චාරිකා – 04 කොටස

Categories

Share

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.
කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා

 

තේජයි මමයි ඉඳගෙන යන්න ඕනේ නිසා ඉඩ තියෙන බස් එකක් එනකල් හිටියා. ඒක නිකන් අවංක පෙම්වතෙක් හොයනවා වගේ පට්ට අමාරු වැඩක්. ඒත් කමක් නෑඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කිව්වලුනේ….”

අස්සේ මල්සරා ආවා යාළුවෝ දෙන්නෙක් එක්ක. හම්මේඑයාගේ ලස්සන. මාව නිකන් බටර් වගේ දියවෙනවා මූව දැක්කම. ෂික්ඒක හරියන වැඩක් නෙමේ. කොල්ලෝ ඇලජික් ලෙවල් එකට ඉන්න ඕනේ.

අන්න උඹේ මල්සරා දුන්න අරන් ඇවිත්….” තේජා මගේ උරිස්සට අනින ගමන් කිව්වා.

ඉතිංමට මොකද…?” එහෙම කිව්වට මොකද ළඟටම ඇවිත් ඉද්දි හොඳ photo එකක් ඇස් වලින් අරන් කොල්ලව analyze කරගැනීමේ මාර ඕනේ කමක් මට තිබුණා. බෑබෑකොල්ලෙක්ට second වෙන්න බෑ එහෙම කියලා. ඉවසපන්පපුවඉවසපාන්කියලා මං අත්දෙකේ ඇඟිලි ගුලිකරගත්තා.

බස් එකක් ආවා. හිටගෙන යන්න තත්වෙට ඉඩ තිබුණා

යමන් බන්ඉඳන් යන්න හිටියොත් වෙලා යනවා. දැනටත් හයට ළඟයි…” කියලා තේජා මාවත් ඇදගෙන බස් එකට නැඟ්ගා.

මල්සරත් දනිපනි ගාලා ඒකට නැඟ්ගා.

අරූ බෙල්ල කඩාගන්න හදනවද ඔහොම බස් වල එල්ලිලා…” තේජා දෝස්මුරයක් දැම්මා.

ඉතිං අපිට මොකෝ…..” මම එහෙම කිව්වට මිනිහා එල්ලුන විදියට බඩ පපුව හෝස් ගාලා ගියා.

මොකක් කිව්වාකෝ බලන්න කියපු කටඅනේ අම්මපා ධරණීඋඹ නම් මාර කෙල්ලෙක් බන්…. මෙච්චර වෙලා ඌට නැහෙන්න හදලා දැන් කියන කතාව….” තේජා එහෙම කිව්වට එයා දන්නේ නෑනේ මම බය වුණ තරම.

මල්සරා සෙනඟ අස්සෙන් එබි එබි මං දිහා බලනවා. පව් කියලත් හිතුනා. වුණාට පැනලා දෙන්න ඕනේ නෑ. “හිටපන් ඔහොම..” කියලා මම ඇස් දෙකට කිව්වා.

අන්න අරූ සත් සමුදුර පීනගෙන මෙහෙට එනවා….” තේජා මල්සරා ගැන මාව update කරනවා.

අහක බලන් හිටපන්දැන් උඹනේ දිහා බලන්නේ…” මම ජනේලෙන් එළිය බලන් හිටියා

මල්සරා දුනු ඊතල ඔක්කොම අරන් ඇවිත් මං ළඟට. පපුව ගැහෙන සද්දේ ෂුවර් ඌට ඇහෙනවා. හයියෝ…. බස් එකේ හිලක් හදන් අතුරුදහන් වෙන්න හිතයි මට.

ඔයා හැමදාම ආවේ දිමුත් සර්ගේ class ….” මල්සරාගේ පළවෙනි ප්රශ්ණේ

අනික් එවුන් වගේ ඇඹරිලි නෑ. දෙකට නැවිලි නෑ. වෙව්ලිලි නෑ. වන්දි බට්ටයෝ, ඇම්බැට්ටයෝ නෑ. මිනිහම ඇවිත් කතා කළා.

ඔව්….” මම ටිකක් respect පිට කිව්වා.

මං අදමයි ඔයාව class එකේ දැක්කේ….” මල්සරා කිව්වා.

ඒකනේ වස්තුවේමමත් අදමනේ ඔයාව class එකේ දැක්කේකොහෙද දෙයියෝ මෙච්චර දවසක් හැංඟිලා හිටියේ….” කොහොමට තියෙයිද මම එහෙම ඇහුවා නම්මිනිහට කලන්තේ දාලා වැටෙයි බස් එකේ.

ඔයා ධරණි නේද…” මල්සරා ඇහුවා.

