16.6 C
New York
Friday, October 7, 2022

Buy now

චාරිකා – 05 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.
කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා

පහුවදා ඉස්කෝලේ ඇරිලා මම තේජා එක්ක හෝල්ට් එකට ආවා.

“උඹ මොනාද කැරකි කැරකි බලන්නේ…” තේජා වයින් කරපු බෝනික්කා වගේ කැරකෙනවා.

“විදුරංගයා අද නෑනේ බන්….” හෑහ්…. මේකි මොකාටද එන්න හදන්නේ…?

“උඹ මොකටද ඌව හොයන්නේ….?”

“නෑ ඉතිං වෙනද මෙතන රඟාගෙන ඉන්නවනේ… නැති වුණාම හරි පාළුයි බන්….” මට බකස් ගාලා හිනාගියා.

“අනේ නොදකින්…. ඌයි උගේ රැඟිල්ලයි…. මොක වුණත් තව මාසයයි දෙකයි නේ…. ඊට පස්සේ උගේ තැනට වෙන කුකුළෙක් පාත් වෙයි…..”

“ඇත්තටම ඇයි බන් කොල්ලන්ට කුකුළා කියන්නේ…?? බැරිද නිකන් පාත්තයා, කළුකුමා වගේ නමක් දාන්න… පැස්බරා… ඒකත් මරු….” අද තේජා කෑවේ මං කාපුවම තමයි. හැබැයි හරියට ජීර්ණය වෙලා නෑ. ඒකනේ මේ අවුල.

“අන්න මහ කුකුළා එනවා කිකිළියෝ ටික වට කරන්….” විදුරංග ඈතින් මතුවෙන කොට හෝල්ට් එකේ හිටිය කිකිළියෝ ටික ඇවිස්සුනා. ඌ නම් සිරාම කුකුළ් රජෙක්.

මහ කුකුළා කෙලින්ම ඇවිත් නතර වුණේ මං ළඟ. මම කිකිළියක් නෙමේ… මූට මොකද වුණේ…??? මම තේජා දිහා බැලුවා. ඇත්තම කිව්වොත් ඒ වෙලාවේ මුළු ටවුන් එකේම එවුන් අපි දිහා බැලුවා. මට නම් එතනම වැළලෙන්න හිතුනා.

“නංඟි මට ඔයා එක්ක කතා කරන්න ඕනේ….” විදුරංගයා නිකන් IRC කාරයෙක් වගේනේ.

එකෙක් නම ගම හොයන් CID එකෙන් වගේ. අනික් එකා මෙහෙම. මේ මොන හත්වළාමක්ද මට පාත් වෙන්න යන්නේ….?

“මොනවා කතා කරන්නද…?” එදා ඉඳන් දිරෙව්වේ නැති චරිතේ ළඟටම ආවම තවත් එපා වෙනවා. මම කෝකටත් තේජගේ අත අල්ල ගත්තා. කරන්න දෙයක් නෑ.

“ඒක මෙහෙම කියන්න බෑ. සෙනසුරාදා class ඉවර වුණාම මම එන්නම් meet වෙන්න. අවුලක් නෑනේ….” කියාගෙන මිනිහා පාවෙලා ගියා.

මට “එපා….” කියන්නවත් වෙලාවක් නොතියම. කෙල්ලෝ මං දිහා කන්න වගේ බලන් ඉන්නවා මම දැක්කා. පුළුවන් නම් මුන් මගෙන් සාම්බාරු හොද්දක් හදයි ටවුන් එක මැද්දෙම.

“මොකක්ද බන් ඒ කඩන් පාත් වුණ මරාලේ…?” තේජා මගේ අත තද කරන් අල්ලගත්තා. මාත් මාර මිනිහෙක්ගේ අතක් අල්ලන් ඉන්නේ. ඌ මට වඩා බය වෙලා.

“අනේ මංදා බන්… මටත් හිතාගන්න බෑ. හැබැයි බලහන්කෝ වට පිටාවේ මූණු… මගෙන් ඩෙවල් එකක් හදන ගාණට ඇවිත් නේද..?”

“ඒකත් මරු වැඩේ බන්… මුන් නිකන් අර මොනවද ගිලපු එවුන් වගේ බලන් ඉන්නේ….”

“මොනවත් නෙමේ බන්… ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ….” මම තේජව දැනුවත් කළා. උගේ ඔළුවේ science ඇරෙන්න සිංහල භාෂාව තඹ අරික්කාලක් නැද්ද කොහෙදෝ.

School bus එකට නැඟපු වෙලේ ඉඳන් එක එකා මන්තර ජපකරන්නා වගේ කියවනවා.

“මෙහ්… උඹේ මල්සරා අද එන්නේ නෑ කිව්වා නෙහ්….” තේජා අහද්දි තමා මට අපූර්ව මතක් වුණේ.

අර ලකඩන් පූසෙක් හින්දා මට ඒ කොල්ලවත් අමතක වුණා.

“ඔව් ඇයි….?” කියලා අහන ගමන් මම වටපිට බැලුවා.

