තමන්ට ගැලපෙනම මංගල සාරිය තෝරන්න දන්නවද

Categories

Share

විවාහය කියන්නේ තරුණියකගේ ජිවිතේ වැදගත්ම අංගයක්. එදාට ලස්සනට හැඩ වෙන එක තරුණියකගේ හීනයක්. අවට ගියාට මංගල ඇඳුම් තෝරාගන්නේ නැතුව අතේ ඇති මුදලට වඩාත්ම සුදුසු ගැලපෙන ඇඳුම් තෝරාගන්නේ කොහොමද කියල අද අපි බලමු.

මිල

මුලින්ම මංගල සාරිය සඳහා වියදම් කළහැකි මුදල තීරණය කල යුතුයි. මනාලිය අනිවාර්යයෙන්ම සිය මංගල දිනයට ඉතාමත් වටිනා, මිලෙන් අධික සාරියක් තොරා ගත යුතුයි කියල නියමයක් නෑ. මංගල සාරි විවිධ මිල ගණන් යටතේ විවිධ රෙදි වර්ග වලින් තිබෙනවා. තමන් තීරණය කල මිලට ගැලපෙන සාරියක් තෝරාගන්න උත්සහ කරන්න.

සිරුරේ හැඩය

දෙවනුව ඔබ සාරියක් තෝරාගැනීමේදී ඔබේ ශරීරයේ හැඩය ගැනත් හිතන්න වෙනවා. ඔබ තරමක් මහත කෙනෙක් හරස් අතට විශාල මෝස්‌තර සහිත සාරි තෝරාගන්න එපා. ඒවගේම පිම්බි ඇති සාරියක් නැතුව ඇඟටම ඇලී ඇති කඩා හැලෙන සාරියක් ඔබට ගැලපෙනවා. දික් අතට මෝස්‌තර ඇති ක්‍රේප් සිල්ක් සාරි හෝ ළගින් ළඟින් මෝස්‌තර වැටී ඇති ලේස් සාරි වුවත් මහත සිරුරක් ඇති අයට ලස්සන පෙනුමක් ගෙන එනවා. පොටට සහ නෙරියට කුඩා බෝර්ඩරයක් තිබෙන සාරිත් මහත් සිරුරක් තියෙන අයට ගැලපෙනවා.

ඔබ කෙට්ටුයි නම් ඔබව තරමක් මහත් කර පෙන්වන සාරියක් තමයි ගැලපෙන්නේ. පල්ලුවේ බෝර්ඩරය පළල පෙනෙන ආකාරයට තිබුණහොත් ඔබව පිරිපුන් කෙනෙක් ලෙස පෙනේවි. ඒවගේම සිහින් සිරුරක් ඇති කෙනෙක්ට නම් සාරියේ රැලි තරමක් වැඩිපුර යෙදුවාම ලස්සනයි. රැලි තරමක් විශාලව පළලට සැකසීමෙන් සිහින් කෙනෙක්ට තරමක් පිරුණු මහත පෙනුමක් ලබාගන්න පුළුවන්.

සිරුරේ වර්ණය

ඊළගට ඔබේ අවධානය යොමු විය යුත්තේ සමේ වර්නයටයි. සාරිය කොයිතරම් ලස්සන් වුනත් එය ඔබේ හමේ වර්ණයට ගැලපෙන්නේ නැත්නම් ඔබව අවලස්සනට පෙනෙනවා මිසක් සාරිය ලස්සනට පෙනෙන්නේ නෑ. වර්ණ ගැලපීම පිළිබද ඔබට අදහසක් නැත්නම් හොදම දේ තමයි ඔබේ රුපලාවන්‍ය ශිල්පිය හෝ ශිල්පිනියගේ සහය ලබා ගැනීම.

සාරි අදින ක්‍රමය

මංගල දිනයට සැලසෙන්නේ කුමන විලාසිත ක්‍රමයකට කියන එක තීරණය කල යුතුයි. එය තැන සිටින ප්‍රදේශය අනුවත් වෙනස් වෙනවා. උඩරට ප්‍රදේශ වල තරුණියන් බොහෝ විට ඔසරිය අන්දිමටත් පහත රට ප්‍රදේශ වල තරුණියන් වේල් දම සාරි දීමටත් කැමැත්තක් දක්වනවා. ඔබ මංගල සාරිය මිලදී ගැනීමට යාමේදී ඔබ එය අනදින ක්‍රමය ගැනත් තීරණය කල යුතුයි. ඒ ඒ ක්‍රමය ගැලපෙන පරිදි මෝස්‌තර දැමු සාරියක් මිලදී ගන්න. මොකද සමහර සාරි තිබෙනවා අඳින්න පුළුවන් වන්නේ ඔසරිය විතරයි. ඒ නිසා සාරියක් තෝරාගැනීමේදී ඒ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

 

 

Author

Share