Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

පුංචි ළමයි කන්න ආසම ඉක්ලෙයාර්ස් ගෙදරදීම හදමු

පුංචි ළමයි ගොඩක්ම කැමති කෑමක් තමයි ඉක්ලෙයර්ස් කියන්නේ. ඉතින් අද ඔයාලට කියාලා දෙන්නේ ගෙදරදීම ඔබගේ දුවට පුතාට ඉතාමත් රසවත් ඉක්ලෙයර්ස් සාදා ගන්නා ආකාරය යි.

ඉක්ලෙයාර්ස් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

පිටි 300g
බටර් 200g
වතුර 500ml
බිත්තර 5 – 8
ලුණු 8g
සීනි 8g
වැනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය

1) අඩිය ඝනකම් භාජනයක් ගෙන එයට වතුර දමා ලිපේ තබා රත් වී එන විටදී බටර් දමා හොඳින් බටර් දියවන තුරු කවලම් කරන්න. දැන් එයට ලුණු, සීනි හා
වැනිලා දමා කවලම් කර ගන්න.

2) ඉන්පසු එයට ලිපෙන් බාගෙන පිටි දමා කවලම් කරගන්න. හොඳින් ගුලියක් වන තුරු අනා ගන්න.

3) නැවත එය ලිපෙන් තබා මඳ ගින්නේ ස්වල්ප වෙලාවක් රත් කර ගන්න.

4) එය භාජනයකට දමා නිවෙන්නට හරින්න.

5) දැන් එයට බිත්තර ක්‍රමක්ක්‍රමයෙන් දමා එක් දිශාවකට විනාඩි 15ක් පමණ කලවම් කර ගන්න.
( එක් පැත්තකට පමණක් කලවම් කිරීම කල යුතුයි. )

6) පයිපින් බෑගයක් රැගෙන එයට මිශ්‍රණය පුරවා අවශ්‍ය හැඩයට මිරිකා ගන්න.

7) 200 °C උෂ්ණත්වයට විනාඩි 20 – 30 අතර කාලයක් බේක් කරගන්න.

 

නිවුණු පසු බටර් ක්‍රීම් හෝ චොක්ලට් ක්‍රීම් ඇතුලට තවරා උඩින් චොක්ලට් ක්‍රීම් තවරා ගන්න.

 

 

Popular Articles