ඉවරායිඋඹ ඉවරායි…. ධරණි මැරියන් බස් එකෙන් පැනලා….” හිත කෑගහන්න ගත්තා. මේ යකා CID එකේ පොරක්ද…??? දැක්කෙත් එක දවසයි. ඩිංගට නමත් හොයන්.

ඔයා කොහොමද දන්නේ…?” මම ඇහුවා. මම ගැන කිව්ව එකා හොයාගන්නත් ඕනෙනේ.

ඕනේ කමක් තියෙනවා නම් එහෙම තමයි….” හෙණ ගහපිය ගණන් බලාපිය කිව්වලු. මේ බලහන්කො මූ.

මොකක්ද ඕනේකම…?” මම හරස් ප්රශ්ණ ඇහුවා.

ඔයාව අඳුරගන්න…” මූ නම් ලෝක අණ්ඩයෙක්.

ඇයි මොකටද…?” මම තදින් හිටියා. බස් එක හයියෙන් යන නිසා හයියෙන් අල්ලන් හිටියා. එච්චරයි. මදිවට තේජා කැත විදිහට හිනාවෙනවා එහා පැත්තේ ඉඳන්. ඔක්කොටෝම කලින් ඒකි දත් මිටි කන දත් ටික යවන්න හිතයි උණ්ඩුකපුඡෙටම.

ලස්සන ගෑණු ළමයෙක් අඳුරගන්න ඕනම කොල්ලෙක් කැමතියි. ඒකයි…” මූ ඩිබෙට් ටීම් එකේ ඉන්නවද දන්නේ නෑ ඉස්කෝලේ.

ඇත්තද….?”

හ්ම්ම්ඇයි ඔයා ලස්සන නැද්ද…?” මල්සරා මගේ කණටම ළංවෙලා ඇහුවා. පාර නම් ඇඟේ හිරිගඩුත් පිපුණා. මූ නම් අමුතුම සත්වයෙක්.

මම දන්නේ නෑ ඒක….මට ඒක අදාළත් නෑ…”

ඔයා ලස්සනයි ධරණි. ඇත්තටම….” මේ සුරංඟනා කතා වලට රැවටෙනවද? නැත්තන් අතෑරලා දානවද මේ සීන් එක කියලා මම හිතුවා.

ඔයාගේ නම මොකක්ද…?” මල්සර කිය කිය ඉන්න වෙලේ නමවත් දැනගන්න එපායැ.

මම අපූර්ව….” වාව්මිනිහට නම් නම ගැලපෙනවා. කරන්නෙම එහෙම වැඩ නිසා.

ලස්සන නම….” මට කියවුණා.

නම විතරද….?” ඔන්න ඕකනේ ඉතිංමළ කෝලං….

ඔයාට අහගන්න ඕනේ ලස්සනයි කියලා නම්හාඔයා ලස්සනයි…” මම හිනාවක් එක්ක කිව්වා.

මම හෙට ඉස්කෝලේ එන්නේ නෑ ධරණිහෙට school bus එකේ මාව හොයන්න එපා….” මම බහින්න ළං වෙද්දි අපූර්ව කිව්වා.

මට හිතාගන්න බැරිවුණා ඇයි අපූර්ව එහෙම කිව්වේ කියලා.

ඇයි ඔයා එහෙම කිව්වේ…?” මම බෑග් එක කරට දාගන්න ගමන් ඇහුවා.

හෙට හවසට ඔය ඇස් මාව හොයලා කඳුළු පුරෝගනී. ඒකයි….” අපූර්ව කියද්දි මට හිනාගියා.

පිස්සු…. මගේ මොළේ කරවෙලා නෑ තාම….” කියලා මම තේජත් එක්ක බැස්සා.

මොනවද අරූ කියන්නේ….?” තේජා බැහැපු ගමන් ඇහුවා.

අරූ මූ නෙමේ…. එයා අපූර්ව….” මම තේජට කොල්ලගේ නම කිව්වා.

ලස්සන නමක් නේ බන්….”

හරි අමුතුයි. අනික් කොල්ලෝ වගේ ගැඩවිල් පණුවෙක් නෙමේ….” 

හා..  හාමේ චරිත සහතික දෙන්න උඹ ග්රාමසේවක නෙමේනේ…. ගණන් ටික හදන් වරෙන් chemistry. නැත්තන් අරයා ඔයාට චරිත සහතික දෙයි….” තේජා එහෙම කියලා යන්න ගියා.

අපූර්ව මගේ හිත අරන් ගිහින් දෙයියනේ. ගෙනත් දීපන්. මට exam.

 

මතු සම්බන්ධයි.

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

[su_button url=”https://thewoman.lk/charika-03/” target=”blank” background=”#f4e4f1″ color=”#090808″ icon=”icon: reply”]චාරිකා 03[/su_button]

Author

Share