සිංහල සිරිත් විරිත්

Categories

Share

මෙම ලිපි පෙලින් හදුන්වා දෙන්න උත්සාහ කරන්නේ සිංහල සිරිත් විරිත් හා සම්බන්ධ තොරතුරුයි. “සිරිත් විරිත් ” යන පද දෙක “චාරිත්‍ර වාරිත්‍ර ” යන පද දෙක හා බැඳෙයි. සිතාමතා කරන දේවල් “සිරිත්” හෙවත් “චාරිත්‍ර”ලෙසත් සිතාමතා නොකරන දේවල් “විරිත්” හෙවත් “වාරිත්‍ර”  ලෙසත් හඳුන්වයි.

සිංහල සිරිත් විරිත් ලිපි පෙලේ පළමු ලිපිය ලෙස ඉදිරිපත් කරන්නේ වැසි නැති කාලයට වැසි ලබා ගැනීමට සිංහල මිනිසුන් කරනා දේවල්ය.

අතීතයේ වැසි ඇතිවන ආකාරය නොදත් ගැමියා වැස්ස යනු දෙවියන්ගේ  ක්‍රියාවක් ලෙස සිතුහ.  වැසි නැති කාලයට දේවයන් සතුටු කොට වැස්ස ලබා ගැනීමේ අරමුණින් ගැමියන් නොයෙක් දේ සිදුකර ඇත.  පෝය දිනක ගැමියන් එකතුවී තිසා වැවට ගොස් ශ්‍රී මහා බෝධිය නාවති . එය “පැන් පෙරහැර” හඳුන්වයි.  වැස්ස ලබා ගැනීමේ තවත් සිරිතක් නම් “දිය කැපීම” දළදා පෙරහැර අවසානයේ පැවැත්වෙන දිය කැපීමේ මන්ගල්යයෙන්ද බලපොරොත්තුවනේ ද වැසි ලබා ගැනීමයි.

බුදු පිළිම වහන්සේට “නානු මුර” කිරීම ද වැස්ස ලබා ගැනීමේ සිරිතක් ලෙස සැලකේ.

ගම්බදව පැවැත්වෙන “අං  කෙලිය” “පොල් කෙලිය” ආදී ක්‍රීඩා ද වැස්ස ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සිරිත්ය . නියාගන හමාර කරවා  වැසි වස්සවා  ගැනීමේ අරමුණින් පත්තිනි දෙවියන් හමුවේ මෙම ක්‍රීඩා පැවැත්වේ. පොර පොල් ක්‍රීඩාවද මේ අරමුණින් සිදු කරයි.

“වස්” යනු වර්ෂාව යන තේරුම දෙන පදයකි. මේ කාලයේ පන්සලේ හාමුදුරුවරු “වස් සමධන් වී”  තුන් මසක් එක දිගට වස් වසති. ගිලම් පස පුජා, බෝධි පුජා, ධර්ම දේශනා, සති පිරිත් ආදිය මේ කාලයේදී රට පුරාම ප් පැවැත්වේ. මේ පින්කම් අතර වැදගත් තැනක් ලබනේ “කටින පින්කමයි.

 

 

Author

Share