Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

සිහින සහ සිදුවීම් වලින් කියවෙන සුබාසුබ

කිරි බඳුනක් රැගෙන යන කතක් ඔබ ඉදිරියට පැමිණියොත්
ඔබ, යම් රාජකාරි කටයුත්තකට යන විට ඔබ ඉදිරියට ” කිරි බඳුනක් රැගෙන එන “ දරුවකු, ස්ත්‍රියක හෝ පුරුෂයෙකු මුණගැසුනොත් එය ඉතා සුබඵල ගෙනෙන දසුනකි. ඔබට රැකියාවේ උසස් වීමක් ලැබේ. ව්‍යාපාර දියුණුව සැලසෙයි.මංගල කටයුතු සඵල වෙයි.

දරුවකු ලැබීමට සිටින මවක් මුණගැසුනොත්
යම් ගමනක් පිටත්වීමට එළියට බසින විට ” දරුවකු ලැබෙන්නට සිටින තරුණ මවක් “ ඔබ ඉදිරියෙන් ගමන් කලොත් ඉතාම වාසනාවන්ත දිනයක උදාවකි. ඔබ කරන සියලු කටයුතු වලින් ජයත්, සතුටත් අත්වනු ඇත.

වතුර කළයක් ගත කතක් ඔබ ඉදිරියට පැමිණියහොත්
ඔබ උදසනින් ගමනක් පිටත් වීමට යන අවස්ථාවේ ” වතුර කළයක් රැගෙන එන කතක් ” මුණගැසුනහොත් එම දිනයද ඉතා වාසනාවන්ත දවසක උදාවක් වෙයි.

පාසල් යන දරුවන් දැකීම
පාසල් යන දරුවන් දැකීමෙන් ඔබට ” සතුට “ ලැබෙයි. ඔබේ ” දැනුමද “ වැඩිදියුණු වන දවසකි. කාගේත් ” ආදරය සහ ” කරුණාව “ එදින නොඅඩුව හිමිවෙයි.

ගවයන් රෑනක් ඉදිරියට පැමිණියොත්
ඔබට මුළු දවස තුලම සාමය , සතුට අත්වෙයි. සියලු කටයුතු වලින් ජය හිමිවෙයි. ඒ වගේම නොසිතූ වස්තුන්ද ඔබට හිමිවනු ඇත.

විවිධ කෑම වර්ග රැගෙන එන අයෙකු ඉදිරියට මුණ ගැසුණොත්
පාන් , රසකැවිලි හා නොයෙකුත් කෑම වර්ග රැගෙන එන අයෙකු ඔබ රැකියාවට හෝ ගමනක් පිටත් වන මොහොතේ ඉදිරියට මුණ ගැසුනොත් මුළු දවසම ඔබට සුබයි. විශේෂයෙන් නිවාස, විවාහ මංගල, අත්තිවාරම් කැපීම වැනි කටයුතු වලට යෑමේදී මුණ ගැසී නම් ඉතාම සුබයි.

සිහිනෙන් මුතු ගොඩක් දුටුවොත්
ධන ලාබ හිමිවෙයි. බොහෝ වස්තු ලාබ වලට උරුමකම් කියයි. ජීවිතය වඩාත් යහපත් වෙයි.

යකඩ වානේ සිහිනෙන් දකීනම්
නඩුහබ ඔබට පැමිණෙයි. ඒ නිසා ඔබට බොහෝ කරදර , බාධක ඇති කරයි. උවදුරක් අත ළඟම වෙයි.

විවිධ වර්ණ සහිත මැණික් දුටුවොත්
ඔබේ දිවියට වඩාත් ප්‍රීතිමත් පෙම් පණිවිඩයක් අසන්නට ලැබේ.

රත්ත්‍රන් දුටුවොත්
සොර සතුරු උවදුරු ඔබ සොයා පැමිණෙන අතර, ඔබ බෙහෙවින් බියට පත් වෙයි.

රිදී ගොඩක් දුටුවොත්
ඔබේ වටිනා කියන යම්කිසි දෙයකට හානි සිදුවීමට ඉඩ ඇත. එසේම ප්‍රයෝගවලට හසුවීමටද ඉඩ ඇත.

ඇඟිල්ලේ පළඳා ඇති මුදුවක් දුටුවොත්
ප්‍රේම සම්බන්ධතා ස්ථිර වෙයි. විවාහ කටයුතු වඩාත් සාර්ථකත්වට පත් වෙයි.

 

 

Popular Articles