Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

සතියේ ඉරණම

මේෂ
ලාභ ප්‍රයෝජන අඩුයි. තමන් කරන කියන යම් යම් කටයුතු නිසා සිත් තැවුල් කණගාටු පාඩු සිදුවිය හැකියි. සති අග කතාව වැඩි වේ. හිතවතුන් ලං වේ.විනෝදයෙන් කාලය ගත කරන්න. සතිය ඔබට අවනත වේ.

වෘෂභ
පවුලේ ප්‍රදානත්වය හිමිවෙන, කරන කියන දේ සපල වන සුබම සුබ සතියක්.සතියේ මැද ටිකක් කරදරකාරී වේ. කල්පනාකාරී විය යුතුයි. වතුර නිසා ප්‍රශ්න ඇති වේ.සතිය අග කාලය පරිසරය වෙනස් වේ, සතුට ඇති වේ, කරදර පහව යයි,ඇත මිට සරු වී දියුණුව ගෙන දේ.

මිථුන
මිථුන රැසින් උපන් ඔබට සතිය සුභයි.බලාපොරොත්තු දහසක් ඉෂ්ට සිද්ධ වන සුබ සතියක්. සතිය අග කණගාටුදායක වේ. සමාජයෙන් පොඩි පොඩි අකටයුතුකම් ඇතිවේ.

කටක
හදිසි ගමන් බිමන් යෙදේ. සමාජය තම වෙත ප්‍රිය වේ. මුදල් යහමින් ලැබේ. කරන කියන දේ සඵල වේ.සුභම සුභ සතියක්.

සිංහ
සතිය ආරම්භය ටිකක් විෂමකාරී වේ.යම් යම් ශාරීරික අපහසුතාවයන් ඇතිවන සතියකි. සතිය මැද සුභයි.කරදර පහව යයි. ආගම දහමට නැඹුරු වේ. හදිසි ගමන් බිමන් සුළු සුළු වාසි සැලසේ. සති අග සුභයි.

කන්‍යා
සැපවත් නින්දක්, දිව පිනවන රසැති ආහාර, බොහෝ දෙනාගේ ආදරය ලැබෙන සතියක්. කෙටි හෝ හදිසි ගමන් බිමන් හිතවතුන් හමුවේ. සති මැද ටිකක් ප්‍රවේශම් විය යුතුයි.රිය අනතුරු පෙන්නුම් කෙරේ. සති අග සුභයි. ආර්ථික වාසි ලැබේ.

තුලා
ඉතාම සුභ සතියක්.ධන ලැබ ගෙන දේ. අමුත්තෝ හමුවේ. කරන කියන දේ සාර්ථක වේ, දියුණු වේ. සති අග ප්‍රවේශම් විය යුතුයි. අනතුරුදායකයි. සතුරු කරදර ඇතිවේ.යම් යම් භය ගෙන දෙන ප්‍රශ්න ඇතිවෙන බැවින් කල්පනාකාරී විය යුතුයි.

වෘශ්චික
සතිය ආරම්භ කරන්නේ සෘජු අදහස් ප්‍රකාශ කිරීමෙන්. සති මැද ව්‍යාපාර දියුණුව හා ඇත මිට සරුවන සතියක්. අමුත්තන්ගේ හමුවීම හිතවතුන්ගේ ආදරය ලැබේ. සති අග සුභයි. සුවබර වාසනාවන්ත සතියක් වේ.

ධනු
නින්ද නැති වේ. සතියේ මැද නව අධ්‍යාපනයට හිත යොමු වේ. සති අග ඉතාමත් සුභයි. අතමිට සරු වේ.

මකර
ඉතාම සුභ සතියක්.වෙනදට වැඩ ධෛර්ය සිතේ ඇතිවේ.සතියේ මැද සතුරු කරදර, බාධාවල්,රාජකාරි කටයුතු බහුල වේ. සති අග ක්‍රීඩාවට සිත් පහල වේ.

කුම්භ
කථාව නිසා සියල්ලෝ ප්‍රියමනාප වේ. ව්‍යාපාර වලින් අතමිට සරු වේ. සති අග කල්පනාකාරී විය යුතුයි. සතුරු කරදර නිසා සිත් තැවුල් ඇති වේ. අවෙගශීලි වේ. නොකරපු වරදකට හසු වේ. කල්පනාකාරී වුවහොත් මේ තත්වයෙන් මිදී ජය ගත හැක.

මීන
මල් හතයි. ස්ත්‍රීන් පුරුෂයන් වශිවේ, පුරුෂයන් ස්ත්‍රීන් වශී වේ. දිව පිනවයි, රසැති ආහාර ලැබේ. ශරීරය ගැන සොයා බලයි. කථාවෙන් සියල්ලන්ම වසඟයට ගනී. ව්‍යාපාර දියුණුව සැලසේ. කරන කියන දේ සාර්ථක වේ.ප්‍රශංසා ලැබේ.

 

Popular Articles