකාරයක් නම්,

අවශ්‍ය ද්‍රව්‍ය
සහල් මේස හැඳි 03ක්
කිරි මේස හැඳි 01ක්
මී පැණි මේස හැඳි 01ක්

සහල් ටිකට වතුර එකතු කර විනාඩි කිහිපයක් තම්බා ගන්න. උණු කරගත් කිරි ප්‍රමාණය සමඟ සහල් හොඳින් අනා ගන්න ඉන්පසු එයට මි පැණි මේස හැන්ද මිශ්‍ර කරගන්න. ඉන්පසු මෙම මිශ්‍රණයෙන් මුහුණ සෝදා තෙත මාත්තු කර වියලෙන්නට හරින්න. ඉන් පසු සහල් තම්බා ගත ජලයෙන් සෝදා හරින්න. මෙය සතියකට වරක් මාස 2ක් යනකම් සිදු කරන්න එයින් ඔබට වඩාත් රූමත් මුහුණක් ලබා ගත හැකියි. ඔබත් මේ රහස් වට්ටෝරුව භාවිතා කරලා බලන්න.

Popular Articles