අපූර්ව අපූරු හිනාවක් එක්ක මං දිහා බලන් ඉන්නවා. ඒක නම් SR හිනාවක්. හොඳ වෙලාවට පාරෙදි ඔය හිනාව දැම්මේ නැත්තේ. නැත්තන් ෂුවර් මාව ගිහින් light කණුවක හැප්පෙනවා. අර SR ඇඩ් එකේ වගේම.

“අද එන්නේ නෑ කිව්වා නේ…?” අපූර්ව සත් සමුදුර පීනගෙන මං ළඟට එනකල් ඉඳලා ඇහුවා.

“මම uniform හිටියට ඉස්කෝලේ ගියේ නෑ. ඔයාව බලන්න ඕන නිසා ආවා…”

ඒක නිකන් හරියට,
“මල් ලෝකේ මහා භෘංග රාජයා… ආවේ රොන් සොයා…” වගේ සීන් එකක්.

“ඇයි ඉස්කෝලේ ආවේ නැත්තේ…?”

“අද ගෙදර වැඩ වගයක් තිබුණා සුදූ… ඒකයි….” අපූර්ව කණට ළං වෙනවා වැඩියි අනේ.

“සුදූ….?” මම ඔළුව කරකවලා අපූර්ව දිහා බැලුවා.

“ඇයි එහෙම කියන්න එපාද…?” අනේ මංදා මේ කොල්ලා නම්… වීසා නැතුවම රට යන්නනේ හදන්නේ. හිතන් ඉන්නවද දන්නේ නෑ මමත් මාලදිවයින වගේ On Arrival Visa කියලා.

“මොනවද විදුරංග ඇවිත් කිව්වේ….” කෙළියා තාප්පෙට. මේක ඒක දැකලනේ.

“මාව meet වෙන්න ඕනේ කිව්වා…”

“ඒ මොකටද….?” අපූර්ව අප්සට් වෙලා වගේ.

“මම දන්නේ නෑ… සෙනසුරාදා එනවා කිව්වා…”

“ඒකත් එහෙමද…?”

අපූර්ව හොඳටම අප්සට් වෙලා කියන එක නම් තේරුනා. මටත් විදුරංගව meet වෙන්න කිසිම ඕන කමක් තිබුණේ නෑ.

“මට එයාව meet වෙන්න ඕන නෑ අපූර්ව… මම ඇත්තටම එයාට කැමති නෑ.. හරි පණ්ඩිත කොල්ලෙක්….” මම ඇත්තම කිව්වා.

“කමක් නෑ. මිනිහා මොකට එනවද දන්නේ නෑනේ. කතා කරලා බලන්න….” අපූර්ව ලොකු හුස්මක් අරන් කිව්වා.

“බලමුකෝ….” මමත් ඒ වගේම හුස්මක් ගත්තා.

අපූර්ව ඒකට මං දිහා බලලා හිනාවුණා.

“එපා මැණිකේ හිත විතරක් කිසිවෙකුටත් දෙන්න…..” මම බහින්න යද්දි අපූර්ව හිමින් කිව්වා.

මෙයා නම් අනවසර ඉදිකිරීමක් කරන්න යන්නේ.

“උඹ අපූර්වට love නේද…?” තේජා බස් එකෙන් බැස්ස ගමන් ඇහුවා.

මට ඒකට මනමාල හිනාවක් ගියා.

“එහෙම දන්නේ නෑ බන්… ඒත් මම කොල්ලට කැමතියි… වැඩිය දුර හිතන්න එපා තේජා. උඹ කියනවා වගේ මට මේ අටමඟලෙන් ගොඩ ඇවිත් ජොබ් එකක් කරන්න. තාත්තා පව් බන්. අම්මා නැති එකට එයා විඳවනවා. හොඳ වෙලාවට ගත්ත ගෑණි ඔළුව කන අම්මණ්ඩියෙක් නෙමේ. ඒක නිසා දෙයියනේ කියලා ඉන්නවා….”

“උඹේ අම්මා නොවුණට ආන්ටි හරි හොඳයි බන්. එයා බයයි මොකක් හරි දෙකින් උඹට වෙනස්කමක් වෙයි කියලා… එහෙම පුංචි අම්මලා හරි අඩුයි බන් මේ ලෝකේ….”

“ඒක මම දන්නවා. එයා මට ආදරෙයි. නංඟිටයි මටයි දෙන්නටම එක වගේ සළකනවා… ඒ වුණාට තාත්තා කට්ට කෑවා ඇති….”

කොල්ලෙක් ගැන හිතන්න කලින් exam ගොඩදාගන්න ඕනේ. මගේ තාත්තා මිනින්දෝරුවෙක්. එයා ගෙදර එන්නේ සිකුරාදට. ආයේ සඳුදා උදේ යනවා. දැක්කම හරි පව් කියලා හිතෙනවා. ඒ වුණාට තාත්තා ජොලි පොර. මගෙයි නංඟිගෙයි සියළු අමන වැඩ වලට තාත්තා full support. අම්මව අවුස්සන එක තරම් fun වැඩක් අපි තුන් දෙනාට නෑ. අම්මට තරහා ගියාට අපිව හරි පරිස්සමින් බලාගන්නවා එයා.

මතු සම්බන්ධයි.

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

චාරිකා 04

Related Articles

Stay Connected

0FansLike
3,518FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles